NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

26 February 2023

General Information Technology (GIT)

 GIT විභාගය ගැන

අ.පො.ස.(උසස් පෙළ) විෂය මාලාවේ ප්‍රදාන විෂයයන් 3ට අමතරව General English සහ General Information Technology (GIT) යන විෂයන් දෙක හඳුන්වා දී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යුගයට අයත් නූතන සමාජය තුළ ජීවත් වීමට සහ රටේ සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව (ICT literacy) ලබා දිමට 2006 වසරේ දී මෙම විෂය දෙක හඳුන්වා දෙන ලදී.

එක් අවුරුදු පාඨමාලාවක් ලෙස 12 ශ්‍රෙණියේදී පමණක් හැදෑරීමට අවස්ථාව ලබා දෙන මෙම විෂයට අදාළ විභාගය සිසුවා 12 ශ්‍රේණියේ සිටින කාලය තුළ වෙනම පැවැත්වේ. එක වරක් පමණක් සහභාගී වීමට අවස්ථාව ලබා දේ.  2009 සිට අනිවාර්ය විෂයක් බවට පත් කෙරුණ අතර 2017 දක්වා ලිඛිත පරීක්ෂනයක් මගින් දැනුම පරීක්ෂාවට ලක්විය. 2018 දී ඉතා සාර්ථකව ලංකාවේ ප්‍රථම මාර්ගගත පරීක්ෂණය (ලොව විශාලම පිරිසක් සහභාගි වී ඇති Online Test එක ලෙස මෙය සළකයි.) තුළින් සත්‍ය වශයෙන්ම දැනුම හා කුසලතාව ඇගයීමට ලක්විය. 2019 වසරේ දී රටේ ඇති වු අර්බුදකාරී තත්ත්වය තුළ 2020 මාර්තු මාසයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ දෙවන මාර්ගත පරීක්ෂණය අවළංගු විය. ඒ අනුව මේ දක්වා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මෙම විභාගය මග හැරුණි.      

සාමාන්‍ය පෙළ ICT විෂය නිර්දේශයටත් වඩා අඩු දැණුම් පරාසයකින් යුතු මෙම විෂය නිර්දේශය පහසුවෙන් ඉගන ගෙන GIT ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් පිළිතුරු ලිවිය හැකියි. ඒ සඳහා මේ කෙටි කාලය තුළ ඔබට තරමක් මහන්සි වී විභාගය තෙක් මගේ මාර්ගග පංති වලට අඛණ්ඩව සහභාගි විය හැකිනම් GIT වලට A සාමාර්ත සහිතව සමත්වීම අපහසු නොවේ.

 GIT සහතිකයේ වැදගත් කම

  • විභාග දෙපාර්ථමේන්තුවේ සහතිකයක් ජීවිත කාලයටම වටිනා බැවින් රජයෙන් නොමිලේ ලබාගත හැකි පරිගණක සහතිකයක් වීම.
  • උසස් පෙළට ICT නොකලත් GIT සහතිකය තුළින්  ඔබට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව (ICT literacy) ඇති පුරවැසියෙකු බව සනාථ කළ හැකි වීම. (රටක පුරවැසියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව රටේ සංවර්ධනය මනින නූතන මිණුම් දණ්ඩකි.)
  • පුද්ගලික හා රාජ්‍ය අංශයේ  රැකියා තරඟයේදී ඔබේ තොරතුරු තාක්ෂණ කුසලතාව පෙන්වීමට පිළිගත් සහතිකයක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.
  • රාජ්‍ය සේවයේ දී තනතුරු උසස්වීම් සඳහා පවත්වන කඩ ඉම් විභාග වලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ විභාගයෙන් නිදහස්වීමට GIT සහතිකය ඉදිරිපත් කළ හැකි වීම.

 ඔබට අවශ්‍ය සම්පත් ලබා ගැනීම සඳහා dcmcacademy.blogspot.com වෙත පිවිසෙන්න.

 කිත්සිරි අබේසිංහ

(B.Sc., MCP,) ISA(ICT)

071 710 64 68

WhatsApp සමූයට එක්වීමට පහත සන්ධානය භාවිත කරන්න.

 https://chat.whatsapp.com/L1lQf557uRJAIPSJYUKXJb

0 comments:

Post a Comment

Write your comment and submit as a massage