NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

27 March 2021

2023 AL

  2023 ICT පංතියට නවක සිසුන් බඳවා ගැනේ !


අනාගත ජීවිතය සාර්ථක වෙන්න උසස්  පෙළට නිවැරදිව විෂය තෝරා ගමු !

ඔබට උසස් පෙළ හැදෑරීමට ප්‍රථම තමාටම සීමා කරගත් යහපත් අනාගත ජීවිත අරමුණක් තබා ගත යුතුය. පසුව එම ඉලක්කයට ලඟාවීමට සිහින දැකිය යුතුය. ඒ වෙනුවෙන්ම කැපවිය යුතු ය. එවිට එම ඉලක්කය ඉතා පහසුවෙන් ඔබට ජය ගත හැකි වනු ඇත. එම අරමුණ පිහිටුවා ගැනීමට උපකාරයක් වශවෙන් මම මෙම ලිපිය ඔබට ඉදිරිපත්හි කරමි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව විගස දැන් බොහෝ දෙනා උසස් පෙළ විෂයන් තෝරාගැනීමට උනන්දුවක් දක්වයි. මේ අතරින් බොහෝ දෙන තමාගේ කැමැත්තට නොව අනුන්ගේ රුචිය පරිදි විෂයන් තෝරාගැනීමට පුරුදුව සිටි. මේ නිසා තමන්ට නොගැලපෙන විෂය ධාරාවක නොගැලපෙන  විෂයන් තෝරා ගෙන පසුතැවීමට සිදු වේ. මෙහි දී ඇති වන ගැටළු ලෙස විෂයන් තෝරාගැනීමේ දී සිසුන් සිතන්නේ ලේසි විෂය කුමක්ද කියාය. නමුත් ඔබ සිතිය යුත්තේ ඔබේ අනාගත රැකියාව කුමක්ද යන්නයි. උදාහරණයක් ලෙස ඔබට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය නම් ඔබ ART විෂයයන් තෝරා ගත හොත් ඔබේ අරමුණට ලඟා වීමට නොහැකිය. මේ නිසා ඔබේ අනාගත අරමුණ ප්‍රථමයෙන් තෝරාගන්න.

විද්‍යා, ගණිත, කලා, වාණිජ, තාක්ෂණවේදය යන විෂය  ධාරාවන් ඕනෑම විෂය ධාරාවක විෂයන් දෙකක් සමග ICT විෂය තෝරා ගත හැකිය. රජය මගින් ICT වලට එහෙම ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නේ රටේ සංවර්ධනයට තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ බුද්ධිමතුන් පිරිසක් අවශ්‍ය නිසා. ඒ වගේම දේශිය හා විදේශිය රැකියා අවස්ථා බහුල නිසා. 

නමුත් සමහර අය ඔබට ICT විෂය තෝරාගන්න එපා, උපාධි නෑ, අනාගතයේ රැකියා අඩුයි කියල ඔබට වෙනත් විෂයක් කරන්න උපදෙස් දෙයි. එහෙම කරන්නේ ඒ අයගේ තියෙන නොදැනුවත්කම හෝ කුහකත්වට මිසක් ඔබේ යහපතට නොවෙයි. හැබැයි මම දකින විදියට එක මෝඩ කතාවක්. අද අපි ජීවත් වෙන්න්නේ ICT යුගයේ. සම්පූර්ණ මිනිස් ජීවිතයම ICT වලින් ග්‍රහණය කරගෙන ඇති බව මේ කොරා්නා වසංගතයත් සමග  මුලු ලෝකෙටම ඔප්පු කෙරුවා. දැන් අපේ ජීවිතය පවත්වා ගැනීමට උදව් වෙන්නේ, සියලු සැප පහසුකම් ලබා දෙන්නේ ICT වලින් බව අපි හැමෝම දන්නවා. සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නව රැකියා අවස්ථා බිහි වෙමින් පවතිනවා.  සියලු දේ සිදු වන්නේ ICT වලින්. ඒ නිසා ICT විෂයට වැඩි තැනක් දෙන බව  ICT උපාධිධාරියෙකු වන අපේ ජනාධිපති තුමාත් කිහිප වරක් ම ප්‍රකාශ කළා. ICT විලට වෙනම අමාත්‍යංශයකුත් අලුතෙන් පිහිටෙව්වා. ඕනෙම කෙනෙකුට පේන දෙයක් තමයි වැඩිපුරම රැකියා බිහි වෙන්නේ ICT පැත්තෙන් බව. මේක නොදන්නා අය කියනවා රැකියා නෑ. පඩි නෑ කියලා . ඒක බොරුවක් ලෝකේ ඉහලම වැටුප් ලබා දෙන සුපිරි රැකියා සියල්ල ICT වලින් බිහිවූ ඒවා බව ගොඩක් අය දන්නෙ නැතුව ඇති.

