NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

09 November 2018

කෘතිම බුද්ධිය

Artificial Intelligence (කෘතිම බුද්ධිය) මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක්


වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා  Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.
·  නමුත් එකක් මතක තියගන්න ඕන, මේ උපකරණ රොබෝ තාක්‍ෂණය භාවිත කරනවා කියලා හැම උපකරණයක්ම රොබෝ කෙනෙක්ගේ ස්වරූපය ගන්නේ නැහැ. විවිධ ස්වරූපවල උපකරණ තිබෙන්න පුළුවන් කෘතිම බුද්ධිය සහිත. පරිගණකයක්, නියමුවන් රහිත ගුවන් යානයක් හෝ එය මිනිස් මෙහෙයවීමකින් තොර තණකොල කපන යන්ත්‍රයක් වෙන්නත් පුළුවන්.

හොඳයි, අපි බලමු කොහොමද මේ කෘතිම බුද්ධිය වර්තමානයේ සහ අනාගතයේදී මිනිස් ක්‍රියාකාරකම්වලට සහයෝගය දෙන්නේ කියලා.

10. කාලගුණ විපර්යාස කල්තියා හඳුනා ගැනීමට

කාලගුණ විද්‍යාඥයින් විසින් චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ලබා ගත් ඡායාරූප හොඳින් විශ්ලේෂණය කරලා තමා කාලගුණ විපර්යාස කල්තියා හඳුනාගන්නේ. ඉතින් කොයි තරම් දක්‍ෂ කාලගුණ විද්‍යාඥයෙක්ට වුනත් එම ඡායාරූපවල තිබෙන යම් යම් රටාවන් සහ සංකීර්ණ දත්ත ඔහුගේ මිනිස් ඇසට හසු නොවන්න තිබෙන ප්‍රවණතාවය වැඩියි. එනිසා කාලගුණ අනාවැකිවල නිරවද්‍යභාවය අඩුවීමේ හැකියාව තිබෙනවා.

ඉතින් කෘතිම බුද්ධිය සහිත මෘදුකාංගයක් ස්ථාපිතකල පරිගණකයකට පුළුවන් චන්ද්‍රිකා ඡායාරූප විශාල සංඛ්‍යාවක් විශ්ලේෂණය කරලා එහි තිබෙන සංකීර්ණ දත්ත සහ රටාවන් හොඳින් හඳුනාගන්න. මේ නිසා අනාවැකිවල නිවැරදිභාවයත් වැඩියි, ඒවා විශ්ලේෂණය කිරීම සඳහා වැයවන කාලයත් ඉතිරියි.

වර්තමානයේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් නියමුවන් රහිත AI (Artificial Intelligence) ගුවන් යානා කුණාටු සහ දරුණු කාලගුණික අවස්ථා කල්තියා හඳුනාගැනීම සඳහා පුහුණු කරන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඔබට වෙලාවක් හෝ මේ සම්බන්ධ වැඩි දුර උනන්දුවක් තිබෙනවා නම් නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන ඉහත වැඩසටහන පිළිබඳ විස්තර මෙම ලින්ක් එක ඔස්සේ ගොස් කියවා බලන්න. University Corporation for Atmospheric Research.



09. අවදානම් හෝ නීරස කාර්යයන් ඉටු කරවා ගැනීම සඳහා.
ඔබට නිවසේ පොළව mop කිරීම තරම් නීරස කාර්යයක් තවත් නොතිබෙන්න පුළුවන්. නිසි කාලසටහනක් අනුව  ඔබේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වී පොලව පවිත්‍ර කිරීමෙහි යෙදෙනා රොබෝ රික්තක ශෝධකයක් (robotic vacuum cleaner) ඔබ වෙනුවෙන් එම කාර්යයෙහි නිරතවන්නේ නම් ඔබට කෙතරම් පහසුවක් වේවිද? Roomba(http://en.wikipedia.org/wiki/Roomba)  කියන්නෙත් කෘතිම බුද්ධියක් සහිත විශිෂ්ඨ රොබෝ රික්තක ශෝධකයක්. ඉතින් සමතල මතුපිටක් මත විතරක් නෙමෙයි අනාගතයේදී විවිධ බාධක සහිත පෘෂ්ඨ පව්ත්‍ර කිරීම සඳහාත් කෘතිම බුද්ධිය සහිත උපකරණ නිර්මාණය සඳහා පර්යේෂණ සිදුවෙනවා. එය ඔබේ පඩිපෙල, ලී බඩු වැනි උපකරණ වෙන්න පුළුවන්, ඔබට ලඟාවීමට අපහසු නිවසේ උස ස්ථාන පවිත්‍ර කිරීමට පවා යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබට තිබෙන්නේ බලන් ඉන්න විතරයි.
නිවස ආශ්‍රිත පවිත්‍ර කිරීම පමණක් නම් මොකද, විශාල පිට්ටනිවල තණකොල කපන්නෙත් දැන් කෘතිම බුද්ධිය සහිත තණකොල කපන යන්ත්‍රවලින්. 

