2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

අනාගත චිත්‍ර ශිල්පීන් සහ නිර්මාණකරුවන් වෙනුවෙන්

ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන වශයෙන් මෙම උපාංගයන් දෙක අතර ඇති වෙනස වන්නේ, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් යනු ස්පර්ෂ තිරයකින් යුතු සම්පූර්ණ පරිගණකයක් වීමත්, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු විශේෂිත ස්ටයිලස් පෑනක් යොදාගනිමින් චිත්‍ර හෝ වෙනත් ඇඳීම් කිරීමට හෝ ලිවීමට හැකි, වඩාත් සංවේදී ස්පර්ෂ තිරයක් සහිත ඩිජිටල් උපාංගයක් වීමත් වේ. කෙසේ වෙතත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක අඳිනා හෝ ලියනා දෑ සැකසීම් කිරීම සඳහා පරිගණක බලය සහිත අමතර උපාංගයක් අවශ්‍ය වනු ඇත. එනම් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු ආදාන උපාංගයක් ලෙසින් නිර්වචනය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
වර්තමානයේ ඇති නවීන ටැබ්ලට් පරිගණකයක් වුවත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් ලෙසින් භාවිතා කිරීමට හැකියාව ලබාදෙන ආකාරයේ ස්ටයිලස් උපාංග වෙනම මිලදී ගැනීමට මෙන්ම ඒ සඳහා වන යෙදුම්ද තිබේ. කෙසේ වෙතත් එයින් සියයට සියයක් ග්‍රැ‍ෆික් ටැබ්ලටයකින් ලැබෙනා ආකාරයේ අත්දැකීමක් නොලැබෙන බවද සඳහන් කිරීමට සිදුවේ. මෙයට අමතරව, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් ලෙසින්ද භාවිතා කළ හැකි දෙමුහුම් ටැබ්ලට් උපාංගයන්ද වර්තමානයේ වෙළෙඳපොළට පැමිණෙන අතර, 
ඒවා වඩාත් මිලෙන් අධික මෙන්ම නවීනත්වයෙන්ද ඉහළ උපාංග වේ.
ඊට උදාහරණයක් ලෙසින් දැක්විය හැක්කේ Wacom සමාගම මගින් මෙයට වසර කිහිපයකට පෙර එළිදැක්වූ ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයයි. එය ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් පමණක් නොව, ප්‍රබල Windows 10 පරිගණකයක්ද විණි.
කෙසේ නමුත් මෙම ලිපිය ලියැවෙන්නේ ඒ සම්බන්ධයෙන් නොව, මෙම වසරේ වෙනුවෙන් Wacom සමාගම මගින් හඳුන්වා දෙනු ලබන, වඩාත් දැරිය හැකි මිලකට ලබාදෙන Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය සම්බන්ධයෙන් වේ. සැබවින්ම ඉහතින් සඳහන් කළ ආකාරයට ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු පරිගණකයක් නොවූවත්, ග්‍රැ‍ෆික් ටැබ්ලට් වර්තමානයේදීද ඉහළ මිලකට අලෙවි වන ආදාන උපාංගයන් වන බැවින්, මෙම Wacom Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය වඩාත් සුවිශේෂී වනු ඇත.
