26 October 2019
20 October 2019
14 September 2019
27 August 2019
23 August 2019
22 August 2019
10 August 2019
07 July 2019
02 June 2019
01 June 2019
28 May 2019
26 May 2019
25 May 2019
17 May 2019
පරිගණකයක කාර්යසාධනය (Performances) කෙරෙහි බලපාන සාධක මොනවාද?
May 17, 2019
No comments
වැඩසටහනක්
ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය ලබා ගනු ලබන කාලය පද්ධතියේ කාර්ය සාදනය ලෙස
හැදින්වේ. පරිගණකයක කාර්ය සාදනය තීරණය වීම සඳහා පරාමිතීන් කිහිපය බලපායි.
1. සකසනයේ හෝරා වේගය (Clock speed)
2. වදන් ආයාමය (Word size)
3.
ක්‍රියාත්මක
වීම සඳහා ඇති විධාන ප්‍රමාණය.
4.
විධානයක් ක්‍රියාත්මක වීම සඳහා ගත වන සාමාන්‍ය කාලය.
5.
මතක ප්‍රවේශ
කාලය
7.
සම්බන්ධ
කර ඇති ආදාන හා ප්‍රතිදාන උපාංග ප්‍රමාණය හා වර්ගය.
8.
බසයන්ගේ දත්ත
සම්ප්‍රේෂණ වේගය (Bus
speed)
08 April 2019
20 March 2019
WAMP server භාවිතයෙන් PHP ක්‍රමලේඛනය
March 20, 2019
No comments
WAMP server මෘදුකාංගය භාවිතයෙන්
මෙය සඳහා ඔබට (Windows පාදක කරගත් මෙහෙයුම් පද්ධති මත) Wamp server මෘදුකාංගය භාගත කරගැනීම අවශ්‍ය වෙනවා. එය මෙම සබැදියෙන් භාගත කරගන්න.
මම මෙය ඉදිරියට කරගෙන යාමට භාවිතා කරන්නේ WAMP 2.0 සංස්කරණයයි.
එය සාමාන්‍ය මෘදුකාංගයක් ඇතුලත් කරගන්නා අයුරින් ඇතුලත් කරගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම එය සිදුකරගන්නා ආකාරය පහත සබැඳියෙන්
එසේනම් මීලඟ පෝස්ටුවත් සමඟින් හමුවෙමු. ඉහත පෝස්ටුව සම්බන්ධයෙන් ඔබගේ කොමන්ටුවලින් ලැබෙන තල්ලුව මීලඟ පෝස්ටුව සම්බන්ධයෙන් වැදගත්.
දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ
දැන් මම මේ සඳහා යොදාගන්න code editor එක වෙන්නේ Sublime text 2 (මෙහි නවතම සංස්කරණය 3 නිකුත් වී ඇත) නමුත් Notepad ++ කියන මෘදුකාංගය හෝ Notepad මෘදුකාංගයත් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ තමන්ට ලේසියෙන් හුරුවෙලා තියෙන එකෙන් අදාල දේ කරගන්න එක. අළුත් මෘදුකාංගයන් කරා යන්නේ නැතිව.
මුලින්ම අදාල E:/wamp/www/php කියන ඩිරෙක්ටරිය අස්සේ මම php_2.php කියලා ෆයිල් එකක් නිර්මාණය කරගන්නවා. එහෙමත් නැතිනම් හිස් ෆයිල් එකක් ඒ නමින් සුරැකුම් කරගන්න.
දැන් මම wamp server මෘදුකාංගය ධාවනය කරගන්නවා. ඊට පස්සේ බ්‍රව්සර් එකේ http://localhost/php/php_2.php කියන සබැඳිය විවෘත කරගන්නවා.
දැන් අපි කේතනය ආරම්භ කරමු. මම මුලින් ලිපියේ සඳහන් කල ආකාරයට මේ PHP කියන භාෂාව HTML සමඟ එකතුවී වැඩ කරන්න හදපු භාෂාවක්, ඒ කියන්නේ Dynamic HTML page නිර්මාණය කරගන්න හදපු භාෂාවක්. ඒක නිසා අපි මුලින්ම මෙතන HTML කෝඩ් කීපයක් ලියමු.
දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ
E:/wamp/
කියන එක, තමන් ඉන්ස්ටෝල් කරගත්ත ඩිරෙක්ටරිය සමහර විට C:/wamp එහෙමත් නැතිනම් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් තමන් ගේ wamp directory එකට යන්න අවශ්‍යයි. එතනට ගිහින් අළුත් ෆෝල්ඩර් එකක් හදාගන්න අවශ්‍යයි වෑම්ප් එක ඇතුලේ තිබෙන www කියන ෆෝල්ඩර් එක ඇතුලේ.
මම මේකට හදාගන්නේ php කියලා ඩිරෙක්ටරි එකක්. එතකොට අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්.
E:/wamp/www/php
දැන් මම මේ සඳහා යොදාගන්න code editor එක වෙන්නේ Sublime text 2 (මෙහි නවතම සංස්කරණය 3 නිකුත් වී ඇත) නමුත් Notepad ++ කියන මෘදුකාංගය හෝ Notepad මෘදුකාංගයත් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ තමන්ට ලේසියෙන් හුරුවෙලා තියෙන එකෙන් අදාල දේ කරගන්න එක. අළුත් මෘදුකාංගයන් කරා යන්නේ නැතිව.
මුලින්ම අදාල E:/wamp/www/php කියන ඩිරෙක්ටරිය අස්සේ මම php_2.php කියලා ෆයිල් එකක් නිර්මාණය කරගන්නවා. එහෙමත් නැතිනම් හිස් ෆයිල් එකක් ඒ නමින් සුරැකුම් කරගන්න.
දැන් මම wamp server මෘදුකාංගය ධාවනය කරගන්නවා. ඊට පස්සේ බ්‍රව්සර් එකේ http://localhost/php/php_2.php කියන සබැඳිය විවෘත කරගන්නවා.
දැන් අපි කේතනය ආරම්භ කරමු. මම මුලින් ලිපියේ සඳහන් කල ආකාරයට මේ PHP කියන භාෂාව HTML සමඟ එකතුවී වැඩ කරන්න හදපු භාෂාවක්, ඒ කියන්නේ Dynamic HTML page නිර්මාණය කරගන්න හදපු භාෂාවක්. ඒක නිසා අපි මුලින්ම මෙතන HTML කෝඩ් කීපයක් ලියමු.
PHP tutorial 2
This is a static text
දැන් අර පිටුව මම සුරැකුම් කරලා බ්‍රව්සර් එකෙන් නරඹනවා. එතකොට අපිට මෙහෙම දිස්වෙනවා
දැන් මුලින්ම මම සම්මත විදියට කෙටි ක්‍රම භාවිතා නොකර PHP කෝඩ් කරන්න පටන් ගන්නවා.
මෙහිදී අපිට යොදාගන්න ටැග් එක වෙන්නේ කියන ආකාරය.
දැන් මම මගේ පෙර කේත කොටසටම අළුතින් තවත් කොටසක් එක් කරගන්නවා. එතනින් මම කරන්නේ දැන් වෙලාව හා දිනය පෙන්නුම් කරගන්න එක.
ඒ සඳහා මම
කියන කොටස අළුතින් එක් කරගන්නවා. ඒ කොටසත් එක් කරගත්තාට පස්සේ අපේ කේතය මේ ආකාරයට තමයි දිස්වෙන්නේ
මෙහිදී අපිට යොදාගන්න ටැග් එක වෙන්නේ කියන ආකාරය.
දැන් මම මගේ පෙර කේත කොටසටම අළුතින් තවත් කොටසක් එක් කරගන්නවා. එතනින් මම කරන්නේ දැන් වෙලාව හා දිනය පෙන්නුම් කරගන්න එක.
ඒ සඳහා මම
echo date("Y-m-d");?>
PHP tutorial 2
This is a static text
echo date("Y-m-d");?>
දැන් පෙර පිටුව බ්‍රව්සරයෙන් නැරඹු විට (Re-fresh) අපිට පහත අයුරින් දිස් වෙනවා
PHP වල ඉතිහාසය
March 20, 2019
No comments
මුලින්ම මේ PHP කියන භාෂාව නිර්මාණය වෙන්නේ 1995 වර්ශයේදී. ඒ කියන්නේ මේ ආසන්න කාලවකවානුවකදී නිර්මාණය වූ භාෂාවක් විදියට අපිට PHP සලකන්න පුළුවන්. ඒ වගේම මෙහි පීතෘත්වය හිමිවෙන්නේ Rasmus Lerdorf නැමති පරිගණක ක්‍රමලේඛන ශිල්පියාට.
