16 November 2025
06 July 2024
27 June 2024
18 May 2024
07 March 2024
06 August 2023
29 July 2023
24 June 2023
15 May 2023
උසස් පෙළ නව කණ්ඩාම් පංති
Group Class 2024
2024 නව කණ්ඩායම් පංතිය කුරුණෑගල කන්‍යාරාම මාවතේ (Convent ඉදිරිපිට පාරේ) පිහිටි විද්‍යාලෝක ආයතනයේ දී සෑම සෙනසුරාදා දිනකම ප.ව.2.30 සිට 5.00 දක්වා පැවැත් වේ.
15 April 2023
Cloud Computing (වලාකුළු පරිගණනය)
What is Cloud Computing
වලාකුළු පරිගණනය යනු කුමක්ද?
14 April 2023
09 April 2023
What is big data? මහා දත්ත යනු මොනවා ද?
Big Data
27 March 2023
26 February 2023
General Information Technology (GIT)
GIT විභාගය ගැන
අ.පො.ස.(උසස් පෙළ) විෂය මාලාවේ ප්‍රදාන
විෂයයන් 3ට අමතරව General English සහ General Information Technology
(GIT) යන විෂයන් දෙක හඳුන්වා දී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
යුගයට අයත් නූතන සමාජය තුළ ජීවත් වීමට සහ රටේ සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය තොරතුරු
තාක්ෂණ සාක්ෂරතාව (ICT literacy) ලබා දිමට 2006 වසරේ දී මෙම
විෂය දෙක හඳුන්වා දෙන ලදී.
එක් අවුරුදු පාඨමාලාවක් ලෙස 12 ශ්‍රෙණියේදී පමණක් හැදෑරීමට අවස්ථාව ලබා දෙන මෙම විෂයට අදාළ විභාගය සිසුවා 12 ශ්‍රේණියේ සිටින කාලය තුළ වෙනම පැවැත්වේ. එක වරක් පමණක් සහභාගී වීමට අවස්ථාව ලබා දේ. 2009 සිට අනිවාර්ය විෂයක් බවට පත් කෙරුණ අතර 2017 දක්වා ලිඛිත පරීක්ෂනයක් මගින් දැනුම පරීක්ෂාවට ලක්විය. 2018 දී ඉතා සාර්ථකව ලංකාවේ ප්‍රථම මාර්ගගත පරීක්ෂණය (ලොව විශාලම පිරිසක් සහභාගි වී ඇති Online Test එක ලෙස මෙය සළකයි.) තුළින් සත්‍ය වශයෙන්ම දැනුම හා කුසලතාව ඇගයීමට ලක්විය. 2019 වසරේ දී රටේ ඇති වු අර්බුදකාරී තත්ත්වය තුළ 2020 මාර්තු මාසයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ දෙවන මාර්ගත පරීක්ෂණය අවළංගු විය. ඒ අනුව මේ දක්වා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මෙම විභාගය මග හැරුණි.
සාමාන්‍ය පෙළ ICT විෂය නිර්දේශයටත් වඩා අඩු දැණුම් පරාසයකින් යුතු මෙම විෂය නිර්දේශය පහසුවෙන් ඉගන ගෙන GIT ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් පිළිතුරු ලිවිය හැකියි. ඒ සඳහා මේ කෙටි කාලය තුළ ඔබට තරමක් මහන්සි වී විභාගය තෙක් මගේ මාර්ගග පංති වලට අඛණ්ඩව සහභාගි විය හැකිනම් GIT වලට A සාමාර්ත සහිතව සමත්වීම අපහසු නොවේ.
GIT සහතිකයේ වැදගත් කම
- විභාග දෙපාර්ථමේන්තුවේ සහතිකයක් ජීවිත කාලයටම වටිනා බැවින් රජයෙන් නොමිලේ ලබාගත හැකි පරිගණක සහතිකයක් වීම.
- උසස් පෙළට ICT නොකලත් GIT සහතිකය තුළින් ඔබට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව (ICT literacy) ඇති පුරවැසියෙකු බව සනාථ කළ හැකි වීම. (රටක පුරවැසියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව රටේ සංවර්ධනය මනින නූතන මිණුම් දණ්ඩකි.)
- පුද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා තරඟයේදී ඔබේ තොරතුරු තාක්ෂණ කුසලතාව පෙන්වීමට පිළිගත් සහතිකයක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.
- රාජ්‍ය සේවයේ දී තනතුරු උසස්වීම් සඳහා පවත්වන කඩ ඉම් විභාග වලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ විභාගයෙන් නිදහස්වීමට GIT සහතිකය ඉදිරිපත් කළ හැකි වීම.
(B.Sc., MCP,) ISA(ICT)
071 710 64 68
WhatsApp සමූයට එක්වීමට පහත සන්ධානය භාවිත කරන්න.
https://chat.whatsapp.com/L1lQf557uRJAIPSJYUKXJb
21 February 2023
ලඟදී ඇරඹෙන විශ්ව විද්‍යාල පාඨමාලා
ලඟදී ඇරඹෙන විශ්ව විද්‍යාල පාඨමාලා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ළඟ දී ඇරඹෙන පාඨමාලා සඳහා දැන් අයදුම් කළ හැක.
- Short Course in Qualitative Data Analysis
- M.Ed.
Short course in Professional web development using Joomla and WordPress (Online)
Bachelor of Industrial Studies Honours – Textile Manufacture Specialization
Bachelor of Industrial Studies Honours – Fashion Design and Product Development
Bachelor of Industrial Studies Honours – Apparel Production and Management
The Bachelor of Education Honours in Natural Sciences Degree Programme
කොළඹ විශ්වවිදයාලයේ පහත පාඨමාලා සඳහා ද අයදුම් කළ හැක.
- පුස්තකාලයාධිපතිත්ව උසස් සහතිකපත්‍ර පාඨමාලාව (2023)(සිංහල / දෙමල මාධ්‍ය)
- පාසල් පුස්තකාලයාධිපතිත්වය පිළිබඳ ඩිප්ලෝමාව
- පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
- පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව 1 සහ 2
ස්වාමි විපුලානන්ද ආයතනය

















