28 December 2018
18 December 2018
03 December 2018
සා.පෙළ ප්‍රශ්න පත්‍ර
December 03, 2018
No comments
මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ-දරුවන්ට විභාගය සාර්ථකව ජය ගැනීමට මාගේ උණුසුම් සුභ පැතුම් සමග පිදෙන තිළිනයකි මේ.
ඔබේ දයාබර ගුරුතුමා
කිත්සිරි අබේසිංහ
අ.පො.ස.(සා.පෙළ) ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර
10 November 2018
පාස්වර්ඩ් අමතක වුනොත් පරිගණකයට ඇතුල්වෙන ක්‍රමය
November 10, 2018
No comments
පාස්වර්ඩ් දාපු පරිගණකයට ලේසියෙන් ඇතුල් වෙන්නේ මෙහෙමයි.
- මුලින්ම Guest Account එකට ලොග් වෙන්න.
- My Computer Right click කරන්න.
- Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ Local Users & Groups කියන එක ඩබල් ක්ලික් කරන්න.
- දැන් Users ක්ලික් කරන්න.
- එතන සේරම account ටික තියෙනවා.
- ඒවයින් Administrator තොර ගන්න.
- දන් Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට පස්සේ Proceed කරන්න
- දැන් ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට් වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
- හදිසියෙවත් ඒ පාස්වර්ඩ් එකත් අමතක වුනොත් ආපහු මේ පියවර අනුගමනය කරන්න
ඔයාට ලොග් වෙන්න ඕන පරිගණකයේ Guest එක නැත්තම් Hard Reset එක කරනවිදිය මෙතනින් ගහින් බලන්න
09 November 2018
කෘතිම බුද්ධිය
November 09, 2018
No comments
Artificial Intelligence (කෘතිම බුද්ධිය) මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක්
වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.
· නමුත් එකක් මතක තියගන්න ඕන, මේ උපකරණ රොබෝ තාක්‍ෂණය භාවිත කරනවා කියලා හැම උපකරණයක්ම රොබෝ කෙනෙක්ගේ ස්වරූපය ගන්නේ නැහැ. විවිධ ස්වරූපවල උපකරණ තිබෙන්න පුළුවන් කෘතිම බුද්ධිය සහිත. පරිගණකයක්, නියමුවන් රහිත ගුවන් යානයක් හෝ එය මිනිස් මෙහෙයවීමකින් තොර තණකොල කපන යන්ත්‍රයක් වෙන්නත් පුළුවන්.
හොඳයි, අපි බලමු කොහොමද මේ කෘතිම බුද්ධිය වර්තමානයේ සහ අනාගතයේදී මිනිස් ක්‍රියාකාරකම්වලට සහයෝගය දෙන්නේ කියලා.
10. කාලගුණ විපර්යාස කල්තියා හඳුනා ගැනීමට
කාලගුණ විද්‍යාඥයින් විසින් චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ලබා ගත් ඡායාරූප හොඳින් විශ්ලේෂණය කරලා තමා කාලගුණ විපර්යාස කල්තියා හඳුනාගන්නේ. ඉතින් කොයි තරම් දක්‍ෂ කාලගුණ විද්‍යාඥයෙක්ට වුනත් එම ඡායාරූපවල තිබෙන යම් යම් රටාවන් සහ සංකීර්ණ දත්ත ඔහුගේ මිනිස් ඇසට හසු නොවන්න තිබෙන ප්‍රවණතාවය වැඩියි. එනිසා කාලගුණ අනාවැකිවල නිරවද්‍යභාවය අඩුවීමේ හැකියාව තිබෙනවා.
ඉතින් කෘතිම බුද්ධිය සහිත මෘදුකාංගයක් ස්ථාපිතකල පරිගණකයකට පුළුවන් චන්ද්‍රිකා ඡායාරූප විශාල සංඛ්‍යාවක් විශ්ලේෂණය කරලා එහි තිබෙන සංකීර්ණ දත්ත සහ රටාවන් හොඳින් හඳුනාගන්න. මේ නිසා අනාවැකිවල නිවැරදිභාවයත් වැඩියි, ඒවා විශ්ලේෂණය කිරීම සඳහා වැයවන කාලයත් ඉතිරියි.