ඔහු විසින් නිර්මාණය කර තිබූ තමන්ගේ පෞද්ගලික වෙබ් පිටුවකට පැමිණි නරඹන්නන් (Visitors) ගණන තමන්ට ලබා ගැනීමට හා එම අදාල පිටුවේ ප්‍රදර්ශණය කිරීමට ඔහු විසින් Perl/CGI පාදක කරගත් වැඩසටහනක් නිර්මාණය කරනු ලැබුවා.
මේ වෙබ් යන දෙය ඉතාමත් ප්‍රාථමික අවධියක තිබූ කාලයක්. ඔහුගේ වෙබ් පිටුවේ තිබූ මේ හැකියාව දුටු බොහෝ දෙනෙක් ඔහුට විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කලා මේ හැකියාව ලබාදුන් ආකාරය ගැන විමසමින්.
ඒ සියල්ලටම නොමිලේ තමන් නිර්මාණය කල පරිගණක වැඩසටහන ලබාදෙන්නටත් එය Personal Home Page (PHP) යනුවෙන් නම් කරන්නටත් ඔහු පෙලඹුනා. එදින ඔහු විසින් නොමිලේ එය ලබා දුන් නිසා තමයි අද අපටත් PHP භාෂාව කිසිදු මුදලක් නොගෙවා භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ.
ඒ වගේම එම පුද්ගලයන්ගෙන් ලැබුණ පෙලැඹවීම මත තව දුරටත් මේ වැඩසටහන් දියුණු කිරීමටත් Perl පාදක කරගත් මෙම වැඩසටහන C භාෂාවෙන් නැවතත් සකස් කිරීමටත් ඔහු ක්‍රියා කල අතර වෙබ් අඩවියක ඇතුලත් HTML Form එකක් මඟින් ලබාගන්නා දත්තයන් පාදක කරගෙන ක්‍රියා කල හැකි ආකාරයෙන් නිපදවූ PHP 2.0 සංස්කරණය 1997 වසරේදී ඔහු විසින් PHP/FI (Personal Home Page/Form Interpreter) යනුවෙන් ඉදිරිපත් කලා.
එමෙන්ම මේ කාලය වන විට ඔහුත් සමඟ තවත් ක්‍රමලේඛකයන් පිරිසක් එකතු වෙමින් සිටියා PHP නම් වූ මේ නව පරිගණක භාෂාව වැඩි දියුණු කිරීමට ඔහුට උපකාරී කිරීමට. නමුත් ඔහුගේ මූලික අදහස වූ HTML හා අන්තර්ක්‍රියාකාරීත්වය මෙම භාෂාවෙන් ඔහු කිසිවිටකත් ඉවත් කලේ නැහැ. ඒ අනුව යමින් තමා අපට අද PHP හා HTML එකතු වී ක්‍රියාකරනා වෙබ් පිටු නිර්මාණය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ.
1998 වන විට PHP 3.0 වන සංස්කරණය නැවතත් ලියවූ හරයක් (core) සහිතව ඉදිරිපත් කිරීමට මෙම ක්‍රමලේඛකයන් කණ්ඩායමට හැකියාව ලැබුනා. ඒ වන විට ඔවුන් සතුව තිබූ දත්තයන් අනුව 50 000කටත් වඩා පිරිසක් තමන්ගේ වෙබ් අඩවි වලට මෙම නව පරිගණක භාෂාව යොදාගනිමින් තිබුනා. ඒ පන්නරයද එකතු කරගෙන තවත් වැඩි දියුණු කිරීම් වලට ලක් කල මෙම PHP භාෂාවට නව මංපෙතක් විවර කරදීමට Zend ක්‍රමලේඛනයන් (PHP extension ලිවීමට භාවිතා කරයි) Zeev Suraski හා Andi Gutmans විසින් නැවත ලියූ PHP 4.0 සංස්කරණයත් සමඟින් එලිදැකිවීමට කටයුතු කලා.
මෙම 4.0 සංස්කරණයත් සමඟ OOP එලිදැකීවීමත් සිදුවුනා. (PHP සඳහා) එමෙන්ම මයික්‍රොසොෆ්ට් මෘදුකංගයන් පාදක කරගත් සර්වර් පරිගණක සඳහා PHP භාවිතා කිරීමට හැකි වන ආකාරයේ ISAPI සහයද ලබා දුන්නා. ඊට අමතරව වඩාත් වැදගත් ඒවා ලෙසින් mCrypt හා Session handling සිදුකිරීමේ හැකියාවද 4.0 වන සංස්කරණයේ දක්නට ලැබුනා.