චිත්‍රකර්ම තිරයක්
මෙම Wacom Cintq 16 උපාංගය චිත්‍රකර්ම තිරයක් ලෙසින්ද හැඳින්වෙන අතර, එය අඟල් 15.6ක තිර ප්‍රමාණයකින් යුක්ත වේ. එය වර්තමානයේ ඇති විශාල ප්‍රමාණයේ ලැප්ටොප් හෝ නෝට්බුක් උපාංගයක ප්‍රමාණයට සමාන වේ. මෙයට 1080p ගුණාත්මක තත්ත්වයේ චිත්‍ර පෙන්විය හැකි අතර, එය නිර්මාණකරුවෙකුට වඩාත් පැහැදිලිව තමන් නිර්මාණය කරනා දෙය දැකීමටත්, තම නිර්මාණයේ ඉතා සියුම් තොරතුරු පවා ග්‍රහණය කරගැනීමටත් උපකාරී වනු ඇත. කෙසේ නමුත් මෙය ස්පර්ෂ තිරයක් නොවන බව අවබෝධ කරගත යුතු අතර, ඒ නිසා සාම්ප්‍රදායික ටැබ්ලට් උපාංගයක් ලෙසින් මෙය හැසිරවීමට නොහැකි වනු ඇත. ඒ නිසා මෙම උපාංගය ඔස්සේ නිර්මාණ කිරීමට පමණක් නොව එය හැසිරවීම සඳහ පවා මේ සමගින් පැමිණෙන Wacom Pro Pen 2 උපාංගය මහෝපකාරී වනු ඇත.
මෙම තිරය දිලිසීමෙන් තොර විශේෂ ආලේපයකින් යුක්ත වන අතර, එහි මතුපිට සීරීම්ද ඇති නොවන සුලු වේ. මෙනිසා ඔබට සිත් කරදරයකින් තොරව ස්ටයිලසය භාවිතයෙන් ඔබට අවශ්‍ය නිර්මාණයන් සිදුකළ හැක. එසේම මෙයට වර්ණයන් මිලියන 16.7ක් පෙන්විය හැකිය යන කරුණද නිර්මාණකරුවන්ට විශේෂ තොරතුරක් වනු ඇත.
මෙහි නැමීමට හැකි පාදම් දෙකක් ඉහළ කෙළවර දෙකේ තිබෙනා බැවින්, ඔබට මතුපිටක මෙම ග්‍රැ‍ෆික් ටැබ්ලටය ඒ ආකාරයෙන් තැන්පත් කර තැබීමට හෝ, වඩාත් පහසු කෝණයකට සි‍ටුවා ගනිමින් ඔබේ නිර්මාණ කටයුතු කිරීමට හැකියාව ඇත.
ස්ටයිලස් සහකරු
සැබවින්ම Wacom Cintq 16 උපාංගය භාවිතා කිරීමේදී එහි කාර්යයෙන් අඩක් ඉ‍ටු කරන්නේ Wacom Pro Pen 2 ස්ටයිලස් උපාංගයයි. මෙයට පීඩන මට්ටම් 8192ක් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනා අතර, ඒ ඔස්සේ සාමාන්‍ය පරිශීලකයෙකු අත ඇති පැන්සලකට හෝ පෑනකටත් වඩා ඉහළ නිරවද්‍යතාවකින් ඔබේ නිර්මාණශීලීත්වය ග්‍රැ‍ෆික් ටැබ්ලටය මතට ගැනීමට ඊට හැකියාව ලැබෙනු ඇත. එනම් සැබවින්ම මෙම Wacom Pro Pen 2 උපාංගයෙන් වැඩ ගැනීමට නම් ඔබ නියම කුසලතාවයෙන් හෙබි නිර්මාණකරුවෙකු වීම අත්‍යාවශ්‍ය වේ. නිර්මාණකරුවෙකුගේ අතින් ඇ‍ඳෙන අතිශයින්ම සියුම් පැන්සල් පහරක් වුවත් හඳුනා ගැනීමට ඒ නයින් මෙම Wacom Pro Pen 2 