වර්තමානයේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් නියමුවන් රහිත AI (Artificial Intelligence) ගුවන් යානා කුණාටු සහ දරුණු කාලගුණික අවස්ථා කල්තියා හඳුනාගැනීම සඳහා පුහුණු කරන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඔබට වෙලාවක් හෝ මේ සම්බන්ධ වැඩි දුර උනන්දුවක් තිබෙනවා නම් නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන ඉහත වැඩසටහන පිළිබඳ විස්තර මෙම ලින්ක් එක ඔස්සේ ගොස් කියවා බලන්න. University Corporation for Atmospheric Research.
09. අවදානම් හෝ නීරස කාර්යයන් ඉටු කරවා ගැනීම සඳහා.
ඔබට නිවසේ පොළව mop කිරීම තරම් නීරස කාර්යයක් තවත් නොතිබෙන්න පුළුවන්. නිසි කාලසටහනක් අනුව ඔබේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වී පොලව පවිත්‍ර කිරීමෙහි යෙදෙනා රොබෝ රික්තක ශෝධකයක් (robotic vacuum cleaner) ඔබ වෙනුවෙන් එම කාර්යයෙහි නිරතවන්නේ නම් ඔබට කෙතරම් පහසුවක් වේවිද? Roomba(http://en.wikipedia.org/wiki/Roomba) කියන්නෙත් කෘතිම බුද්ධියක් සහිත විශිෂ්ඨ රොබෝ රික්තක ශෝධකයක්. ඉතින් සමතල මතුපිටක් මත විතරක් නෙමෙයි අනාගතයේදී විවිධ බාධක සහිත පෘෂ්ඨ පව්ත්‍ර කිරීම සඳහාත් කෘතිම බුද්ධිය සහිත උපකරණ නිර්මාණය සඳහා පර්යේෂණ සිදුවෙනවා. එය ඔබේ පඩිපෙල, ලී බඩු වැනි උපකරණ වෙන්න පුළුවන්, ඔබට ලඟාවීමට අපහසු නිවසේ උස ස්ථාන පවිත්‍ර කිරීමට පවා යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබට තිබෙන්නේ බලන් ඉන්න විතරයි.
නිවස ආශ්‍රිත පවිත්‍ර කිරීම පමණක් නම් මොකද, විශාල පිට්ටනිවල තණකොල කපන්නෙත් දැන් කෘතිම බුද්ධිය සහිත තණකොල කපන යන්ත්‍රවලින්.
බලන්න මේ “ RG3” කියන රොබෝ තණකොල කපන යන්ත්‍රය විසින් ගොල්ෆ් පිට්ටනියක තණකොළ කපන ආකාරය. මෙහි මිල ඩොලර් 25000ක් පමණ වෙනවලු. මේ ගොල්ෆ් පිට්ටනියේ කළමණාකාරීත්වය කියන්නේ මිනිසුන්ට වඩා හොඳට මේ යන්ත්‍රය විසින් තණකොල කපන බවයි.
තව කසල ප්‍රතිචක්රීකරණයේදී කසල වර්ගය තෝරා ගැනීමට, ඒ කියන්නේ අදාල කසලය ප්ලාස්ටික්ද, ලෝහද, වීදුරුද හෝ වෙනත් අමුද්‍රව්‍යකින් සාදන ලද්දක්දැයි තෝරා බේරා ගැනීමට දැනටමත් AI උපකරණ භාවිත කරනවා.
හොඳයි, කොහොමද අවදානම් කාර්යයන් සඳහා AI යොදා ගන්නේ?
යුධමය අවස්ථාවන්හි සතුරු ප්‍රදේශ හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමට, ඔත්තු බැලීමට AI සහිත නියමුවන් රහිත ගුවන් යානා යොදාගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණ තමා “ප්‍රිඩේටර් ඩ්‍රෝන්” කියන රොබෝ ගුවන් යානය සහ ඕනෑම විශම පෘෂ්ඨයක් මත ගමන් කල හැකි ඔත්තු බලන “බිග් ඩෝග්” කියන රොබෝ සුනඛයා.
තව බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉතා අවදානම් කාර්යයන් සඳහාද මිනිසුන්ගේ මැදිහත් වීමක් නොමැතිව රොබෝ යන්ත්‍ර යොදා ගන්න පුළුවන්.
