NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

25 July 2020

Cloud computing

වලාකුල් පරිගණනය (Cloud computing)

අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව්‍යාපාරික මෘදුකාංග හෙවත් applications සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි. මේ අනුව කෙනෙකුට තමන්ට අවශ්‍ය විවිධ වර්ගයේ මෘදුකාංග මිලට ගැනීමට,ඒවා නිර්මාණය කිරීමට,තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට වැනි කටයුතු කිරීමේ හැකියාව පවතී.


මෙහි cloud හෙවත් වලාකුළු යන්නෙන් අදහස් වන්නේ කිසියම් ජාලයක් (network) හෝ අන්තර්ජාලය යන්නයි. එනම් ඕනෑම තැනක සිට කිසියම් දෙයක් සමඟ එකතු වීමේ හැකියාව මේ හරහා ලැබේ. Cloud මඟින් WAN,LAN හෝ VPN යන පුද්ගලික හෝ පොදු ජාල හරහා විවිධ සේවා සැපයිය හැකිය.
මෙම cloud computing තාක්ෂණය පිළිබඳව මුලින්ම සංකල්පය ඇති වූයේ 1950 වැනි ඈත අතීතයක සිටයි. පහත සටහනින් දැක්වෙන්නේ 1950 සිට වර්තමානය දක්වා cloud computing වල සිදුවූ පරිණාමයයි.

 

email සේවා, අන්තර්ජාල සම්මන්ත්‍රණ, පාරිභෝගික සේවා කළමනාකරණ සැපයුම් වැනි කාර්යයන් cloud තාක්ෂණය ඔස්සේ සිදුකල හැකිය. Cloud computing තාක්ෂණය මඟින් මෘදුකාංග සහ දෘඩාංග යන දෙවර්ගයම ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා භාවිතා කිරීමේ හැකියාව එම පරිශීලකයන්ට ලැබේ.
මෙය භාවිතා කිරීමේදී අපගේ පරිඝනකයේ විශේෂ මෘදුකාංගයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර මෙහෙයුම් පද්ධතියේ විශේෂයක්ද අවශ්‍ය නොවේ.

Cloud computing හේ භාවිතා වන මූලික සංකල්ප දෙවර්ගයකි. ඒවාට cloud computing models යයි කියනු ලැබේ.

1. Deployment Models
2. Service Models

Deployment Models –
මෙමඟින් හදුන්වනු ලබන්නේ cloud computing සමඟ සම්බන්ධ විය හැකි ආකාරයන් වේ. එනම් cloud කෙසේ ස්ථානගත වී ඇතිද යන්නයි. මේ අනුව cloud ස්ථාපිත විය හැකි ආකාර 4ක් පවතී.

* Public, Private, Hybrid, and Community

Public – විවිධ පද්ධති සහ සේවාවන්ට සාමාන්‍ය පොදු ක්‍රම සහ ස්ථාන වලින් සම්බන්ධ වීමේ හැකියාව මේ නමින් හඳුන්වයි. මෙය ඕනෑම කෙනෙකුට පොදුවේ භාවිතා කල හැකි
වුවත් මෙහි ආරක්‍ෂිතභාවය ඉතා අඩුය.

Private – කිසියම් සංවිධානයකට හෝ සමාගමකට පමණක් cloud සමඟ සම්බන්ධ විය හැකි වීම මෙම ක්‍රමයෙන් සිදුවේ. මෙය පුද්ගලික වන නිසා ආරක්ෂාව පැත්තෙන් යහපත් වේ.

Hybrid – දෙමුහුම් හෙවත් hybrid cloud යනු ඉහත පුද්ගලික හා පොදු යන දෙවර්ගයේ එකතුවකි. මේ අනුව අවදානම් සහිත තීරණාත්මක වැඩ කටයුතු පුද්ගලික හෙවත්
private cloud මඟින්ද, අවදානම් රහිත තීරණාත්මක නොවන වැඩ කටයුතු public cloud මඟින්ද සිදු කෙරේ.

Community – කිසියම් සංවිධානයක හෝ සමාගමක විවිධ කණ්ඩායම් මඟින් cloud භාවිතා කිරීමේ හැකියාව community cloud තාක්ෂණයෙන් සිදු කෙරේ.

Service Models –

අනිත් ක්‍රමය වන්නේ සේවා සැපයීමේ ක්‍රමය හෙවත් Service models ආකාරයයි.