ස්ටයිලසයට හැකියාව පවතී. එසේම වර්තමානයේ ඇති බොහෝ ස්ටයිලස් උපාංගයන්ට මෙන් මෙයට බැටරි යෙදීම අනවශ්‍ය වේ. මෙම Wacom Pro Pen 2 උපාංගය බලගැන්වෙන්නේ Wacom Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය මතින්ම වන අතර, එය ග්‍රැ‍ෆික් ටැබ්ලටයේ තිරය හා ස්පර්ෂ වන සෑම මොහොතකදීම බලය ලබාගැනීමට හැකියාව ලැබෙනා ආකාරයෙන් විද්‍යුත්-චුම්භක ප්‍රතිදෝංකාර තාක්ෂණයක් එහි භාවිතා වී ඇතැයි නිෂ්පාදකයින් පවසයි.
මෙම ස්ටයිලස් උපාංගය පසෙක ඇති භෞතික බොත්තම් දෙක ඔබට අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා සැකසුම් කරගත හැකි අතර, දීර්ඝ කාලයක් නොනවත්වා ඒ සමගින් වැඩ කිරීමට හැකියාව ලබාදෙන ආකාරයේ රබර් ආවරණයකින් යුක්ත බඳක් එහි ඇත. එසේම මෙහි මාරු කළ හැකි පෑන් තලයන් තිබෙනා අතර, එම තලයන් මාරු කිරීමට අවශ්‍ය මෙවලමද මෙම උපාංග කට්ටලය සමගින් ලැබෙනු ඇත. එසේම මෙම Wacom Pro Pen 2 සහ Wacom Cintq 16 උපාංග ද්විත්වය Adobe software suite, Corel software suite සඳහා මෙන්ම Autodesk Sketchbook, Paint Tool SAI වැනි වෙනත් ජනප්‍රිය ග්‍රැ‍ෆික් නිර්මාණ සහ චිත්‍ර ඇඳුම් මෘදුකාංගයන් සඳහා සහයෝගය දක්වනු ඇත.
දැරිය හැකි මිලකට
අවසන් වශයෙන් කිව හැක්කේ, "වඩාත් දැරිය හැකි මිලකට වන ඩිජිටයිසර් තිරයක්" ලෙසින් හැඳින්වෙන මෙම Wacom Cintq 16 උපාංගය ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ ඩොලර් 650 කට ආසන්න මිලකට මිල නියම වී තිබීම ඔස්සේ මෙම උපාංග සම්බන්ධයෙන් බොහෝ දේ කියැවෙන බවයි. දැරිය හැකි මිලකට අලෙවි වන ඩිජිටයිසරයක් වන උපාංගය ඇමරිකන් ඩොලර්-ශ්‍රී ලංකා රුපියල් සෘජු විනිමය පරිවර්තනයෙන් පමණක් වුවත් රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි වේ නම්, වෙළෙඳ පොළේ ඇති අනෙකුත් ඩිජිටයිසරයන් කෙතරම් මිල වනු ඇතිද? බොහෝ විට වඩාත් මිලෙන් අධික ග්‍රැ‍ෆික් ටැබ්ලටයන් මිලදී ගන්නේ, ග්‍රැ‍ෆික් නිර්මාණයේ හෝ චිත්‍ර නිර්මාණයේ ප්‍රවීණ වූ වෘත්තිකයන් වන අතර, ආධුනිකයන් හට එවැනි උපාංග මිලදී ගැනීම ඒවායේ මිලත් සමග අසීරු වනු ඇත. මෙම Wacom Cintq 16 වැනි උපාංගයක් චිත්‍ර හෝ කාටූන් හෝ ග්‍රැ‍ෆික් හෝ නිර්මාණ සැලසුම් සඳහා ඉගෙන ගනු ලබනා ආධුනිකයන් හට මනා පිටිවහලක් වනු ඇත. නමුත් ඒ ශ්‍රී ලංකාවේ තත්වය නොවේ.
පැතුම් පුංචිහේවා