තව පතල් ආශ්‍රිත කටයුතු, ගිනි නිවීමේ කටයුතු සහ විකිරණශීලී ද්‍රව්‍ය අත්හදා බැලීමේ කටයුතු AI උපකරණ යොදාගන්න පුළුවන්.
08. පරිසරය රැක ගැනීමට
වායු සහ ජල දූෂණය අවම කිරීමට අනාගතයේදී විද්‍යාඥයින් විසින් රොබෝ උපකරණ භාවිත කරනු ඇත. ඉතා උසස් ගණයේ මෘදුකාංග ස්ථාපිත උපකරණ විසින් වායුගෝලයේ සහ ජලයේ ඇති විශ රසායනික කොටස් හඳුනාගත් පසුව එම රසායනික කොටස් ක්‍ෂුද්‍ර ජීවීන් විසින් භක්‍ෂණය කෙරෙනු ඇත.
ලෝකයේ දියුණු රටවල කරමාන්තශාලා ආශ්‍රිතව කෘතිම බුද්ධියක් සහිත වැඩසටහන් ස්ථාපිත කර ඇත්තේ අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්‍ෂණය සඳහායි. නිෂ්පාදන ක්‍රියාවලියේදී අතුරුඵල ලෙසට කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි විශ වායූන් පිටවෙන අතර, එකී වැඩසටහන් මඟින් එම විශ වායූන් නිපදවෙන්නේ නිශ්පාදන ක්‍රියාවලියේ කුමන අවස්ථාවන්වලද, එහි කිසියම් රටාවක් තිබේද කියා නිරීක්‍ෂණය කරයි. ඒ අනුව අතුරුඵල ලෙස නිපදවෙන විශ වායුන් අවම කර ගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය වෙනසකට භාජනය කල හැක.
07. රියදුරන් රහිත ගමනාගමනයක් සඳහා
සිතන්න කල් තියා බාධක හඳුනාගෙන ඔබට අනතුරු හඟවන වාහනයක් ගැන. නැත්නම් ඔබ හොඳ සැප පහසුවට වාඩි වී සිටින විට ඔබව අවශ්‍ය ස්ථානයට රැගෙන යන රියදුරු නොමැති වාහනයක් ගැන! ඔබට ඇත්තේ වටපිට සිරි නරඹමින් යන එක විතරයි. ඔබට විශාල වාහන ගොඩක් අතර රිය ගාල් කිරීම එපා කරවන්නේද? ඔබට ඇත්තේ බලා සිටීම පමණි, ඔබ වෙනුවෙන් කෘතිම බුද්ධියක් සහිත ඔබේ වාහනය එය කරනවා ඇත.Toyota Prius සහ සමහර Lexus වර්ගයේ වාහනවල දැනටමත් මෙම පහසුකම ඇත. ඔබට ඇත්තේ රථය ගාල් කිරීම සඳහා බොත්තමක් එබීම පමණයි.
ජපානයේ දැනටමත් මගී ප්‍රවාහනය සඳහා රියදුරන් නොමැති දුම්රිය භාවිත කෙරේ. 2010 දී ගූග්ල් සමාගම විසින් රියදුරන් නොමැති මෝටර් රථයක් පර්යේෂණ කටයුතු සඳහා යෙදවිණි. මෙහිදී මාර්ගයේ ඇති බාධා, සංඥා සහ පදිකයින් හඳුනා ගැනීම කැමරා, ලේසර් තාක්‍ෂණය සහ සංවේදක යොදා ගැනුණි.
