NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

අනාගත චිත්‍ර ශිල්පීන් සහ නිර්මාණකරුවන් වෙනුවෙන්

ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන වශයෙන් මෙම උපාංගයන් දෙක අතර ඇති වෙනස වන්නේ, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් යනු ස්පර්ෂ තිරයකින් යුතු සම්පූර්ණ පරිගණකයක් වීමත්, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු විශේෂිත ස්ටයිලස් පෑනක් යොදාගනිමින් චිත්‍ර හෝ වෙනත් ඇඳීම් කිරීමට හෝ ලිවීමට හැකි, වඩාත් සංවේදී ස්පර්ෂ තිරයක් සහිත ඩිජිටල් උපාංගයක් වීමත් වේ. කෙසේ වෙතත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක අඳිනා හෝ ලියනා දෑ සැකසීම් කිරීම සඳහා පරිගණක බලය සහිත අමතර උපාංගයක් අවශ්‍ය වනු ඇත. එනම් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු ආදාන උපාංගයක් ලෙසින් නිර්වචනය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
වර්තමානයේ ඇති නවීන ටැබ්ලට් පරිගණකයක් වුවත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් ලෙසින් භාවිතා කිරීමට හැකියාව ලබාදෙන ආකාරයේ ස්ටයිලස් උපාංග වෙනම මිලදී ගැනීමට මෙන්ම ඒ සඳහා වන යෙදුම්ද තිබේ. කෙසේ වෙතත් එයින් සියයට සියයක් ග්‍රැ‍ෆික් ටැබ්ලටයකින් ලැබෙනා ආකාරයේ අත්දැකීමක් නොලැබෙන බවද සඳහන් කිරීමට සිදුවේ. මෙයට අමතරව, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් ලෙසින්ද භාවිතා කළ හැකි දෙමුහුම් ටැබ්ලට් උපාංගයන්ද වර්තමානයේ වෙළෙඳපොළට පැමිණෙන අතර, 
ඒවා වඩාත් මිලෙන් අධික මෙන්ම නවීනත්වයෙන්ද ඉහළ උපාංග වේ.
ඊට උදාහරණයක් ලෙසින් දැක්විය හැක්කේ Wacom සමාගම මගින් මෙයට වසර කිහිපයකට පෙර එළිදැක්වූ ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයයි. එය ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් පමණක් නොව, ප්‍රබල Windows 10 පරිගණකයක්ද විණි.
කෙසේ නමුත් මෙම ලිපිය ලියැවෙන්නේ ඒ සම්බන්ධයෙන් නොව, මෙම වසරේ වෙනුවෙන් Wacom සමාගම මගින් හඳුන්වා දෙනු ලබන, වඩාත් දැරිය හැකි මිලකට ලබාදෙන Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය සම්බන්ධයෙන් වේ. සැබවින්ම ඉහතින් සඳහන් කළ ආකාරයට ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු පරිගණකයක් නොවූවත්, ග්‍රැ‍ෆික් ටැබ්ලට් වර්තමානයේදීද ඉහළ මිලකට අලෙවි වන ආදාන උපාංගයන් වන බැවින්, මෙම Wacom Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය වඩාත් සුවිශේෂී වනු ඇත.
චිත්‍රකර්ම තිරයක්
මෙම Wacom Cintq 16 උපාංගය චිත්‍රකර්ම තිරයක් ලෙසින්ද හැඳින්වෙන අතර, එය අඟල් 15.6ක තිර ප්‍රමාණයකින් යුක්ත වේ. එය වර්තමානයේ ඇති විශාල ප්‍රමාණයේ ලැප්ටොප් හෝ නෝට්බුක් උපාංගයක ප්‍රමාණයට සමාන වේ. මෙයට 1080p ගුණාත්මක තත්ත්වයේ චිත්‍ර පෙන්විය හැකි අතර, එය නිර්මාණකරුවෙකුට වඩාත් පැහැදිලිව තමන් නිර්මාණය කරනා දෙය දැකීමටත්, තම නිර්මාණයේ ඉතා සියුම් තොරතුරු පවා ග්‍රහණය කරගැනීමටත් උපකාරී වනු ඇත. කෙසේ නමුත් මෙය ස්පර්ෂ තිරයක් නොවන බව අවබෝධ කරගත යුතු අතර, ඒ නිසා සාම්ප්‍රදායික ටැබ්ලට් උපාංගයක් ලෙසින් මෙය හැසිරවීමට නොහැකි වනු ඇත. ඒ නිසා මෙම උපාංගය ඔස්සේ නිර්මාණ කිරීමට පමණක් නොව එය හැසිරවීම සඳහ පවා මේ සමගින් පැමිණෙන Wacom Pro Pen 2 උපාංගය මහෝපකාරී වනු ඇත.
මෙම තිරය දිලිසීමෙන් තොර විශේෂ ආලේපයකින් යුක්ත වන අතර, එහි මතුපිට සීරීම්ද ඇති නොවන සුලු වේ. මෙනිසා ඔබට සිත් කරදරයකින් තොරව ස්ටයිලසය භාවිතයෙන් ඔබට අවශ්‍ය නිර්මාණයන් සිදුකළ හැක. එසේම මෙයට වර්ණයන් මිලියන 16.7ක් පෙන්විය හැකිය යන කරුණද නිර්මාණකරුවන්ට විශේෂ තොරතුරක් වනු ඇත.