ඉන්පසුව PHP 5.0 සංස්කරණය එලි දැකීවීමට කටයුතු කල අතර, එය වඩාත් වැඩි දියුණු කිරීම් සමඟින් Error handling හැකියාව (දියුණු භාෂාවල දක්නට ලැබෙන) ලබා දුන්නා. security space ආයතනයේ සංඛ්‍යා ලේඛන අනුව Apache භාවිතා කරන ඒවායින් 54%කම අනිවාර්ය මොඩියුලයක් ලෙසින් PHP දක්නට ලැබෙනවා. එනම් වඩාත්ම වැඩි අගය හිමි වී තිබෙන්නේ PHP මොඩියුලය සඳහා.
PHP 6.0 සංස්කරණයෙන් එයට Unicode හැකියාව එක් කිරීම PHP වල භාවිතාව ඉහල යෑමට හේතු වූ කාරණයක් ලෙසින් සැලකිය හැකියි.

17 March 2019
Microsoft Surface පවුලේ නව බජට් සාමාජිකයා
March 17, 2019
No comments
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කළ Surface ස්පර්ෂ තිර ලැප්ටොප් උපාංග පෙළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එහි ඇති ඵලදායිතාව ඉහළ නංවන බහුවිධ නිපුණතාවන්, හොඳ බැටරි බලය සහ නිහඬ එහෙත් මනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. කෙසේ නමුත් මෙම Surface උපාංගයන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන ඉහළ මිල නම් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගැනීමට සමර්ථ නොවුණි. මෙහි ගැටලුව වූයේ මෙම උපාංගයන් අධික මිලකින් යුතු වීම නිසා ඉහළ පෙළේ වෘත්තිකයින් හැරෙන්නට වෙනත් අය හට, විශේෂයෙන්ම සිසු ප්‍රජාවන් හට මේ සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීමයි. පෙනෙනා ලෙසට මෙම ගැටලුව විසඳීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නව Surface උපාංගයක් හඳුන්වා දී ඇත. මේ Microsoft Surface Go ටැබ්ලට්/ලැප්ටොප් උපාංගයයි.
මෙය Surface උපාංග පෙළේ කුඩාම සහ සැහැල්ලුතම සාමාජිකයා ලෙසින් හැඳින්විය හැකි අතර, ප්‍රමාණයෙන් එසේ වුවත් අනෙකුත් Surface උපාංගයන්ගේ ඇති නවීන, සුමට පෙනුම ඒ ආකාරයෙන්ම රැක ගැනීමටද Microsoft Surface Go සමර්ථව ඇත. සාමාන්‍යයෙන් Surface Pro උපාංගයක් ආරම්භ වන්නේම අඩු තරමින් ඇමරිකානු ඩොලර් 799 සිට වුවත්, මෙම Surface Go උපාංගයේ 64GB සංස්කරණය ඇමරිකානු ඩොලර් 399 සිට ඇරඹෙන අතර 128GB සංස්කරණය ඇමරිකානු ඩොලර් 549 සිට ඇරඹෙයි. මෙම Surface Go උපාංගය ධාවනය වන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය මතින් වන බවද සැලකිල්ලට ගත් විට සැබවින්ම එය සාපේක්ෂව ඉතාමත් අඩු මිලකි.
මෙම Surface Go උපාංගයේ අඟල් 10 ක PixelSense™ තිරයක් තිබෙනා අතර, එහි විභේදනය 1800x1200 ප්‍රමාණයේ වේ. එසේම මෙම තිරය 10 point multitouch හැකියාවෙන් යුක්ත වන නිසා පහසුවෙන්ම මෙය ටැබ් එකක් ලෙසින්ද භාවිතා කිරීමට හැක. අනෙක් Surface උපාංගයන් සේම මෙයද PixelSense™ තිරය භාවිතා කරනා නිසා එහි දර්ශනය වන දසුන් දීප්තිමත්, සුපැහැදිලි වන බව සහ තියුණු වර්ණයන්ගෙන් යුතු වනු ඇති බවට සහතික විය හැක.
මයික්‍රොසොෆ්ට් සමාගම මගින් මෙම Surface Go උපාංගය හඳුන්වන්නේ Ultra-portable ලෙසින් වන අතර, මෙහි හුරුබුහුටි ප්‍රමාණය සහ බර රාත්තල් 1.15 පමණ වීමද එම හැඳින්වීම සාධාරණීකරණය කරනු ඇත. මෙය ඔබේ බැක්පැක් එකේ වුවත්, පොත් බෑගයේ වුවත්, අතේ වුවත් පහසුවෙන් ගෙනයෑමට හැකියාව තිබේ. මෙය මිලිමීටර් 8.3 ක පමණ සිහින් හැඩයකින් යුක්ත වන අතර, දිගින් සහ පළලින් පිළිවෙළින් මිලිමීටර් 245 ක් සහ මිලිමීටර් 175 ක් පමණ වේ. එසේම මෙහි සරල නමුත් නවීන පෙනුමක් ගෙන දෙන නිමාව පහසුවෙන්ම මෙය Microsoft Surface පවුලේ උපාංගයක් බව කියාපානු ඇත.
කෙසේ නමුත් අනෙකුත් මිලෙන් අධික Surface Pro උපාංගයන් මෙන් ඉහළ දෘඩාංග සැකසුමක් මෙහි දක්නට නොමැති වීම නොවැළැක්විය හැකි කරුණකි. මෙහි මිල වඩාත් පහළ අගයක් ගැනීමටද එය හේතුවක් නිසා එය මෙහි අඩුපාඩුවක් ලෙසින් දැකීමටද නොහැකි වේ. මෙහි පරිගණක බලය සැපයෙන්නේ Intel Pentium Gold ප්‍රොසෙසරයකින් වන අතර, එය Core i5 හෝ Core i7 ප්‍රොසෙසරයක් මෙන් ඉහළ කාර්යක්ෂමතාවක් ලබාදීම සැක සහිත වේ. ග්‍රැෆික් සැකසුම් බලය ලබාදීම සඳහා මෙහි Intel HD 615 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර, 4GB රැම් මතකයක් ස්ථාපනය කොට ඇත. කෙසේ නමුත් අවශ්‍ය නම් රැම් මතකය 8GB දක්වා ඉහළ නැංවීමටද හැකියාව විකල්පයක් ලෙසින් ලබාදී ඇති බවද සඳහන් කළ යුතු වේ. මෙයට අමතරව මතක ධාරිතාවන් දෙකකින් අභ්‍යන්තර මතකය සමන්විත වේ. එනම් 64GB ප්‍රමාණයේ eMMC ධාවකයක් සහ 128GB ප්‍රමාණයේ SSD මතකයකි. මෙහි ඇති මෙම දෘඩාංග හැකියාවන් සමගින් පැහැදිලිවම පෙනී යන්නේ මෙම Surface Go උපාංගය සැලසුම් කර ඇත්තේ කුමක් සඳහාද යන්නයි. මෙය එදිනෙදා වෘත්තීමය, ඉගෙනුම් සහ විනෝදාත්මක කාර්යයන්, ඉතා ඉහළ දෘඩාංග හැකියාවන් ඉල්ලා නොසිටින මෘදුකාංගයන් ඔස්සේ සිදුකළ හැකි ග්‍රැෆික් නිර්මාණ කටයුතු යනාදිය, වඩාත් විශාල නොවූ පරිගණක ක්‍රීඩා සඳහා මෙය සුදුසු වේ. එනමුත් Surface පවුලේ අනෙකුත් ප්‍රබල සාමාජිකයින් මෙන් වීඩියෝ සංස්කරණයන්, ඔටෝ කැඩ් වැනි සැලසුම් මෘදුකාංග භාවිතා කිරීම්, නවීන සහ විශාල පරිගණක ක්‍රීඩා කිරීම් වැනි ඉහළ හැකියාවන් අවශ්‍ය වන ක්‍රියාකාරකම් සඳහා කිසිසේත්ම මෙම Surface Go ලැප්ටොප් උපාංගය නොගැළපේ.
මෙය ධාවනය වන්නේ Windows 10 S මතින් වන අතර, එය ස්පර්ෂ තිරයක් සහ Surface Pen සහාය සමගින් මනාව ගැළපෙනු ඇත. කෙසේ නමුත් ඔබට අවශ්‍ය නම් Windows 10 සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය සමගින් Surface Go උපාංගය ධාවනය කිරීම පවා තෝරාගැනීමට හැකියාව ඇත.