06. අභ්‍යවකාශ ගවේෂණයට
මිනිසුන්ට ලඟා වීමට අපහසු ග්‍රහ වස්තූන් නිරීක්‍ෂණය සඳහා නාසා ආයතනය විසින් කෘතිම බුද්ධියක් සහිත අභ්‍යවකාශ යානා සහ උපකරණ යොදා ගනී. අඟහරු ග්‍රහයා මත මෑත කාලයේ සිදු කල පර්යේෂණ මේ සඳහා හොඳ උදාහරණයක් වන අතර අඟහරු ග්‍රහයා ඡායාරූපගත කිරීම, පස් සාම්පල එකතු කිරීම සඳහා යොදා ගත් රෝවර් උපකරණය කෘතිම බුද්ධියක් සහිත විශිෂ්ඨ නිර්මාණයක්. මෙම උපකරණවලට ආවාට වැනි බාධක හඳුනාගෙන ඒවා වටා යමින් ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. “ NASA Jet Propulsion Laboratory”
අපි හිතමු අනාගතයේදී මිනිසුන් අඟහරු ග්‍රහ ලොවට ගියා කියලා, අඟහරු ග්‍රහයා මතදී අභ්‍යවකාශ යානයේ යම් ගැටළුවක් මතු වෙලා ඔවුන්ට පෘතුවියෙන් යානය පිලිසකර කර ගැනීමට උපදෙස් අවශ්‍ය කරනවා. ඒත් අඟහරු ග්‍රහයාගේ සිට පෘතුවියට රේඩියෝ තරංග ඔස්සේ පණිවිඩයක් ලඟා වීමට විනාඩි 11ක් ගත වෙනවා. ඉතින් අඟහරු සිට පෘතුවිය සන්නිවේදනය මඟින් යානය පිලිසකර කිරීමට උපදෙස් ගැනීම වෙලාව අතිශයින් ගතවෙන වැඩක්. එනිසා යානයේම කෘතිම බුද්ධියක් සහිත මෘදුකාංග ස්ථාපිත කරලා තියෙනවා ගගනගාමීන් හට යානයේ දෝෂය හඳුනාගෙන එය පිලිසකර කිරීමට උපදෙස් ලබා දෙන.
05. ඔබේ මූල්‍ය සම්පත්වල ආරක්‍ෂාව සඳහා
Artificial Intelligence මෘදුකාංග වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ කොටස් වෙළඳපල ආශ්‍රිත කටයුතු සඳහා. මෙම මෘදුකාංග මඟින් කොටස්වල මිල වෙනස්වන රටාව නිරීක්‍ෂණය කරනවා. නිරීක්‍ෂණ රටාව අනුව කොටස්වල මිල ඉහල යන බව පෙනෙන්නේ නම් ඔබට පුළුවන් වහාම ඔබේ කොටස් විකුණා විශාල ලාභයක් අත් කර ගැනීමට. මෙමඟින් කොටස් වෙළඳපල කටයුතු කාර්යක්‍ෂම වී ආයෝජකයන් හට වාසි දායක ලෙස ගනුදෙනුවල නිරත විය හැකියි.
04. භෞතික ආරක්‍ෂාව සඳහා
Artificial Intelligence උපකර්ණ භාවිත කර ගෙවල් මංකොල්ලකෑම් සහ දුරකථන ආශ්‍රිත තර්ජනවලින් ආරක්‍ෂා විය හැකියි. මෙම උපකරණවලට පුළුවන් සාමාන්‍ය දුරකථන ඇමතුම් සහ තර්ජනාත්මක දුරකථන ඇමතුම් හඳුනාගන්න.
නිවසට සොරෙක් ඇතුළුවීමට පෙර ඒ පිළිබඳව අනතුරු හැඟවීමටත් Artificial Intelligence උපකරණවලට හැකියි. ඉස්සර නම් සොරුන් හඳුනා ගත්තේ චලන සංවේදක මඟින්, ඒත් වර්තමානයේ AI උපකරණවලට හැකියි නිවසේ පදිංචිකරුවන් සහ පිටස්තර පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න.
03. ගෙදර දොරේ එදිනෙදා කාර්යයන් කරවා ගැනීම සඳහා.
සිතන්න දැනට ඔබේ ගෙදර මෙහෙකාරිය වෙනුවට අනාගතයේදී එම තැන ගන්නා රොබෝ යන්ත්‍රය ගැන. එය ඔබේ වළන් පිඟන් සෝදා දේවි, ඔබේ ගේ අතු ගාවි, බඩු මුට්ටු සුද්ද පවිත්‍ර කරයි. ඒ විතරක්ද? ඔබේ ලමයින් පවා බල ගනීවි, එතකොට සුරතල් සතුන්? ඔව් උන්වත් නාවලා පිරිසිදු කරයි.
ඊට අමතරව වයසක පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන්ටත් වැඩපල කර ගැනීම සඳහා මේ රොබෝ යන්ත්‍රය විසින් සහය දේවි. අනාගතයේදී ඔබ නිවසකට ගියොත් ඔබට තේ හෝ බීම පිලිගන්වන්නේ බොහෝ දුරට රොබෝවෙක් වෙන්න පුළුවන්. බලන්න ජපානයේ හොන්ඩා ආයතනයේ විශිෂ්ඨ නිර්මානයක් වන “ඇසිමෝ” රොබෝ යන්ත්‍රය විසින් කරන වැඩ.