ස්මාට්ෆෝන් පරිණාමයේ නව නැම්මක්

ප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණක් බව විශ්වාස කළ හැකිද? සුඛෝපභෝගී උපාංගයක් ලෙසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබුණු ස්මාට්ෆෝන් උපාංගයන්, සෑම අයෙකුගේම අත ඇති උපාංගයක් බවට පත් කරන්නට පුරෝගාමියෙකු වූයේ සැම්සන්ග් සමාගමේ ගැලැක්සි උපාංග පෙළ බවට සනාථ කරන්නට අටුවා ටීකා අනවශ්‍යය. කෙසේ වෙතත් ප්‍රථම ගැලැක්සි උපාංගයෙන් ආරම්භ වූ ගමන, ස්මාට්ෆෝන් උපාංගයන්ගේ ශීඝ්‍ර පරිණාමය සමගින් අද Galaxy Fold දක්වා පැමිණ ඇත.

පසුගිය වසර පුරාවටම ලෝකයේ නව ස්මාට්ෆෝන් තාක්ෂණයන් සම්බන්ධයෙන් උනන්දු වන්නන් විසින් නම්‍යශීලී තිරයන් සහිත ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරන්නට යෙදුණි. සැම්සන්ග් ඇතුළු ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් නිෂ්පාදන සමාගම් විසින් සිය සන්නාමයන් යටතේ එළිදක්වන්නට සැලසුම් කරනා නම්‍යශීලී තිර සහිත ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් යළි යළිත් තිර සහතිකයන් ලබාදුන් අතර, නම්‍යශීලී ස්මාට්ෆෝනයක ඇති ප්‍රයෝජනයන් සම්බන්ධයෙන්ද නොයෙකුත් කතිකාවන් ඇතිවිණි.
කෙසේ හෝ, නම්‍යශීලී තිර සහිත ස්මාට්ෆෝන් උපාංගයන් සම්බන්ධයෙන් වන සියලුම උද්වේගකර මතිමතාන්තරයන් කුළුගන්වමින් අවසානයේදී ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් නිල වශයෙන්ම නිවේදනය
නිකුත් වී ඇත. 
නම්‍යශීලී තිරයක්
මෙම නව විප්ලවීය ස්මාට්ෆෝන් සැලසුම් නිර්මාණයේ මූලිකම ආකර්ෂණය වන්නේ නම්‍යශීලී තිරය බැව් නොකිවමනායි. මෙය දිග හැරි විට අඟල් 7.3 ක ප්‍රමාණය ගන්නා Super AMOLED Infinity-Flex තිර පැනලයේ විශේෂත්වය වන්නේ, එහි නමින්ම කියැවෙන ආකාරයට දිග හැරි විට කිසිදු මූට්ටුවකින් හෝ වෙනත් එවැනි දර්ශනය වන ආකාරයේ නැමුම් සළකුණකින් හෝ තොරව පැතිර යන ස්වභාවයයි. අඟල් 7.3ක් යනු මූලික ප්‍රමාණයේ ටැබ් උපාංගයක තිබෙනා තිරයක ප්‍රමාණය බවද මෙහිදී සිහිපත් කළ යුතුවේ.
