මා වයඹ පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශකවරයෙකු ලෙස සේවය කරමි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මා හට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශය(UCSC), කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වැනි දේශීය විශ්ව විද්‍යාල වලින් සහ මැලේසියාව, දකුණු කොරියාව වැනි විදේශීය රට වලට ගොස් ලබාගත් අධ්‍යාපනය තුළින් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් ඇත.
2008 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශය
සහ ලොව සුපතළ මයික්‍රොසොෆ්ට් සමාගම ඒකාබද්ධ ව මෙහෙයවන ලද ‘Innovative
Teachers’ මෘදුකාංග තරඟයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි කර ගත්
මා 2009 වසරේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනය
සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් විය.
2014 වසරේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයේ
මෙහෙයවීම මත දකුණු කොරියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් එහි අධ්‍යාපන අමාත්‍යංශය (Gwanju
Metropolitan)
මගින් සංවිධානය කළ විශේෂ තොරතුරු තාක්ෂණ පාඨමාලාවකට හා අධ්‍යයන චාරිකාවකට සහභාගි
විය.
1999
වසරේ සිට පෞද්ගලික ආයතනවල විවිධ තොරතුරු තාක්ෂණ පාඨමාලා මෙහෙයවමින් විශාල පිරිසකට
තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී ඒ ඔස්සේ ඔවුනට දෙස් විදෙස් රැකියා අත් කර දී ඇත.
2011 වසරේ සිට උසස් පෙළට ICT විෂය හැදෑරු සිසුන් වැඩි පිරිසක් වාර්ශිකව විශ්ව විද්‍යාල තුළට ප්‍රවේශ කරවා ඇත.
2007
වසරේ දී අ.පො.ස (සාමාන්‍ය පෙළ) සඳහා 10 ශ්‍රේණියේ සිට පාසල් විෂය මාලාවට තොරතුරු
සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමත් සමග එය වයඹ පලාතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
ගුරු භවතුන් පුහුණු කර වීමට සම්පත් දායකයෙකු ලෙස කටයුතු කළ අතර 2010 වසරේ සිට
අ.පො.ස (උසස් පෙළ) සඳහා පාසල් විෂය මාලාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා
දීමත් සමග වයඹ පළාතේ උසස් පෙළ ගුරු භවතුන් පුහුණු කිරීමේ සම්පත් දායකයෙකු ලෙසත්
කටයුතු කරමි. මීට අමතරව උසස් පෙළ ICT විෂය
සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකසන ලද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය පිළියෙල
කිරීමේ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
Hari sir niyamai
ReplyDeleteHari sir niyamai
ReplyDelete2015 ඉඳන් සර් ගෙන් ඉගෙනගත්තේ...... 😍
ReplyDelete