02. වෛද්‍ය ක්‍ෂේත්‍රය සඳහා.
ඇමෙරිකාවේ Cedars-Sinai Medical Center එක විසින් උපකරණයක් නිපදවා තිබෙනවා හෘද රෝගීන් උදෙසා. ඒ කියන්නේ මෙම උපකරණය විසින් රෝගියාගේ හෘදය නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කරනවා heart attackසම්බන්ධයෙන්, උපකරණයට නිරීක්‍ෂණය වෙනවා නම් heart attack සිදු වීමට යන බව, එය වැලැක්වීම සඳහා වහාම නිසි ක්‍රියාමාර්ග ගන්නවා. ප්‍රමිතියෙන් ඉහල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ වර්ග හඳුනා ගැනීමටත් Artificial Intelligence යොදා ගන්නවා.
ශල්‍යකර්ම සිදු කිරීමේදී වෛද්‍යවරුන් හට ඉදිරියේදී රොබෝ සහය ලබා ගැනීමට හැකි වේවි, රොබෝ විසින් වෛද්‍යවරයාට අවශ්‍ය කරන නිවැරදි ශල්‍ය උපකරණය අවශ්‍ය වේලාවට ලබා දීමට කටයුතු කරාවි.
01.රොබෝ-මිනිස් සංකලන ජිවී විශේෂයක ආරම්භය (Transhumanism)
මෙය තවමත් සංකල්පයක් පමණි. මෙවන් ජීව කොට්ඨාශයක් තැනීම මානව ආචාර ධර්මවලට පටහැනි වුවත්, මෙම ජීවීන් ආබාධිත තත්ත්වවලින් තොර ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන, වයසට නොයන සහ නොමැරෙන ජීවින් කොටසක් වනු ඇති බව විශ්වාස කෙරේ.
දත්ත සම්ප්‍රේශන අපාවනය
November 09, 2018
No comments
දත්ත සම්ප්‍රේෂණයේදී සංඥාවට සිදු විය හැකි බලපෑම්
මේ උසස් පෙල competency level 8.6 පරිගණක ජාලකරණය සහ දත්ත සන්නිවේදනය. මේ කොටසින් මේ වන තෙක් උසස් පෙල ප්‍රශ්න පත්‍රයේ ජාලකරණ ප්‍රශ්න අසා නැහැ. උසස් පෙල ජාලකරණ ප්‍රශ්නය විවිධාකරයි. සබ් නෙට් මාස්ක් එක පිළිබඳ ප්‍රශ්නය හැරුණම කිසිම අවුරුද්දක නැවත නැවත එකම ජාලකරණ ප්‍රශ්නය අහලා නැහැ. ඔබ දන්නවා උසස් පෙලට පරිගණක ජාලකරණය පිළිබඳ සැලකිය යුතු කොටසක් ආවරණය වන බව. ඉතින් ඉදිරියේදී ඉහත මාතෘකාව යටතේ ප්‍රශ්න ඇසීමට ඉඩ ඇති නිසා මේ ලිපිය ලියන්න හිතුණා.
කිසියම් මාධ්‍යක් ඔස්සේ සංඥාවක් (Signal) සම්ප්‍රේෂණය වීමේදී නොයෙකුත් ආකාරයේ බලපෑම්වලට නතුව හානි සිදු විය හැක. එසේ වුවහොත් ග්‍රාහකයාට ලැබෙන්නේ සම්ප්‍රේෂණ අන්තයෙන් එවූ මුල් සංඥාවට වඩා හාත්පසින් වෙනස් එකකි. සංඥාවට ඇති වූ බලපෑම අධික වුවහොත් ග්‍රාහකයාට සංඥාව නොලැබී යාමටද ඉඩකඩ තිබේ. මෙලෙස සංඥාවකට බලපෑම් විය හැකි ප්‍රධාන ආකාර තුනක් දක්නට ලැබේ.