බලන්න මේ  RG3 කියන රොබෝ තණකොල කපන යන්ත්‍රය විසින් ගොල්ෆ් පිට්ටනියක තණකොළ කපන ආකාරය. මෙහි මිල ඩොලර් 25000ක් පමණ වෙනවලු. මේ ගොල්ෆ් පිට්ටනියේ කළමණාකාරීත්වය කියන්නේ මිනිසුන්ට වඩා හොඳට මේ යන්ත්‍රය විසින් තණකොල කපන බවයි.  

තව කසල ප්‍රතිචක්රීකරණයේදී කසල වර්ගය තෝරා ගැනීමට, ඒ කියන්නේ අදාල කසලය ප්ලාස්ටික්ද, ලෝහද, වීදුරුද හෝ වෙනත් අමුද්‍රව්‍යකින් සාදන ලද්දක්දැයි තෝරා බේරා ගැනීමට දැනටමත් AI උපකරණ භාවිත කරනවා.

හොඳයි, කොහොමද අවදානම් කාර්යයන් සඳහා AI යොදා ගන්නේ?
යුධමය අවස්ථාවන්හි සතුරු ප්‍රදේශ හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමට, ඔත්තු බැලීමට AI සහිත නියමුවන් රහිත ගුවන් යානා යොදාගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණ තමා “ප්‍රිඩේටර් ඩ්‍රෝන්” කියන රොබෝ ගුවන් යානය සහ ඕනෑම විශම පෘෂ්ඨයක් මත ගමන් කල හැකි ඔත්තු බලන “බිග් ඩෝග්” කියන රොබෝ සුනඛයා.


තව බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉතා අවදානම් කාර්යයන් සඳහාද මිනිසුන්ගේ මැදිහත් වීමක් නොමැතිව රොබෝ යන්ත්‍ර යොදා ගන්න පුළුවන්.
තව පතල් ආශ්‍රිත කටයුතු, ගිනි නිවීමේ කටයුතු සහ විකිරණශීලී ද්‍රව්‍ය අත්හදා බැලීමේ කටයුතු AI උපකරණ යොදාගන්න පුළුවන්.


08. පරිසරය රැක ගැනීමට
වායු සහ ජල දූෂණය අවම කිරීමට අනාගතයේදී විද්‍යාඥයින් විසින් රොබෝ උපකරණ භාවිත කරනු ඇත. ඉතා උසස් ගණයේ මෘදුකාංග ස්ථාපිත උපකරණ විසින් වායුගෝලයේ සහ ජලයේ ඇති විශ රසායනික කොටස් හඳුනාගත් පසුව එම රසායනික කොටස් ක්‍ෂුද්‍ර ජීවීන් විසින් භක්‍ෂණය කෙරෙනු ඇත.

ලෝකයේ දියුණු රටවල කරමාන්තශාලා ආශ්‍රිතව කෘතිම බුද්ධියක් සහිත වැඩසටහන් ස්ථාපිත කර ඇත්තේ අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්‍ෂණය සඳහායි. නිෂ්පාදන ක්‍රියාවලියේදී අතුරුඵල ලෙසට කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි විශ වායූන් පිටවෙන අතර, එකී වැඩසටහන් මඟින් එම විශ වායූන් නිපදවෙන්නේ නිශ්පාදන ක්‍රියාවලියේ කුමන අවස්ථාවන්වලද, එහි කිසියම් රටාවක් තිබේද කියා නිරීක්‍ෂණය කරයි. ඒ අනුව අතුරුඵල ලෙස නිපදවෙන විශ වායුන් අවම කර ගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය  වෙනසකට භාජනය කල හැක.

