Email කියන්නේ අද කාලේ අන්තර්ජාලය භාවිතා කරන හැමෝම යොදාගන්නා සේවාවක්. Email, එහෙමත් නැතිනම් Electronic Mail කියලා කියන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් පරිඝනක දෙකක් හෝ කිහිපයක් අතර text,files ආදිය messages (පණිවිඩ) ලෙස හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.
Email Protocols
අන්තර්ජාලය භාවිතයේදී මෙන්ම Email භාවිතයේදීත් Protocols කියන දේ අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. Protocols කියලා කියන්නේ හරියට මුලධර්ම,ක්‍රමවේද,නීති රීති වගේ දෙයක්. Email භාවිතාකරන විටත් අපිට අවශ්‍යය වන Protocols කිහිපයක් තිබෙනවා.
1. SMTP – Simple Mail Transfer Protocol
1982 දී නිර්මාණය වුනු මෙම protocol එක මඟින් අන්තර්ජාලය හරහා කාර්යක්ෂමව email යැවීම සිදු කරනවා. Email servers අතර පණිවිඩ (messages) හුවමාරු කරවීමට මෙය ඉතා අත්‍යාවශ්‍යයි. ඔබ යවන ලද email එකක් නිවැරදිව අදාළ පුද්ගලයාට නොලැබුනවිට ඒ පිළිබඳව දැනුවත් කර error report එකක් එවීම සිදු කරයි. SMTP වල port අංකය වන්නේ 25 ය.
2. IMAP – Internet Mail Access Protocol
1986 දී ප්‍රථම වරට ඉදිරිපත් වුන මෙමඟින්, email server එක තුළ ඇති emails ඔබගේ පරිඝනකයට බාගත වීමකින් තොරව මෙහෙයවීමේ හැකියාව ලැබේ. Email පණිවිඩය කියවීමකින් තොරව download කරගැනීම, delete කරගැනීම, මෙන්ම emails සෙවීමේ (search) පහසුකම්ද IMAP මඟින් හිමිවේ. 143 යනු IMAP වල port අංකය වේ.
3. POP – Post Office Protocol
POP protocol වල නවතම භාවිතය POP3 වේ. මෙහි ඇති ප්‍රධානතම වාසියක් වන්නේ අඩු අන්තර්ජාල භාවිතයක් සමඟ offline සිටිමින් email වලට සම්බන්ධ වීමේ හැකියාවයි. නමුත් emails කියවීමට නම් ඔබගේ පරිඝනකයට ඒවා බාගත කරගැනීම අත්‍යාවශ්‍ය වේ. POP3 වල port අංකය 110 වේ.
Email වල සේවා සපයන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකි.
1. Web based email
2. Client based email
1. Web based email
බොහොමයක් දෙනෙක් භාවිතා කරන සාමාන්‍යය email සේවාව මෙය වේ. එනම් මෙහිදී email සේවා ලබාගැනීමට නම් ඔබට අන්තර්ජාලයට පිවිස email ගිණුමට සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා ඔබට username සහ password අවශ්‍යය වේ. ඔබට web browser එකක් හැරෙන්න වෙනත් කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය නොවීම, ඕනෑම තැනක සිට ඕනෑම පරිඝනකයකින් email ගිණුමට සම්බන්ධ වීමට හැකිවීම මෙහි ඇති වාසි වේ. නමුත් ආරක්ෂාව අතින් බැලූවිට මෙය තරමක් දුර්වල ක්‍රමයකි. මක් නිසාද යත් ඔබගේ email ගිණුමේ username සහ password එක මඟින් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය භාවිතා කර email ගිණුමට හොරෙන් සම්බන්ධ විය හැකිය.
Web based email සඳහා උදාහරණ –
Gmail, yahoo mail, AOL mail, Hotmail, ZOHO mail, Lycos mail
2. Client based email
බොහොමයක් ව්‍යාපාරික සහ වෘත්තීමය මට්ටමේ අය භාවිතා කරන email සේවාව වන්නේ මෙයයි. මෙහිදී email සේවා ලබාගැනීමට නම් තම පරිඝනකයට අදාළ email මෘදුකාංගයක් ලබාගත යුතුය. Web based email වලට වඩා ආරක්ෂාව අතින් ඉදිරියෙන් සිටින මෙහි අවාසිදායක තත්වයක් වන්නේ තම email ගිණුමට සම්බන්ධවීමට නම් අදාළ මෘදුකාංගය install කර ඇති පරිඝනකයම අවශ්‍ය වීමයි.
Client based email සඳහා උදාහරණ –
Outlook, Thunderbird, and Windows Live Mail
0 comments:
Post a Comment
Write your comment and submit as a massage