- 1. Signal Attenuation - සංඥා හායනය
- 2. Signal Distortion - සංඥා විකෘතිය
- 3. Noise - ඝෝෂාව
සංඥාවක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමේදී එහි ශක්තිය හීන වේ. සම්ප්‍රේෂණ දුර වැඩි වන්නේද සංඥාවේ ශක්තිය වැඩියෙන් හීන වී යයි. මෙය රැහැන් සහිත සහ රැහැන් රහිත මාධ්‍ය දෙකටම පොදු ස්වාභාවයකි. මෙහි ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ තරංගයේ ආයාමය (උස) තරංගය පුරා ඒකාකාරී ස්වාභාවයෙන් අඩු වීමයි.
ඉහත උදාහරණයේ පරිදි මුල් සංඥාව සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ point 1 සිට point 2 දක්වා ගමන් කිරීමේදී එහි උස අඩු වී ඇති බව ඔබට පෙනී යයි. එහෙත් තරංගයේ හැඩයට බලපෑමක් වී නොමැත.
තරංගය මේ ආකාරයෙන් තව දුරටත් සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ යැවුවොත් එහි ශක්තිය දිගින් දිගටම හීන වී තරංගය සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැක. එනිසා එලෙස තරංගයක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර සොයාගෙන එම දුර අනුව රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ. රිපීටර් එකක් යනු ශක්තිය හීන වූ තරංගයේ ශකතිය වර්ධනය (amplify) කර නැවතත් තරංගය යථා තත්ත්වයට පත් කර දෙන උපකරණයක් වේ.
සම්ප්‍රේෂණ මාධ්‍ය අනුව ශක්තිය හීන වීමේ ශීඝ්‍රතාවය වෙනස් වේ.
උදා. Thin coaxial cable එකක තරංගයක් විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර මීටර 185කි. එසේ නම් A සිට B සම්ප්‍රේෂණ දුර අනුව මීටර 185න් 185ට රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ.
Thick coaxial cable හි සම්ප්‍රේෂණ දුර - මීටර 500
Twisted pair (Network cables) හි සම්ප්‍රේෂණ දුර - මීටර 100
Fiber optics හි සම්ප්‍රේෂණ දුර - කිලෝ මීටර 100යි.
ඒ අනුව රැහැන් සහිත මාධ්‍යයක් ඔස්සේ දිගු දුර දත්ත සම්ප්‍රේෂණයට වඩාත් උචිත වන්නේ Fiber optic කේබල වේ.
රැහැන් රහිත මාධ්‍ය ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී දුර ප්‍රමාණය මෙන්ම පහත සඳහන් සාධකද තරංගයේ ශක්තිය හීන වීම සඳහා බලපායි.
- තරංග පරාවර්තනය
- තරංග වර්තනය (තරංගයක් එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යකට ගමන් කිරීමේදී. උ. දා. වායුගෝලයේ සිට ජලයට)
- තරංග විවර්තනය (“තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ” - විකීපීඩියා)
- තරංග අවසෝෂණය (වායුගෝලයේ ජල වාෂ්ප සහ මීදුම අධික වීම නිසා)
Signal Distortion - සංඥා විකෘතිය
සංඥාවක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමේදී එහි හැඩය වෙනස් වේ නම් එය සංඥා විකෘතිය ලෙස හඳුන්වයි. මෙහිදී ග්‍රාහකයාට ලැබෙනුයේ සම්ප්‍රේෂණ අන්තයෙන් එවූ සංඥාවට වඩා හැඩයෙන් වෙනස් සංඥාවකි.සම්ප්‍රේෂණය කල තරංගය |
ග්‍රහණය කල තරංගය |
සංඥා විකෘති වර්ග ප්‍රධාන වශයෙන් තුනක් දක්නට ලැබේ.
- Amplitude distortion/ ආයාම විකෘතිය
- Frequency distortion/ සංඛ්‍යාත විකෘතිය
- Phase distortion/ කලා විකෘතිය
Amplitude distortion
මෙහිදී තරංගයේ තරංග ආයාමය තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. තරංග හායනයේදී තරංග ආයාමය මුළු තරංගය මුළුල්ලේ ඒකාකාරී ලෙස අඩු වුවත් මෙහිදී තරංග ආයාමය වෙනස් වී ඇත්තේ තරංගයේ තැනින් තැන වේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වේ.
පහත රූපයේ දැක්වෙන පරිදි නිල් පැහැයෙන් පෙන්වන්නේ සම්ප්‍රේෂණ අන්තයේ තරංගය වන අතර රතු පැහැයෙන් පෙන්වන්නේ ග්‍රහණය කරගත් තරංගය වේ. රතු පැහැ තරංගයේ යම් යම් කොටස්වල පමණක් නිල් පැහැ තරංගයට වඩා ආයාමය වෙනස් වී ඇත.