ඔබ කලා විෂය ධාරාව තොරා ගන්නවා නම්  තුන්වන විෂය ලෙස ICT  තෝරාගත්තොත් හරිම වාසියි. හේතුව ඹබට කලා උපාධියකට නොයා ICT  උපාධියකට යන්න පුළුවන්. ඒ කියන්නේ කලා කරලත් ඉංජිනේරුවෙන් වෙන්න පුළුවන් කියන එක. 2012 මගෙ ශිෂ්‍යාවක් ඒක ඔප්පු කලා මොරටු විශ්ව විද්‍යාලයට ගිහින්.

වානිජ විෂය ධාරාවෙන් තුන්වන විෂය ලෙස ICT  තෝරාගන්නා ඔබත් හරිම වාසනාවන්තයි. සාමාන්‍ය වානිජ උපාධියකට නොයා ICT  උපාධියකට යන්න පුළුවන්. ICT විෂය ආරම්භ කළ මුල් කාලයේ වානිජ විෂය ධාරාවත් සමග ICT කළොත් මැනේජ්මන්ට් ෆැකල්ටි යන්න බෑ කියලා සමහරු කීවා. නමුත් 2012 දී Commerce එක්ක ICT කරපු ඉහළම rank එකක් ගත්ත මගේ ශිෂ්‍යයෙක් යි මැනේජ්මන්ට් degree කරලා දැන් හොඳ රැකියාවක් කරනවා. දැන් Commerce කරන වැඩි පිරිසක් ICT විෂය තෝරාගන්නවා. හේතුව Commerce degree ට යන්න නොවෙයි. ඊට වඩා වටින ICT degree කට යන්න. (ICT ත් කරලා Commerce Degree ට යන්න ඕනැ ද ?) අනිත් එක කොමස් කරලා A 3 ගත්ත ළමයින් දිස්ත්‍රික් රෑන්ක් 50 දක්වා එද්දී කොමස් එක්ක ICT කරපු ළමයෙකුට A-2, B-1 විදියට රිසල්ට් එනවා. ඒ ළමය දිස්ත්‍රික්කෙන් 01 / 03 වගේ ඉහලට එනවා. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි කොමස් එක්ක ICT කරපු නිසා. දිස්ත්‍රික් ප්‍රථමයන් බොහෝමයක් ICT කරපු ළමයි. මතක තියා ගන්න, කොමස් කරලා A 3 ගත්තු ළමයි දහස් ගණනකට විශ්ව විද්‍යාල වරම් අහිමි වෙන කොට ICT සමග කොමස් කරපු ICT වලට C හෝ B තිබුන ළමයින්ගේ (AAB හෝ AAC)  Z- අගය ඉහල නිසා විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් වුනා.

තාක්ෂණවේදය විෂය ධාරාවේ දී තුන්වන විෂය ලෙස ICT තෝරාගැනීම ඉතාමත් වාසි දායකයි. අඩු රිසල්ට් එකක් ගත්තත් කැම්පස් යන්න පුලුවන්. මෙන්න සුදුසුම විෂය සංයෝජන විකල්ප දෙක:
1. SFT + ET + ICT
2. SFT + BST + ICT

ගණිත විෂය ධාරාවේ  භෞතික විද්‍යාව+ සංයුක්ත ගණිතය + ICT විෂය සංයෝජනය තමයි හොඳම ලේසියෙන්ම හොඳ රෑන්ක් එකක් සමග කැමිපස් යන්න පුලුවන් වගේම හොඳම ICT degree කට යන්න පුළුවන්.

රජයේ විශ්වවිද්‍යාලවල දැන් වැඩිම උපාධි පාඨමාලා ප්‍රමාණයක් තියෙන්නේ ICT වලින් AL කළ අයට. හැම අවුරුද්දකම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා අලුත් උපාධි පාඨමාලා බිහි වෙනවා. 

විශ්ව විද්‍යාලයට ලකුණු මදි වුනොත් අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා සුදුසුකම් ලබනවා. A/L වලට ICT කළ ළමයෙකුට රුවන්පුර සහ මහරගම අධ්‍යාපන විද්‍යාපීඨ වලින් තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපන වේදී උපාධිය (B.Ed) ලබාගෙන ගුරු පත්වීමක් ගන්න. පුලුවන්.