මෙම ස්මාට්ෆෝනය නැවූ විට එහි ඉදිරිපස අඟල් 4.6ක HD+ Super AMOLED තිර පැනලයක් දක්නට ලැබෙනු ඇත. මෙහි තිර අනුපාතය 21:9 වන අතර, මෙම සිහින්, උස් තිර ප්‍රමාණයට හුරු වීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් ඔබ මෙම කුඩා තිරය මත සිදුකරමින් සිටිනා ඕනෑම කාර්යක්, ඔබ ස්මාට්ෆෝනය දිග හැරි විට ඇතුළත ඇති නම්‍යශීලී ප්‍රධාන තිරය මත ඒක්ෂණයකින් දිස්වනු ඇත.
මෙම ස්මාට්ෆෝනය නිර්මාණය කිරීමේදී නම්‍යශීලී තිරය යොදාගැනීමත් සමගින්, ස්මාට්ෆෝනයේ බඳ නැවෙනා අල්ලු පද්ධතිය නිෂ්පාදකයින් වෙත සැබෑ අභියෝගයක් වූ බව ඔවුන් පවසයි. කෙසේ නමුත් හැකිතාක් ස්මාට්ෆෝනයේ සිහින් නිමාවද ආරක්ෂා කරගනිමින්, නැවුම් අතිවිශාල ප්‍රමාණයක් සඳහා ගැටලු මතු නොකරන සුවිශේෂී අල්ලු ක්‍රමයක්ද හඳුන්වා දීමට අවසානයේදී ඔවුන් සමර්ථව ඇත.
වෙළෙඳ පොළට පැමිණෙන ප්‍රබලතම ස්මාට්ෆෝනයක්
මෙම Galaxy Fold ස්මාට්ෆෝනය මේ වසරේ සම්මතයන් හා සැසඳීමේදී පවා වෙළෙඳ පොළේ ඇති ප්‍රබලතම ස්මාට්ෆෝනයක් ලෙසින් ඉස්මතු වී පෙනෙනු ඇත. මෙම ස්මාට්ෆෝනයේ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පවා ඊට වඩාත් ප්‍රබල දෘඪාංග ඇතුළත් වීමේ අවශ්‍යතාවය පෙනී යයි. මෙයට නැනෝමීටර් 7ක ප්‍රමාණයේ Qualcomm SDM855 Snapdragon 855 චිප පද්ධතියක් මත නිර්මාණය වූ Octa-Core ප්‍රොසෙසරයක් ඇතුළත් කොට ඇතැයි පැවසේ. ග්‍රැෆික් ප්‍රොසෙසරය Adreno 640 වේ. එසේම මෙහි ගිගාබයිට් 12ක රැම් මතකයක් මෙන්ම ගිගාබයිට් 512ක අභ්‍යන්තර මතකයක්ද තිබෙනා බව නිෂ්පාදකයින් පවසා සිටී. කෙසේ වෙතත් මෙහි ඉහළ දැමිය හැකි බාහිර මතකයක් අන්තර්ගත වන බවක් අසන්නට නැත.
මෙය Samsung One UI පරිශීලක අතුරු මුහුණත සමගින් වන Android 9.0 Pie මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වනු ඇත. මෙම විශාල උපාංගය බලගැන්වීම සඳහා බැටරි දෙකක පද්ධතියක් තිබෙනා අතර, එම පද්ධතියේ සමස්ත ධාරිතාව 4,3870mAh වේ.
එසේම මෙහි කැමරා පද්ධතියද නම්‍යශීලී තිරයක් සහිත නැවිය හැකි ස්මාට්ෆෝනයකට සරිලන ලෙසින්, පිහිටුවා ඇත. මෙම සමස්ත ස්මාට්ෆෝනය වෙනුවෙන් කැමරා හයක් තිබේ. ද්විතීයික තිරය සමගින් මෙගා පික්සල් 10ක (f/2.2) එක් කැමරාවක් තිබෙනා අතර, ස්මාට්ෆෝනය දිග හැරි විට ප්‍රධාන ඇතුළත තිරය සමගින් කැමරා දෙකක් සෙල්ෆි කැමරා පද්ධතිය ලෙසින් තිබේ. එය මෙගාපික්සල් 10ක PDAF සෙන්සරයකින් (f/2.2) සහ මෙගාපික්සල් 8ක ගැඹුර දක්වන සෙන්සරයකින් (f/1.9) සමන්විත වේ. අවසාන වශයෙන් ස්මාට්ෆෝනයේ පසුපස ප්‍රධාන කැමරා පද්ධතිය ලෙසින් මෙගා පික්සල් 12ක වයිඩ් සෙන්සරයක් (f/1.5-2.4, 26mm), 2x optical zoom හැකියාව සහිත මෙගා පික්සල් 12ක ටෙලිෆොටෝ සෙන්සරයක් (f/2.4, 52mm) හා මෙගාපික්සල් 16 ක අල්ට්‍රා වයිඩ් සෙන්සරයක් (16 MP, f/2.2, 12mm) ලෙසින් කැමරා 3ක් තිබේ.
නම්‍යශීලී තිරයන්ගේ හෙට දිනය
මෙම සතියේ නිල වශයෙන් ලෝකයට හඳුන්වා දුන් Galaxy Fold ස්මාට්ෆෝනය, මෙම වසරේ අප්‍රේල් මාසයේදී  බොහෝවිට වෙළෙඳ පොළට පැමිණෙනු ඇත. කෙසේ වෙතත් මෙම නව නම්‍යශීලී තිරයන් සහිත ස්මාට්ෆෝන් යුගයේ සැම්සන්ග් සමාගම හුදෙකලා පුරෝගාමියෙකු නොවනු ඇත. මේ වනවිටත් Huawei සමාගම මගින් සිය නම්‍යශීලී තිරයක් සහිත Mate X උපාංගය ඉදිරිපත් කොට ඇති අතර, ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් නිෂ්පාදන සමාගම් මෙන්ම එතරම් ප්‍රකට සන්නාමයන් නොමැති නිෂ්පාදන සමාගම් පවා Flex තිරයන් සමගින් නැවිය හැකි ස්මාට්ෆෝන් නිෂ්පාදනය සඳහා පෙළ ගැසී සිටී. විශේෂයෙන්ම OnePlus, OPPO, VIVO, Xiaomi ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ චීන ස්මාට්ෆෝන් නිෂ්පාදන සන්නාමයන් මගින් මෙම නව නැමිය හැකි ස්මාට්ෆෝන් තාක්ෂණය කුමනාකාරයට වැඩිදියුණු කර යොදාගනු ඇතිද යන්න පුරෝකථනය කිරීම පවා අසීරු වේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, නොනිල ආරංචි මාර්ගයන්ගෙන් අසන්නට ලැබෙන ලෙසට Xiaomi සමාගමෙන් ඉදිරිපත් කොට ඇති නම්‍යශීලී ස්මාට්ෆෝන් මුල් ආකෘතියට අනුව එය ඇතුළතට මෙන්ම පිටතටද නැවිය හැකි ලෙසින් නිෂ්පාදනය වනු ඇත.
මේ වනවිට Galaxy Fold වැනි ස්මාට්ෆෝනයක මිල ශ්‍රී ලංකාවේ ස්මාට්ෆෝන් පරිශීලකයින්ගෙන් වැඩි කොටසකට දැරීමට නොහැකි වනු ඇත. රුපියල් ලක්ෂ 3.5 -4ක සීමාවේ සිට අලෙවි වනු ඇති Galaxy Fold ස්මාට්ෆෝනයක් මිලදී ගනු ඇත්තේ සීමිත පිරිසක් පමණක් වනු ඇත. එය එසේ වුවත්, ඉතිහාසය මගින් යළි යළිත් සනාථ කොට ඇති අයුරින්, ඉක්මනින්ම මෙම නැවිය හැකි ආකාරයේ තිරයන් සහිත ස්මාට්ෆෝනයන්ද පොදු ජනයා අත ගැවසෙන එදිනෙදා උපාංගයන් බවට පත් වනු ඇත!
පැතුම් පුංචිහේවා

