NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

About

 


මා වයඹ පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශකවරයෙකු ලෙස සේවය කරමි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මා හට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශය(UCSC), කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වැනි දේශීය විශ්ව විද්‍යාල වලින් සහ මැලේසියාව, දකුණු කොරියාව වැනි විදේශීය රට වලට ගොස් ලබාගත් අධ්‍යාපනය තුළින් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් ඇත.

2008 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශය සහ ලොව සුපතළ මයික්‍රොසොෆ්ට් සමාගම ඒකාබද්ධ ව මෙහෙයවන ලද ‘Innovative Teachers’ මෘදුකාංග තරඟයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි කර ගත් මා 2009 වසරේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් විය.

2014 වසරේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම මත දකුණු කොරියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් එහි අධ්‍යාපන අමාත්‍යංශය (Gwanju Metropolitan) මගින් සංවිධානය කළ විශේෂ තොරතුරු තාක්ෂණ පාඨමාලාවකට හා අධ්‍යයන චාරිකාවකට සහභාගි විය.

1999 වසරේ සිට පෞද්ගලික ආයතනවල විවිධ තොරතුරු තාක්ෂණ පාඨමාලා මෙහෙයවමින් විශාල පිරිසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී ඒ ඔස්සේ ඔවුනට දෙස් විදෙස් රැකියා අත් කර දී ඇත. 

2011 වසරේ සිට උසස් පෙළට ICT  විෂය හැදෑරු සිසුන් වැඩි පිරිසක් වාර්ශිකව විශ්ව විද්‍යාල තුළට ප්‍රවේශ කරවා ඇත.

2007 වසරේ දී අ.පො.ස (සාමාන්‍ය පෙළ) සඳහා 10 ශ්‍රේණියේ සිට පාසල් විෂය මාලාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමත් සමග එය වයඹ පලාතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගුරු භවතුන් පුහුණු කර වීමට සම්පත් දායකයෙකු ලෙස කටයුතු කළ අතර 2010 වසරේ සිට අ.පො.ස (උසස් පෙළ) සඳහා පාසල් විෂය මාලාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමත් සමග වයඹ පළාතේ උසස් පෙළ ගුරු භවතුන් පුහුණු කිරීමේ සම්පත් දායකයෙකු ලෙසත් කටයුතු කරමි. මීට අමතරව උසස් පෙළ ICT විෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකසන ලද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය පිළියෙල කිරීමේ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

උසස් පෙළට අමතරව සාමාන්‍ය පෙළ සඳහා ද ICT විෂයට උපකාරක පන්ති මෙහෙයවමින්, වැඩිම පිරිසකට සාමාර්ථ ලබා දෙමින්, කීර්තිමත් ම ගුරුවරයෙකු ‍ලෙස නම් දරා ඇත. මාගෙන් අධ්‍යාපනය ලැබූ සැම සිසුවෙකුටම ඉහලම ප්‍රතිලාභ ලබා දී ඇත. මාගේ අභිප්‍රාය වන්නේ මා පසු පස එන අනුගාමිකයන් බිහි කිරීම නොව, මා පසු කර යන විශිෂ්ටයින් බිහි කිරීමයි. 





0 comments:

Post a Comment

Write your comment and submit as a massage