සපයන සේවා අනුව මෙය කොටස් 3කට වර්ගීකරණය කල හැකිය.

  • Infrastructure-as–a-Service IaaS

    Platform-as-a-Service PaaS

    Software-as-a-Service SaaS

තවද Anything-as-a-Service නම් තවත් එක් සේවා ක්‍රමයක් ඇති අතර එහි අඩංගු වන්නේ Network-as-a Service, Business-as-a-Service, Identity-as-a-Service, Database-as-a-Service හා Strategy-as-a-Service යන ඒවා වේ.

Infrastructure-as–a-Service IaaS

සේවාවක් ලෙස යටිතල ව්‍යූහය යන මෙම සේවාවෙන් ලැබෙන්නේ භෞතික යන්ත්‍ර, virtual යන්ත්‍ර, virtual දත්ත ගබඩා පහසුකම් යන ආදියයි. එනම් තව ව්‍යාපාර සඳහා පරිඝනක කොටස් සෘජුවම ලබා නොගෙන
එම සේවා අන්තර්ජාලය හරහා භාවිතා කල හැකි ලෙස මිලදී ගැනීමයි.
උදාහරණයක් ලෙස තම දත්ත සහ තොරතුරු ගබඩා කරගැනීම සඳහා Google drive භාවිතා කිරීම.

Platform-as-a-Service PaaS

මෙමඟින් ලැබෙන්නේ තම ව්‍යාපාරය හෝ අවශ්‍යතාවය සඳහා විවිධ මෙහෙයුම් පද්ධති මෘදුකාංග, සංවර්ධන උපාංග ආදිය online භාවිතා කිරීමේ හැකියාව ලබාගනීමයි.

Software-as-a-Service SaaS

විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කර වැඩ කටයුතු කරගැනීමේ සේවාව මේ නමින් හඳුන්වයි.

Cloud computing භාවිතා කිරීමේ වාසි –

* අන්තර්ජාලය හරහා මෘදුකාංග සමඟ සම්බන්ධ වීමේ හැකියාව.
* ඕනෑම මොහොතක online මඟින් මෘදුකාංග යාවත්කාලීන කිරීම,වෙනස් කිරීම හා මෙහෙයවීම සිදුකල හැකිවීම.
* ලොව ඕනෑම තැනක සිට තම cloud ගිණුමට සම්බන්ධවීමේ හැකියාව.
* භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කුමක් වුවද භාවිතයේ පහසුකම.
* ඕනෑම මොහොතක තාක්ෂණික සහය අන්තර්ජාලය හරහා ලබාගැනීමේ පහසුකම.
* ලිපිද්‍රව්‍ය,ගොඩනැගිලි හා ගෘහ භාණ්ඩ වියදම්, වැටුප් ගෙවීම වැනි අනවශ්‍ය වියදම් අඩු කරගත හැකිවීම.
* කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාර වලට ස්ථාවරව,තනිවම දියුණු වීමට අවස්ථාව ලැබීම.

Cloud computing භාවිතා කිරීමේ අවාසි –

* ආරක්ෂාව සහ පුද්ගලිකත්වය – cloud computing වල ඇති ප්‍රධානම අවාසිය වන්නේ මෙයයි. එනම් cloud computing සමඟ සම්බන්ධ වන අයගේ පුද්ගලික සහ සංවේදී තොරතුරු cloud computing සේවා සපයන තුන්වැනි පාර්ශවයන් අතට යාම තුලින් එම තොරතුරු වල ආරක්ෂාව සහ පුද්ගලිකත්වය නැති විය හැකිය. නමුත් බොහොමයක් cloud computing සේවා සැපයුම් කරුවන් තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වේ.
* Cloud සේවා සපයන ආයතන වල ඇති පද්ධතිවල සිදුවන අඩුපාඩු සහ බිඳවැටීම් නිසා විය හැකි හානි.
* Cloud තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් නොමැතිවීම නිසා භාවිතා කරන්නන් විසින් අඩුපාඩු සිදුවිය හැකි වීම.
* නියමිත පරිදි cloud computing සේවා සඳහා මාසික හෝ වාර්ෂිකව සිදුකරන මුදල් ගෙවීම් අතපසුවීම නිසා එම ගිණුම් අත්හිටුවිය හැකිවීම.
* ඉතා වේගවත්,කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් අවශ්‍ය වීම. සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධථා මඟින් නිවැරදිව වැඩ කරගත නොහැකිවීම නිසා වර්තමානය වනවිටත් ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල මෙම තාක්ෂණයේ භාවිතාව අඩුය.

Cloud computing වල ඇති ලක්ෂණ –

ප්‍රධාන වශයෙන්ම cloud computing වල ලක්ෂණ 4ක් ඇත. පහත සටහනින් දැක්වෙන්නේ එම ලක්ෂණයි.

* On Demand Self Service – මෙමඟින් කියවෙන්නේ cloud සේවා සපයන්නන් විසින් භාවිතා කරන්නන්ට වෙබ් සේවා සහ සම්පත් තම අවශ්‍යතාවය අනුව ලබාගෙන ඕනෑම මොහොතක සම්බන්ධවී භාවිතා කල හැකිවීම යන්නයි.
* Broad Network Access – ලොව ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක සම්බන්ධ විය හැකිවීමයි.
* Resource Pooling – cloud computing තාක්ෂණය මඟින් විවිධ උපාංග සහ සම්පත් භාවිතය සහ හුවමාරු කිරීමේ හැකියාව පවතී.
* Rapid Elasticity – cloud computing භාවිතා කරන්නන්ට තමන් භාවිතා කරන විවිධ සම්පත් අඩු වැඩි කිරීමේ හැකියාව ඇත.

Cloud computing භාවිතයට ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු –

* දත්ත වල ආරක්ෂාව සහ පුද්ගලිකත්වය
* අදාළ සේවා වල මිල ගණන්
* භාවිතා කරන්න අවශ්‍ය cloud සේවා වල වර්ගය
* දත්ත සංරක්ෂණය කර නැවත ලබාගැනීම හැකියාව (backup)
* ඕනෑම මොහොතක සේවා සහය (customer service) ලබාගත හැකිද යන්න
* තමන්ගේ ව්‍යාපාරික හෝ වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිද යනවග
* භාවිතා කිරීමට යන cloud computing සේවා සැපයුම්කරු ගැන විස්තර (අත්දැකීම්,විස්වාසනීයත්වය,පළපුරුද්ද ආදිය)

 

 

Infrastructure-as-a-Service

Infrastructure-as-a-Service

මඟින් තම පාරිභෝගිකයාට අවශ්‍ය මූලික භෞතිකමය සම්පත් වන පරිඝනක යන්ත්‍ර, ගබඩාකරණ පහසුකම් ආදිය virtual ලෙස (එනම් පාරිභෝගිකයාට භෞතිකමය කොටස් මිලදී ගෙන තමන් ළග තබාගත යුතු නැති අතර cloud සේවා සපයන ආයතන වල ඇති එවැනි සම්පත් අන්තර්ජාලය හරහා භාවිතා කිරීමේ හැකියාව ) cloud හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීම සිදු කරයි.
මෙම සේවාව හරහා ලැබෙන වාසි බොහොමයක් තිබේ.

වාසි –
1. පහසුවෙන් තමන් කැමති ස්ථානයක සිට, කැමති වෙලාවක සම්පත් භාවිතා කිරීමේ හැකියාව.
2. භෞතිකමය සම්පත් ගබඩා කිරීමට අවශ්‍ය නොවන නිසා තම ව්‍යාපාර ස්ථාන වල ඉඩකඩ පහසුකම් ලැබීම.
3. භෞතිකමය සම්පත් වලට වැයවන විදුලිය,නඩත්තු වියදම් ආදිය අවම වීම.
4. cloud සේවා සපයන ආයතන වලින්ම සියලු නඩත්තු කටයුතු සහ යාවත්කාලීන කිරීම සිදු කරන නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන්ම තම ව්‍යාපාර නව්‍යකරණය කරගැනීම හැකියාව.
5. තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව සේවා සහ සම්පත් වලට මුදල් ගෙවීමේ හැකියාව.