පැරණි විලාසිතාවක් තුළ සැඟවූ නවීන ගේමින් මවුසයක හැකියාවන්

පැරණි විලාසිතාවක් තුළ සැඟවූ නවීන ගේමින් මවුසයක හැකියාවන්

ඩෙක්ස්ටොප් පරිගණකයකට ආදාන උපාංගයක් ලෙසින් මවුසයක් තිබීම අත්‍යාවශ්‍ය වුවත්, තවදුරටත් ලැප්ටොප් උපාංගයන් මිලදී ගන්නා විට මවුසයක් මිලදී ගැනීම අනිවාර්‍ය නොවේ. කෙසේ වෙතත් ලැප්ටොප් උපාංග භාවිතා කරන්නන් බොහෝ දෙනෙකු පවා ඒ සමගින් වයර්ලස් හෝ USB මවුසයක් භාවිතා කිරීමට පෙළඹෙන්නේ, ලැප්ටොප් උපාංගයක ට්‍රැක්පෑඩයට වඩා එය වඩා කාර්‍යක්ෂම යැයි ඇතැමුන් සිතන නිසාවෙනි.
පරිගණකයට ඈඳන මවුස් උපාංගයන් සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව තුළ රුපියල් 300 ක් වැනි ඉතා අඩු මිලකට පවා මවුසයක් මිලදී ගැනීමට හැකියාව තිබෙනා අතර, වඩාත් දියුණු මවුස් උපාංගයන් රුපියල් 7000 ක් 8000 ක් වැනි මිලකට වුවද ගැනීමට තිබේ. සාමාන්‍යයෙන් භාවිතා කරන මවුසයකට වඩා පරිගණක ක්‍රීඩා කටයුතු සඳහා විශේෂිත වන ගේමින්ග් මවුසයක් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවද සැලකිල්ලට ගත යුතු වේ. එසේම සාමාන්‍ය මවුසයකට වඩා විශේෂාංගයන්ගෙන් ඉහළ වීමද, ක්‍රියාකාරීත්වයෙන් වඩාත් ප්‍රශස්ත වීමද, නිමාවෙන් වඩාත් නවීන වීමද ගේමින්ග් මවුසයක දක්නට ලැබේ. 
සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ පරිගණක උපාංග නිෂ්පාදන සමාගම් මගින් පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්ම වූ ගේමින්ග් මවුස් උපාංගයන් නිෂ්පාදනය කළත්, මිනිස් අතට උපරිම පහසුව සැපයීම, ඉහළ කාර්යක්ෂමතාවය හා නිරවද්‍යතාවය සහ දැරිය හැකි මිල යන සියලුම සාධකයන් පරිපූර්ණව සමබර කොටගෙන ගේමින්ග් මවුස් උපාංගයන් එළිදැක්වීම අසීරු කරුණකි. කෙසේ වෙතත් පරිගණක උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Logitech සමාගම මගින් හඳුන්වා දෙන Logitech G MX518 ගේමින්ග් මවුස් උපාංගය එම කරුණ සාක්ෂාත් කොට ගෙන තිබේ යැයි බැලූ බැල්මට පෙනී යයි.
මෙම Logitech G MX518 මවුස් උපාංගය දෙස බැලූ විට සිහිපත් වන්නේ, Logitech සමාගම මගින් දශකයකට හෝ දෙකකට පෙර හඳුන්වා දී තිබූ ක්ලැසික් මවුස් නිර්මාණයකි. කෙසේ වෙතත් ඔවුන් සහතික කරන්නේ, මෙම පැරණි පන්නයේ මවුස් උපාංග නිර්මාණ සැලසුම තුළ උපරිම පහසුවත්, නවීන තාක්ෂණයත් අන්තර්ගත කොට ඇති බවයි.
මෙම මවුස් උපාංගය එහි පැරණි මුතුන් මිත්තාගේ පෙනුම ඒ ආකාරයෙන්ම අනුහුරු කරගෙන තිබුණත්, මෙම නව මවුස් උපාංගය නිර්මාණය කර ඇති අමුද්‍රව්‍ය වඩාත් දියුණු වී ඇතැයි පැවසේ. එනිසා මෙහි දිගුකල් පැවැත්ම සම්බන්ධයෙන් වැඩි සහතිකයක් පරිශීලකයින්ට ලැබෙනු ඇත. 
මෙම Logitech G MX518 මවුසය තුළ, Logitech සමාගමේ ෆ්ලැග්ෂිප් ගේමින්ග් මවුසයන් තුළ අන්තර්ගත වන 16,000 DPI සංවේදීතාවයෙන් යුතු HERO 16K සෙන්සරය අන්තර්ගත කිරීමට Logitech සමාගම කටයුතු කොට ඇත. ඒ ඔස්සේ එයට තත්පරයකට රාමු 17,000 ක අනුපාතයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉහළ නිරවද්‍යතාවයක් ඉල්ලා සිටිනා නවීන පරිගණක ක්‍රීඩා හැසිරවීම සඳහා අනිවාර්ය වේ. මීට අමතරව මෙම මවුසය තුළ 32-bit ARM ප්‍රොසෙසරයක්ද තිබෙනා අතර, ඒ හරහා USB සම්බන්ධතාව ඔස්සේ මිලිතප්පර 1 ක අධි වේගී ප්‍රතිචාර ශීඝ්‍රතාවක් සහතික කර සිටී.