07. රියදුරන් රහිත ගමනාගමනයක් සඳහා
සිතන්න කල් තියා බාධක හඳුනාගෙන ඔබට අනතුරු හඟවන වාහනයක් ගැන. නැත්නම් ඔබ හොඳ සැප පහසුවට වාඩි වී සිටින විට ඔබව අවශ්‍ය ස්ථානයට රැගෙන යන රියදුරු නොමැති වාහනයක් ගැන! ඔබට ඇත්තේ වටපිට සිරි නරඹමින් යන එක විතරයි. ඔබට විශාල වාහන ගොඩක් අතර රිය ගාල් කිරීම එපා කරවන්නේද? ඔබට ඇත්තේ බලා සිටීම පමණි, ඔබ වෙනුවෙන් කෘතිම බුද්ධියක් සහිත ඔබේ වාහනය එය කරනවා ඇත.Toyota Prius සහ සමහර Lexus වර්ගයේ වාහනවල දැනටමත් මෙම පහසුකම ඇත. ඔබට ඇත්තේ රථය ගාල් කිරීම සඳහා බොත්තමක් එබීම පමණයි.

ජපානයේ දැනටමත් මගී ප්‍රවාහනය සඳහා රියදුරන් නොමැති දුම්රිය භාවිත කෙරේ. 2010 දී ගූග්ල් සමාගම විසින් රියදුරන් නොමැති මෝටර් රථයක් පර්යේෂණ කටයුතු සඳහා යෙදවිණි. මෙහිදී මාර්ගයේ ඇති බාධා, සංඥා සහ පදිකයින් හඳුනා ගැනීම කැමරා, ලේසර් තාක්‍ෂණය සහ සංවේදක යොදා ගැනුණි.


06. අභ්‍යවකාශ ගවේෂණයට
මිනිසුන්ට ලඟා වීමට අපහසු ග්‍රහ වස්තූන් නිරීක්‍ෂණය සඳහා නාසා ආයතනය විසින් කෘතිම බුද්ධියක් සහිත අභ්‍යවකාශ යානා සහ උපකරණ යොදා ගනී.  අඟහරු ග්‍රහයා මත මෑත කාලයේ සිදු කල පර්යේෂණ මේ සඳහා හොඳ උදාහරණයක් වන අතර අඟහරු ග්‍රහයා ඡායාරූපගත කිරීම, පස් සාම්පල එකතු කිරීම සඳහා යොදා ගත් රෝවර් උපකරණය කෘතිම බුද්ධියක් සහිත විශිෂ්ඨ නිර්මාණයක්. මෙම උපකරණවලට ආවාට වැනි බාධක හඳුනාගෙන ඒවා වටා යමින් ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. “ NASA Jet Propulsion Laboratory” 




අපි හිතමු අනාගතයේදී මිනිසුන් අඟහරු ග්‍රහ ලොවට ගියා කියලා, අඟහරු ග්‍රහයා මතදී අභ්‍යවකාශ යානයේ යම් ගැටළුවක් මතු වෙලා ඔවුන්ට පෘතුවියෙන් යානය පිලිසකර කර ගැනීමට උපදෙස් අවශ්‍ය කරනවා. ඒත් අඟහරු ග්‍රහයාගේ සිට පෘතුවියට රේඩියෝ තරංග ඔස්සේ පණිවිඩයක් ලඟා වීමට විනාඩි 11ක් ගත වෙනවා. ඉතින් අඟහරු සිට පෘතුවිය සන්නිවේදනය මඟින් යානය පිලිසකර කිරීමට උපදෙස් ගැනීම වෙලාව අතිශයින් ගතවෙන වැඩක්. එනිසා යානයේම කෘතිම බුද්ධියක් සහිත මෘදුකාංග ස්ථාපිත කරලා තියෙනවා ගගනගාමීන් හට යානයේ දෝෂය හඳුනාගෙන එය පිලිසකර කිරීමට උපදෙස් ලබා දෙන.

05. ඔබේ මූල්‍ය සම්පත්වල ආරක්‍ෂාව සඳහා
Artificial Intelligence මෘදුකාංග වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ කොටස් වෙළඳපල ආශ්‍රිත කටයුතු සඳහා. මෙම මෘදුකාංග මඟින් කොටස්වල මිල වෙනස්වන රටාව නිරීක්‍ෂණය කරනවා. නිරීක්‍ෂණ රටාව අනුව කොටස්වල මිල ඉහල යන බව පෙනෙන්නේ නම් ඔබට පුළුවන් වහාම ඔබේ කොටස් විකුණා විශාල ලාභයක් අත් කර ගැනීමට. මෙමඟින් කොටස් වෙළඳපල කටයුතු කාර්යක්‍ෂම වී ආයෝජකයන් හට වාසි දායක ලෙස ගනුදෙනුවල නිරත විය හැකියි.