Surface Pro හෝ අනෙකුත් ටැබ්ලට්/ලැප්ටොප් දෙමුහුම් උපාංගයන්හි සේම මෙහිද යතුරු පුවරුව චුම්භකිත අල්ලු ඔස්සේ සවි කළ හැකි හෝ ගැලවිය හැකි යාන්ත්‍රණයකින් යුක්තව හඳුන්වා දී ඇත. මෙය එතරම් මිලක් නොවූවත් එය වෙනම මිලදී ගැනීමට සිදුවීමේ ඉහළ හැකියාවක් පවතී. එසේම ඔබට Surface Pen උපාංගයක්ද වෙනම මිලදී ගැනීමට හැකි අතර, ඒ ඔස්සේ ඔබට ඔබේ Surface Go උපාංගය ග්‍රැෆික් ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිතා කිරීමට, පහසුවෙන් අතින් අවශ්‍ය දෑ ලිවීමට වැනි දහසකුත් එකක් වැඩකටයුතු සඳහා භාවිතා කළ හැකි වනු ඇත.
සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු සඳහා Surface Go උපාංගය භාවිතා කරන්නෙකු වුවත් බලාපොරොත්තු වනු ඇත්තේ භෞතික සම්බන්ධතා ද්වාරයන් කිහිපයක් හෝ තිබීමයි. කෙසේ වුවත් මෙහි තිබෙන්නේ එක් USB-C පෝට් එකක්, 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක්, Surface Connect පෝට් එකක්, Surface Type Cover පෝට් එකක් සහ MicroSDXC කාඩ් රීඩරයක් පමණි. මේ නිසා ඔබට වෙනත් බාහිර උපාංග මෙයට සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් Bluetooth හෝ
Wi-Fi රැහැන් රහිත සම්බන්ධතාවන් මත යැපීමට සිදුවනු ඇත. එසේම මෙහි මෙගාපික්සල් 5 ක ඉදිරිපස කැමරාවක් සහ මෙගාපික්සල් 8 ක පසුපස ප්‍රධාන කැමරාවක්ද, තනි මයික්‍රෆෝන් සෙන්සරයක්ද ස්ථාපිත කොට ඇත.
මෙයට අමතරව එක දිගට පැය නවයක් එක් ආරෝපණයකින් බලය සැපයිය හැකි බැටරියක් සහ ද්විත්ව ස්පීකර පද්ධතියක් මෙහි තිබේ. විශේෂයෙන්ම Surface උපාංගයන්හි බැටරි බලය සම්බන්ධයෙන් විශ්වාසය තැබීමට හැකි බවද සඳහන් කළ යුතුවේ.
අවසාන වශයෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට මෙය වටින්නේද යන්නයි. සැබවින්ම ඔබ Surface උපාංගයක් මිලදී ගැනීම සලකා බලන්නේ නම් Surface Go යනු ගෙවන මුදලට පාඩුවක් නැති උපාංගයක් යැයි ප්‍රවේසම් සහිතව කීමට හැක.
පැතුම් පුංචිහේවා
ස්මාට් ස්පීකර් ලෝකය තවත් පරම්පරාවකින් ඉදිරියට
March 17, 2019
No comments
ඇමසන් සමාගම මගින් නිර්මාණය කළ ස්මාට් ස්පීකරය වන Amazon Echo සමගින් ලෝකයේ ජනප්‍රිය වූ ස්මාට් ස්පීකර් සංකල්පය තවදුරටත් ලෝකයට ආගන්තුක නොවේ. එපමණක් නොව රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාට්ෆෝනයක් මෙන්ම ස්මාට් ස්පීකරයක්ද නිවසක සාමාන්‍යයෙන් තිබෙනා උපාංග බවට පත්වෙමින් පවතී. පසුගිය වසරේදී ඇමසන් සමාගම උත්සුක වූයේ හඬින් පමණක් සන්නිවේදනයේ යෙදෙන ස්මාට් ස්පීකර් උපාංගයට වීඩියෝ තිරයක්ද ලබාදීමටයි. පසුගිය වසරේදී Amazon Echo Show උපාංගය එළිදැක්වෙන්නේ ඒ අනුවයි. දැන් මෙම වසරේදී ඇමසන් සමාගම විසින් Amazon Echo Show උපාංගය වඩාත් වැඩිදියුණු කොට, Amazon Echo Show Second Generation නමින් එළිදක්වා තිබේ.