මෙහි නැමීමට හැකි පාදම් දෙකක් ඉහළ කෙළවර දෙකේ තිබෙනා බැවින්, ඔබට මතුපිටක මෙම ග්‍රැ‍ෆික් ටැබ්ලටය ඒ ආකාරයෙන් තැන්පත් කර තැබීමට හෝ, වඩාත් පහසු කෝණයකට සි‍ටුවා ගනිමින් ඔබේ නිර්මාණ කටයුතු කිරීමට හැකියාව ඇත.
ස්ටයිලස් සහකරු
සැබවින්ම Wacom Cintq 16 උපාංගය භාවිතා කිරීමේදී එහි කාර්යයෙන් අඩක් ඉ‍ටු කරන්නේ Wacom Pro Pen 2 ස්ටයිලස් උපාංගයයි. මෙයට පීඩන මට්ටම් 8192ක් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනා අතර, ඒ ඔස්සේ සාමාන්‍ය පරිශීලකයෙකු අත ඇති පැන්සලකට හෝ පෑනකටත් වඩා ඉහළ නිරවද්‍යතාවකින් ඔබේ නිර්මාණශීලීත්වය ග්‍රැ‍ෆික් ටැබ්ලටය මතට ගැනීමට ඊට හැකියාව ලැබෙනු ඇත. එනම් සැබවින්ම මෙම Wacom Pro Pen 2 උපාංගයෙන් වැඩ ගැනීමට නම් ඔබ නියම කුසලතාවයෙන් හෙබි නිර්මාණකරුවෙකු වීම අත්‍යාවශ්‍ය වේ. නිර්මාණකරුවෙකුගේ අතින් ඇ‍ඳෙන අතිශයින්ම සියුම් පැන්සල් පහරක් වුවත් හඳුනා ගැනීමට ඒ නයින් මෙම Wacom Pro Pen 2 ස්ටයිලසයට හැකියාව පවතී. එසේම වර්තමානයේ ඇති බොහෝ ස්ටයිලස් උපාංගයන්ට මෙන් මෙයට බැටරි යෙදීම අනවශ්‍ය වේ. මෙම Wacom Pro Pen 2 උපාංගය බලගැන්වෙන්නේ Wacom Cintq 16 ග්‍රැ‍ෆික් ටැබ්ලටය මතින්ම වන අතර, එය ග්‍රැ‍ෆික් ටැබ්ලටයේ තිරය හා ස්පර්ෂ වන සෑම මොහොතකදීම බලය ලබාගැනීමට හැකියාව ලැබෙනා ආකාරයෙන් විද්‍යුත්-චුම්භක ප්‍රතිදෝංකාර තාක්ෂණයක් එහි භාවිතා වී ඇතැයි නිෂ්පාදකයින් පවසයි.
මෙම ස්ටයිලස් උපාංගය පසෙක ඇති භෞතික බොත්තම් දෙක ඔබට අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා සැකසුම් කරගත හැකි අතර, දීර්ඝ කාලයක් නොනවත්වා ඒ සමගින් වැඩ කිරීමට හැකියාව ලබාදෙන ආකාරයේ රබර් ආවරණයකින් යුක්ත බඳක් එහි ඇත. එසේම මෙහි මාරු කළ හැකි පෑන් තලයන් තිබෙනා අතර, එම තලයන් මාරු කිරීමට අවශ්‍ය මෙවලමද මෙම උපාංග කට්ටලය සමගින් ලැබෙනු ඇත. එසේම මෙම Wacom Pro Pen 2 සහ Wacom Cintq 16 උපාංග ද්විත්වය Adobe software suite, Corel software suite සඳහා මෙන්ම Autodesk Sketchbook, Paint Tool SAI වැනි වෙනත් ජනප්‍රිය ග්‍රැ‍ෆික් නිර්මාණ සහ චිත්‍ර ඇඳුම් මෘදුකාංගයන් සඳහා සහයෝගය දක්වනු ඇත.
දැරිය හැකි මිලකට
අවසන් වශයෙන් කිව හැක්කේ, "වඩාත් දැරිය හැකි මිලකට වන ඩිජිටයිසර් තිරයක්" ලෙසින් හැඳින්වෙන මෙම Wacom Cintq 16 උපාංගය ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ ඩොලර් 650 කට ආසන්න මිලකට මිල නියම වී තිබීම ඔස්සේ මෙම උපාංග සම්බන්ධයෙන් බොහෝ දේ කියැවෙන බවයි. දැරිය හැකි මිලකට අලෙවි වන ඩිජිටයිසරයක් වන උපාංගය ඇමරිකන් ඩොලර්-ශ්‍රී ලංකා රුපියල් සෘජු විනිමය පරිවර්තනයෙන් පමණක් වුවත් රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි වේ නම්, වෙළෙඳ පොළේ ඇති අනෙකුත් ඩිජිටයිසරයන් කෙතරම් මිල වනු ඇතිද? බොහෝ විට වඩාත් මිලෙන් අධික ග්‍රැ‍ෆික් ටැබ්ලටයන් මිලදී ගන්නේ, ග්‍රැ‍ෆික් නිර්මාණයේ හෝ චිත්‍ර නිර්මාණයේ ප්‍රවීණ වූ වෘත්තිකයන් වන අතර, ආධුනිකයන් හට එවැනි උපාංග මිලදී ගැනීම ඒවායේ මිලත් සමග අසීරු වනු ඇත. මෙම Wacom Cintq 16 වැනි උපාංගයක් චිත්‍ර හෝ කාටූන් හෝ ග්‍රැ‍ෆික් හෝ නිර්මාණ සැලසුම් සඳහා ඉගෙන ගනු ලබනා ආධුනිකයන් හට මනා පිටිවහලක් වනු ඇත. නමුත් ඒ ශ්‍රී ලංකාවේ තත්වය නොවේ.
පැතුම් පුංචිහේවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage