NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

06 November 2018

හොඳ පාස්වර්ඩ් එකක්

හොඳ පාස්වර්ඩ් එකක් සාදාගනා ආකාරය

දිගු මුරපදයක් භාවිතා කරන්න.

අපි භාවිතා කරන මුර පදය හැම විටකම අකුරු 8කට වඩා වැඩියෙන් අඩංගු මුර පදයක් වෙන්න ඕනෙ නැත්නම් ඒක හොඳ මුර පදයක් නෙමෙයි.

අකුරුත් එක්කම ඉලක්කමුත් භාවිතා කරන්න.

මුරපදයක් හදනකොට ඒක වඩා සංකීර්ණ වන තරමට ඒක හැක් වීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.ඒක නිසා අපිට පුලුවන් මුරපදයට ඉලක්කම් එකතු කරගන්න.
උදා:- මගෙ පාස්වර්ඩ් එක softwarelanthaya නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
software1lanthaya567

අකුරු ඉලක්කම එක්ක සංකේතත් භාවිතා කරන්න.

    උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
    $oftw&re1lanthaya567 

    මතක තියාගන්න අමාරුනම් තමන්ට සමීප වචන වල මුලකුරු වලින් පාස්වර්ඩ් එකක් හදාගන්න.

      උදා:-මගෙ හොඳම යාලුවන්ගෙ නම් ටික Nimal,Kamal,Sunil,Nihal නම් ඒවගේ මුලකුරු දාලා ඒකට ඉලක්කම්,සංකේත එකතු කරල අපිට පුලුවන් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න.
      NKSNrock$2

      සිම්පල් හා කැපිටල් යන අකුරු දෙවර්ගයම තැනින් තැන යොදන්න.

       උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
      SoFtwArelAnThaYa567

      එක එක ගිණුම් වලට වෙනස් පාස්වර්ඩ් භාවිතා කරන්න.

      උදා:-මගෙ පාස්වර්ඩ් එක SoFtwArelAnThaYa567නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
      facebook වලට SoFtwArelAnThaYa567:fb
      twitter වලට SoFtwArelAnThaYa567:twitter

      gmail account වලට මෙන්න මෙතනින් ගිහින් 2-Step Verification active කරගන්න.එතක්ට අපේ gmail ගිණුම අපේ දුරකතනය හා සම්බන්ධ වෙලා අනවසර ඇතුලුවීම් පිලිබඳව අපිව දැනුවත් කරනවා.

      0 comments:

      Post a Comment

      Write your comment and submit as a massage