පසුගිය වසරේ Echo Show උපාංගය සහ මෙම වසරේ Echo Show 2nd Gen උපාංගය සසඳා බැලූ විට පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ එහි බාහිර පෙනුම සහ සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි. පැරණි Echo Show උපාංගයේ වූ කුඩා අඟල් හතක තිරය සහ ඊට පහළින් ස්පීකරය ආවරණය කරමින් වූ දැල සමගින් වූ නිමාව ඇමසන් මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත. එම පැරණි උපාංගයේ තිරය චිත්‍රපටයක් හෝ වීඩියෝ අන්තර්ගතයක් නැරඹීම වැනි ක්‍රියාකාරකමකට එතරම් සුදුසු නොවීම නිසා, Echo Show 2nd Gen උපාංගය පැරණි පෙනුමට සම්පූර්ණයෙන්ම විශ්‍රාම දී නව නිමාවකින් යුතුව පැමිණීම ගැන කිසිවෙකුත් දුක් නොවෙනු ඇත.
ස්පීකරය ආවරණය වන දැලට සම්පූර්ණයෙන්ම සමුදී, වඩාත් ටැබ්ලට් උපාංගයක මෙන් සම්පූර්ණ තිර නිමාවකින් යුතුව හඳුන්වා දී ඇති Echo Show 2nd Gen උපාංගය බැලූ බැල්මට දිස්වන්නේ මේසයක් මත තබා ඇති හුරුබුහුටි, නවීන කැතෝඩ නළ රූපවාහිනියක් මෙනි. මෙහි ඇති මෙම මේසය මත සිටුවීමට හැකි ටැබ්ලට්-රූපවාහිනියක පෙනුම නිසා සහ අඟල් 10ක් විශාල තිරය නිසා දැන් පරිශීලකයින්ට මේ හරහා චිත්‍රපටයක් හෝ වෙනත් වීඩියෝවක් නැරඹීම ප්‍රියජනක අත්දැකීමක් වනු ඇත. එසේම අවශ්‍ය නම් මෙය ඔබට බොහෝ දුරට ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිතා කිරීමට පවා හැක.
මෙම නවතම Echo Show 2nd Gen උපාංගයේ අඟල් 10ක තිරයට 720p විභේදනයක් ඇත. එනම් ඔබ මේ හරහා නරඹන වීඩියෝ අන්තර්ගතයන් ඉතාම ඉහළ ගුණාත්මකභාවයකින් දර්ශනය කරවීමට මෙයට හැකියාව ඇත. එසේම මෙම උපාංගයේ වීඩියෝ තිරය ප්‍රමුඛ වන බැවින් Hulu, Vevo, NBC, Prime Video වැනි සේවාවන් පරිශීලනය කිරීම සඳහාද අවකාශය ලබාදී ඇත. කෙසේ නමුත් කුතුහලාත්මක කරුණ වන්නේ තවමත් මෙහි YouTube ප්‍රවේශය නොමැති වීමයි! එය විශාල අඩුවක් බවට සෑම දෙනෙකුටම එකඟ වීමට සිදුවන්නේ, ගීත ඇසීමේ සිට කෑම වට්ටෝරු ලබාගැනීම දක්වාද, යම් යම් දෑ ඉගෙන ගැනීමේ සිට වීඩියෝ නැරඹීම දක්වාද ලෝකයේ අතිවිශාල පිරිසක් YouTube සේවාව භාවිතා කරනා බැවිනි.
මෙම Echo Show 2nd Gen උපාංගයේ HD තිරය සමගින් වොට් 10ක ස්පීකරයන් ද්විත්වයක්ද ස්ථාපනය කොට තිබේ. මෙම ස්පීකරයන් ජවගැන්වෙන්නේ අඟල් 2ක එළැවුම් දෙකකිනි. එම නිසා ඔබට සාමාන්‍යයෙන් හමුවන කුඩා ප්‍රමාණයේ Echo ස්මාට් ස්පීකරයන්ට වඩා ඉතා ඉහළ හඬ ප්‍රතිදානයක් ලබාදීමට මෙහි ස්පීකර් පද්ධතිය සමත් වනු ඇත. එසේම passive bass radiator එකක් සහ Dolby processing හැකියාවද සමගින් මෙම උපාංගයට වඩාත් ගැඹුරු මන්ද්‍ර පරාසයක සිට වඩාත් සුපැහැදිලි ඉහළ පරාසයක් දක්වා විහිදුණු අතිවිශිෂ්ට ස්ටීරියෝ හඬ ප්‍රතිදානයක් ලබාදීමට හැකියාව ලැබී ඇත.