Frequency distortion
මෙහිදී මුල් තරංගයේ තරංග සංඛ්‍යාතය ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.
Phase distortion
මෙහිදී මුල් තරංගයේ තරංග මුහුණත ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.
Noise - ඝෝෂාව
සම්ප්‍රේෂණ අන්තයේ සිට යවන සංඥාවකට ඝෝෂාව එක් වූ විට ග්‍රාහක අන්තයට ලැබෙන්නේ පිරිසිදු සංඥාවක් නොවේ.
ඝෝෂා වර්ග කිහිපයක් දක්නට ලැබේ:
1. තාපය නිසා හට ගන්නා ඝෝෂාව (thermal noise)
ලෝහ මාධ්‍යක් ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී ලෝහයේ ඇති ඉලෙක්ට්‍රෝන කැලඹීමකට ලක්වී තාපයක් හට ගනී. එනිසා ඝෝෂාකාරී තරංගයක් අතිරේක ලෙස නිර්මාණය වී ලෝහ මාධ්‍ය ඔස්සේ ගමන් කරන ප්‍රධාන තරංගය හා මිශ්‍ර වේ.
2. ප්‍රේරිත ඝෝෂාව (Induced Noise)
කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන තරංගයක් අසල ඇති ඝෝෂාකාරී උපකරණ මඟින් (උ. දා. මෝටර්) උත්පාදනය වන ඝෝෂාකාරී තරංග හා මිශ්‍ර වීමෙන් ප්රේරිත ඝෝෂාව ඇති වේ.
3. හරස් කතා ඝෝෂා (Cross-talk)
වයර් දෙකක් එක මත එකක් ගොස් ඇති විට (cross වී ඇති විට) කේබල දෙක ඔස්සේ ගමන් කරන තරංග දෙක එකිනෙක මිශ්‍ර විය හැක. මෙහිදී එක් කේබලයක් සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස ක්‍රියා කරන අතර අනෙක් කේබලය ග්‍රාහක මාධ්‍ය ලෙස ක්‍රියා කරයි. වයර නිසි ලෙස ආවරණය නොකර ඇති විට හෝ ආවරණවලට හානි වී ඇති විට මෙසේ වේ.
4. ආවේශ ඝෝෂා (Impulse noise)
කිසියම් සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන තරංගයකට කරන්ට් වයර් එකක් මඟින් හෝ විදුලි කෙටීමක් මඟින් ඇතිවන විද්‍යුත් චුම්භක ධාරා මිශ්‍ර වීමෙන් නිපදවෙන ඝෝෂාව impulse noiseලෙස හැඳින්වේ.
06 November 2018
රටක පුරවැසි බව ලත් ප්‍රථම රොබෝව
November 06, 2018
No comments
සොපියා නැමති මිනිස් අනුකාරක කෘතිම බුද්ධිය සහිත රොබෝව සවුදි අරාබියේ අනාගත ආයෝජන පිළිබඳ සම්මන්ත්‍රණයක දී ප්‍රේක්සකයන් අමතන ආකාරය.
ප්‍රයෝජනවත් වෙබ්
November 06, 2018
No comments
ලෝක ව්‍යාප්ත ජාලය තුළ ඇති ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවි
- http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
- zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
- goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
- http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
- qClock - ගූගල් මැප් ඇසුරින් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
- copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
- lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
- iconfinder.com - කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
- office.com - microsoft office සඳහා අවශ්‍ය Templates, cliparts download කරගන්න.
- followupthen.com - email reminders පහසුවෙන් හදාගන්න.
- joliprint.com -News articles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
- e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
- myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
- google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
- livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
- flightstats.com ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
- wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
- polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
- typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
- imo.im-එකම තැනකින් skyp, facebook. මිතුරන් සමග කතා කරන්න.
- translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
- kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
- midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
- homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.
- aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ එඩිටර් එකකි.
- picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
- formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.
- safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
- deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
- talltweets.com- වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
- otixo.com - ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
- tinychat.com- පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
- ctrlq.org/dictation- ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
- https://history.google.com- google වල ඔබ කරපු වැඩ ඔක්කොම බලා ගන්න.