මෙම Logitech G MX518 මවුසයේ පෙර සැකසුම් කර ඇති DPI සැකසුම් පහක් තිබේ. එම DPI සැකසුම් පහ 400, 800, 1600, 3200 සහ 6400 ලෙසින් වන අතර, එම සැකසුම් අතර අවශ්‍ය විටදී මාරු වීමේ හැකියාව ලබාදීමට, පාලක බොත්තම් දෙකක්ද මවුසයේ බඳේ ඇත. එසේම අවශ්‍ය නම් ඔබට Logitech Gaming මෘදුකාංගය හෝ Logitech G HUB ඔස්සේ මෙම පෙර සැකසුම් DPI අගයයන් ඔබට අභිමත පරිද්දෙන් වෙනස් කර ගැනීමටද හැකියාව ඇත. එසේම මෙහි ඇති පාලක බොත්තම් අටම ඔබට අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා පෙර සැකසුම් කළ හැකි අතර, ඒ ඔස්සේ ඔබට පරිගණක ක්‍රීඩාවක නිරත වන විට යතුරු පුවරුව හා කටයුතු කිරීමට සිදුවන ප්‍රමාණය අවම වනු ඇත. එසේම පාලක බොත්තම් පහක් සඳහා ඔබ කරනා පෙර සැකසුම් මවුසය තුළම අන්තර්ගත වන අතර, ඔබට Logitech G MX518 මවුසය වෙනත් පරිගණකයකට සම්බන්ධ කළ විටදීද එම පාලක බොත්තම් පහ සඳහා ඔබ සැකසුම් කළ කාර්යයන් එලෙසින්ම තිබෙනු ඇත.
මෙය ‍රැහැන් රහිත තාක්ෂණයන්ගේ ආධිපත්‍යය තිබෙනා යුගයක් බව අපට පිළිගැනීමට සිදුවේ. එසේ වුවත් මෙම Logitech G MX518 මවුසය ‍රැහැන් සහිත උපාංගයක් ලෙසින් හඳුන්වා දී ඇති අතර, සම්බන්ධිත පරිගණකයෙන් ප්‍රමාණවත් දුරක සිට මෙහෙයුම් කටයුතු සිදුකිරීමට පරිශීලකයාට අවකාශය ලබාදීම සඳහා අඩි 7ක USB කේබලයක්ද මෙයට අන්තර්ගත කොට ඇත.
අප මුලින් කියූ ලෙසට පරිපූර්ණ සමබරතාවකින් හෙබි ගේමින්ග් මවුසයක් ලෙසින් Logitech G MX518 උපාංගය ඉදිරිපත් කිරීමට Logitech සමාගම සමර්ථව ඇතිද? අනිවාර්යයෙන්ම මෙහි ඉහළ කාර්‍යක්ෂමතාව සහ උපරිම නිරවද්‍යතාව සම්බන්ධයෙන් විවේචනයක් නොමැත. එසේම මෙම මවුස් උපාංගයට මුල් වූ ක්ලැසික් මවුස් සැලසුම සේම මෙයද දීර්ඝ වෙලාවක් වුවත් පරිගණක ක්‍රීඩා සඳහා භාවිතා කළ හැකි අයුරින්, මිනිස් අතට උපරිම සුවපහසුවක් ලබා දෙමින් නිමවා ඇති බවද පිළිගැනීමට සිදුවේ. අවසාන වශයෙන් මෙහි මිල ඇමරිකානු ඩොලර් 59.99ක් ලෙසින් දක්වා ඇති අතර, එය සාමන්‍යයෙන් නවීන ගේමින්ග් මවුසයක් අලෙවි වන මිලම වේ. එනිසා මෙය බජට් මවුස් උපාංගයක් යැයි සැලකීමට හැකියාවක් නැත. එසේ වුවත් මෙහි ක්‍රියාකාරීත්වය, සමාගම චිර ප්‍රසිද්ධ වී ඇති ලෙසට දීර්ඝකාලීන පැවැත්ම සහ නවීනත්වය සලකා බලන විට එම මිල සම්බන්ධයෙන් විරුද්ධ වීමටද හැකියාවක් නැත.

09 March 2019

I Love Rock And Roll (Jungle Beat Season 2)

Vaiana rencontre le Coq Hei Hei ! (2017) Animation, Dessin Animé, Extrai...

SWEET COCOON : le court métrage "recommandé" des Oscars 2015

Sweet Cocoon - ESMA 2014

CGI Animated Short Film: "Ice Pepper" by ESMA | CGMeetup

Sweet Cocoon - ESMA 2014

Fishing With Sam - Animated Short Film