කැමතිනම් NSBM, SLITT, SLT Campus, රාජ්‍ය, පුද්ගලික හෝ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවක් තියෙනවනම් රජයෙන් ඒ සඳහා රු. 1, 500,000 දක්වා ණය මුදලක් පොලි රහිතව දෙනවා. ගෙවන්න වෙන්නේ උපාධියෙන් පස්සේ Job එකක් කරන කාලෙක. මේ සදහා අවම සුදුසුකම් වෙන්නේ උසස් පෙළට S-3 ක් විතරයි. 

රැකියාවත් සමග උපාධියක් කරන්න ආසනම් ඔබට හොඳම විකල්පයව වෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (Kothalawala Defense University) 

දැන් විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව අහිමි වුන අයට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් මෘදුකාංග ඉංජිනේරු (Software Engineering)  ගෞරව උපාධියක් හැදෑරීමට 10 000 ට අවස්ථාව ලබා දීල තියෙනවා. 

ඒ විතරක් නෙමෙයි දැන් අ.පො.ස.(උ.පෙළ) විභාගේ ෆේල් උනත් උපාධියක් ගන්න පුළුවන් මාර්ගයක් තියෙනව. උසස් පෙළට ICT කරලා තියෙනවා නම් ඒක ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 වන ම්ට්ටට (Level-4) සම කරලා තියෙන්නේ. ඒ කියන්නෙ ICT කළ කෙනෙක් උසස් පෙළ ෆේල් නම් ඔහුට කෙලින්ම  NVQ Level-5 ICT පාඨමාලාවක් VTA , NAITA, කාර්වමික විද්‍යාල වගේ රජයේ  ආයතන වල නොමිලේම කරගන්න පුළුවන්.  L-5 කියන්නේ ඩිප්ලෝමා සුදුසුකමක්. රජයේ රැකියා සදහා අද බලන්නේ ගොඩක් වෙලාවට L-5 සුදුසුකම.  මේක තියෙනවනම් ඉහල වැටුපක් සහිත රජයේ රැකියාවකට යන්න පුළුවන් ඒකාන්තයෙන්ම. ඊළගට Lvel-6 කියල කියන්නේ උසස් තාක්ෂණ ඩිප්ලෝම අදියරයි.  Lvel-7 කියන්නේ උපාධි අදියරයි. මේක වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) හරහා ලබාගන්න පුළුවන්. 

දැන් තේරෙනවා ඇතිනේ සාමාන්‍ය පෙළ ෆේල් උනත් උපාධියකට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල මගින් Bachelor of Information Technology (BIT) උපාධියත් ලබාගන්න පුළුවන්. එකටත් උසස් පෙළ පාස් වෙලා තියෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට විශ්වවිද්‍යාල මගින් පදනම් (foundation) විභාගයක් හරහා ළමයි ඇතුළත් කර ගන්නවා. 

දැන් තේරෙනවනේ ICT  වල වැදගත් කම. 

දැන් ඉතිං තීරණය ඔබේ අතේ.


ඔබ උසස් පෙළ ICT කරවනව නම් එන්න මගේ පංතියට. මට පුලුවන් ඔබට හොඳම දැනුම ලබා දිලා ඔබව ඉහලම තලයට ගෙන යන්න. ඔබට පැහැබර අනාගතයක් උදා කර දෙන්න. වෘත්තීය මාර්ගෝපදේෂකයෙකු වෙන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් උපරිම මට්ටමින් මා සතුව තිබෙනවා. මම ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ගේ උපදේශක වරයෙක්, උසස් පෙළ ගුරු මාර්ගෝපදේශය සැකසීමේ ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් දායකයෙක්, මැලේසියාව, දකුණු කොරියාමාගව වැනි රටවලට ගොස්  දැනුම ලැබුවෙක්, උපාධි ධාරියෙක්, සුප්‍රකට Microsoft සමාගමේ සහතිකලත් වෘත්තිකයෙක්, Oracle සමාගමේ සහතික ලත් පුහුණුකරුවෙක්. දයාබර ගුරුවරයෙක්.

මම 

කිත්සිරි අබේසිංහ

ISA (ICT) B.Sc. MCP, Oracle Certified Trainer
 
071 710 64 68 
dcmcacademy.blogspot.com

සිප්වින් - කුරුණෑගල
DCMC - ඉබ්බාගමුව


සන්ධානය මත ක්ලික් කර ලියා පදිංචි වන්න.

REGISTER 


0 comments:

Post a Comment

Write your comment and submit as a massage