අවාසි –
1. cloud සේවා සපයන ආයතන වල සිදුවන හදිසි බිඳ වැටීම් නිසා දත්ත සහ තොරතුරු වලට හානි සිදුවිය හැකිවීම.
2. මනා දැනුමක් තිබිය යුතුවීම.
3. සමහර භෞතිකමය සම්පත් සෑම මෘදුකාංගයක් සමඟම වැඩ නොකරන බැවින් ගැලපෙන මෘදුකාංගද cloud හරහා ලබාගැනීමට සිදුවීම

 

Software-as–a-Service

SOFTWARE-AS–A-SERVICE

මඟින් කරනු ලබන්නේ cloud තාක්ෂණය හරහා පාරිභෝගිකයන්ට තම වැඩ කටයුතු සහ ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මෘදුකාංග ලබාගත හැකිවීමයි.
උදාහරණ ලෙස මිල සටහන් සහ බඩු ලේඛන පද්ධති (Billing and invoicing system), පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධති(Customer Relationship Management), මානව සම්පත් පද්ධති (Human Resource Solutions) සහ වෙනත් desktop මෘදුකාංග ආදි සේවා සැපයීමයි.

සමහර SaaS සේවාවන් අවශ්‍ය පරිදි වෙනස් කරගත නොහැකි අතර තවත් සමහර අවස්ථාවල පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි තම මෘදුකාංග වෙනස් කිරීමට සහ වැඩි දියුණු කිරීමට Application Programming Interface (API) පහසුකම් සපයා ඇත. උදාහර ලෙස Microsoft Office Suite ආදිය වෙනස් කිරීමේ හැකියාවක් නැත. නමුත් Billing and invoicing system ආදිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකියාව තිබේ.

වාසි –
1. අවශ්‍ය තරම් මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගත හැකිවීම.
2. සාමාන්‍ය වෙළඳපොලෙන් ලබාගන්නවාට වඩා අඩු මිළට cloud හරහා මෘදුකාංග ලබාගැනීම හැකියාව.
3. නිරන්තරයෙන් මෘදුකාංග යාවත්කාලීන වන නිසා නව්‍ය සේවා ලබාගැනීමට හැකිවීම.
4. සමහර මෘදුකාංග තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිවීම.

අවාසි –
1. අන්තර්ජාලයට browser එකක් හරහා සම්බන්ධවී වැඩ කල යුතු නිසා සමහර මෘදුකාංග සහ සේවා browsers සමඟ නිවැරදිව ක්‍රියාත්මක නොවීම.
2. එක දිගට වැඩ කරන විට වේගවත් සහ සීමා රහිත අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍යවීම.
3. සමහර මෘදුකාංග සමඟ වැඩ කිරීමට හොඳ දැනුමක් තිබිය යුතුවීම.

 

PaaS

PaaS

යනු අන්තර්ජාලය හරහා විවිධ මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය runtime environment (ධාවන පරිසරය ) සහ development and deployment tools (ප්‍රවර්ධන මෙවලම් සහ උපාංග) ආදිය ලබාගැනීමේ හැකියාවයි. මෙහිදී cloud සේවා ලබාගන්නා පුද්ගලයාට තම cloud සේවාදායකයාගේ සේවා පරිසරයට සම්බන්ධ වී වෙබ් සහ වෙබ් නොවන මෘදුකාංග නිර්මාණය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදු කල හැකිය.

App Engine of Google සහ Force.com යනු PaaS වලට හොඳ උදාහරණ වේ. කිසියම් එක් cloud සේවා දායකයෙකුට කොටු වීමට සිදුවීම PaaS වල ඇති ප්‍රධානම අවාසියකි. එනම්, Cloud සේවා ලාභියා App Engine of Google මඟින් කරනු ලබන මෘදුකාංගයක් ධාවනය කල හැක්කේ එම පරිසරයේම පමණි.

වාසි –
1. ඉතා අඩු මිලකට සේවා ලබාගත හැකිවීම.
2. යාවත්කාලීන කිරීම (updates) නිතර සිදුවන නිසා නව්‍ය සේවා ලැබිය හැකිවීම.
3. ඕනෑම ස්ථානයක සිට ඕනෑම වෙලාවක සම්බන්ධ විය හැකි වීම.
4. වැරදි, අඩුපාඩු නිවැරදි කිරීම ආදි පහසුකම් cloud සේවා සපයන්නාගෙන් ලබාගත හැකිවීම.
5. තම දත්ත සහ තොරතුරු නැතිවී යාමේ හැකියාව අඩුවීම.

අවාසි –
1. වැඩ කිරීමට මනා දැනුමක් තිබිය යුතු වීම.
2. ඉතා හොඳ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබිය යුතුවීම.
3. තමන් නිර්මාණය කරනු ලබන පරිසරය තුල පමණක් වැඩ කිරීමට සිදුවීම.

උපුටා ගැනීම: ictpasala.com

0 comments:

Post a Comment

Write your comment and submit as a massage