04. භෞතික ආරක්‍ෂාව සඳහා
Artificial Intelligence උපකර්ණ භාවිත කර ගෙවල් මංකොල්ලකෑම් සහ දුරකථන ආශ්‍රිත තර්ජනවලින් ආරක්‍ෂා විය හැකියි. මෙම උපකරණවලට පුළුවන් සාමාන්‍ය දුරකථන ඇමතුම් සහ තර්ජනාත්මක දුරකථන ඇමතුම් හඳුනාගන්න.

නිවසට සොරෙක් ඇතුළුවීමට පෙර ඒ පිළිබඳව අනතුරු හැඟවීමටත් Artificial Intelligence උපකරණවලට හැකියි. ඉස්සර නම් සොරුන් හඳුනා ගත්තේ චලන සංවේදක මඟින්, ඒත් වර්තමානයේ AI උපකරණවලට හැකියි නිවසේ පදිංචිකරුවන් සහ පිටස්තර පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න. 

03. ගෙදර දොරේ එදිනෙදා කාර්යයන් කරවා ගැනීම සඳහා.
සිතන්න දැනට ඔබේ ගෙදර මෙහෙකාරිය වෙනුවට අනාගතයේදී එම තැන ගන්නා රොබෝ යන්ත්‍රය ගැන. එය ඔබේ වළන් පිඟන් සෝදා දේවි, ඔබේ ගේ අතු ගාවි, බඩු මුට්ටු සුද්ද පවිත්‍ර කරයි. ඒ විතරක්ද? ඔබේ ලමයින් පවා බල ගනීවි, එතකොට සුරතල් සතුන්? ඔව් උන්වත් නාවලා පිරිසිදු කරයි.

ඊට අමතරව වයසක පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන්ටත් වැඩපල කර ගැනීම සඳහා මේ රොබෝ යන්ත්‍රය විසින් සහය දේවි. අනාගතයේදී  ඔබ නිවසකට ගියොත් ඔබට තේ හෝ බීම පිලිගන්වන්නේ බොහෝ දුරට රොබෝවෙක් වෙන්න පුළුවන්. බලන්න ජපානයේ හොන්ඩා ආයතනයේ විශිෂ්ඨ නිර්මානයක් වන “ඇසිමෝ” රොබෝ යන්ත්‍රය විසින් කරන වැඩ.


02. වෛද්‍ය ක්‍ෂේත්‍රය සඳහා.
ඇමෙරිකාවේ  Cedars-Sinai Medical Center එක විසින් උපකරණයක් නිපදවා තිබෙනවා හෘද රෝගීන් උදෙසා. ඒ කියන්නේ මෙම උපකරණය විසින් රෝගියාගේ හෘදය නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කරනවා heart attackසම්බන්ධයෙන්, උපකරණයට නිරීක්‍ෂණය වෙනවා නම්  heart attack සිදු වීමට යන බව, එය වැලැක්වීම සඳහා වහාම නිසි ක්‍රියාමාර්ග ගන්නවා. ප්‍රමිතියෙන් ඉහල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ වර්ග හඳුනා ගැනීමටත් Artificial Intelligence යොදා ගන්නවා. 

ශල්‍යකර්ම සිදු කිරීමේදී වෛද්‍යවරුන් හට ඉදිරියේදී රොබෝ සහය ලබා ගැනීමට හැකි වේවි, රොබෝ විසින් වෛද්‍යවරයාට අවශ්‍ය කරන නිවැරදි ශල්‍ය උපකරණය අවශ්‍ය වේලාවට ලබා දීමට කටයුතු කරාවි.

01.රොබෝ-මිනිස් සංකලන ජිවී විශේෂයක ආරම්භය (Transhumanism)

මෙය තවමත් සංකල්පයක් පමණි. මෙවන් ජීව කොට්ඨාශයක් තැනීම මානව ආචාර ධර්මවලට පටහැනි වුවත්, මෙම ජීවීන් ආබාධිත තත්ත්වවලින් තොර ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන, වයසට නොයන සහ නොමැරෙන ජීවින් කොටසක් වනු ඇති බව විශ්වාස කෙරේ.

0 comments:

Post a Comment

Write your comment and submit as a massage