මෙම Echo Show 2nd Gen උපාංගය Intel Atom x5-Z8350 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර, අන්තර්ජාලය හා වඩාත් ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වාගැනිම සුරක්ෂිත කරනු වස් MIMO ද්විත්ව වයි-ෆයි ඇන්ටෙනාවක්ද මෙහි ස්ථාපනය කොට ඇත.

මේ වනවිට Amazon Echo උපාංගයන්ගේ ශක්‍යතාවයන් වඩාත් පුළුල් වී, 'ස්මාට්' වී ඇති බව නොරහසකි. ඔබට මෙය වීඩියෝ ඇමතුම් සඳහා භාවිතා කළ හැකි වීම සැබවින්ම එතරම් විශාල දියුණුවක් නොවූවත්, එය ප්‍රායෝගිකව වැදගත් කරුණකි. මේ සඳහා Echo Show 2nd Gen උපාංගයේ ඉදිරිපස මෙගා පික්සල් 5ක කැමරාවක් ස්ථාපනය වී ඇත. ඇමසන් සමාගම පවසන්නේ ඉක්මනින්ම අනෙකුත් පහසුකම් අතර ස්කයිප් සේවාවද Echo උපාංගයන් සඳහා ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.
ඇමසන් සමාගම මගින් ඉදිරිපත් කරනා Echo Show 2nd Gen වැනි උපාංගයක ප්‍රමුඛතම ආකර්ෂණය වන්නේ ඉහත සඳහන් කිසිවකටත් වඩා ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට ඔබට හඬ විධානයන් මගින් ඉතාමත් පුළුල් පරාසයක වැඩ කටයුතු, එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික තොරතුරු ලබාගැනීම් හා සන්නිවේදන කටයුතු සඳහා ඇලෙක්සා සහකරු යොදාගැනීමේ හැකියාව ඇත. ඔබට ආසන්නයේ ඇති සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරනා චිත්‍රපටයන් ගැන විස්තර සොයාගැනීම, කාලගුණය සම්බන්ධයෙන් දැනගැනීමේ සිට හඬ විධානයන් මගින් වෙබ් අඩවි සෙවුම් කිරීම දක්වා වන තොරතුරු අවශ්‍යතාවයන් මෙන්ම වීඩියෝ ඇමතුම් ගැනීම, පණිවුඩ යැවීම වැනි සන්නිවේදන කටයුතු වලින් ඇලෙක්සා සහකරුගේ හැකියාවන් නතර නොවේ. ඔබේ නිවස ස්මාට් නිවසක් නම්, එසේත් නැතිනම් Echo Show 2nd Gen උපාංගයට සම්බන්ධ විය හැකි ස්මාට් උපාංගයන් ඔබේ නිවසේ තිබේ නම්, හඬ විධානයන් ඔස්සේ ඒවා පාලනය කිරීමද ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරුට එතරම් කරුණක් නොවේ. ඇමසන් සමාගම ප්‍රකාශ කරනා ආකාරයට මේ වනවිට ස්මාට් නිවාස උපාංගයන් දහසකට වඩා ප්‍රමාණයක් ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු සමගින් මැනවින් ගැළපේ. මෙම සියලුම පාලන කටයුතු ඔබට හඬ විධානයන් මගින් ඉටු කිරීමට හැකියාව ඇති අතර, මෙම උපාංගයේ ස්ථාපනය කොට ඇති මයික්‍රෆෝනයන් අටක පද්ධතිය මගින් ඔබ එයට ආසන්නයේ සිටියත්, එයින් ඈත කාමරයේ අනෙක් කෙළවරේ සිටියත් ඔබේ හඬ විධානයන් වටහා ගැනීමට එයට හැකි බව සහතික කරනු ඇත.
එසේම ඇමසන් සමාගම පවසන ආකාරයට, මේ වනවිට ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරුගේ කුසලතාවයන් 50,000 කටද වැඩියෙන් වර්ධනය වී ඇති අතර, Echo Show 2nd Gen උපාංගයද මෙම ’Alexa Skills’ සඳහා සහාය දක්වයි. මෙයින් සෑම එකක්ම ඔබට ප්‍රයෝජනවත් නොවූවත්, එයින් බොහෝමයක් ප්‍රායෝගිකව ඔබට ප්‍රයෝජනවත් නැතිනම් අඩු තරමින් විනෝදය සපයන සුළු බව ඔබ ඉක්මනින්ම වටහා ගනු ඇත.
ස්මාට් ස්පීකර් ලෝකයේ පුරෝගාමියා වූ ඇමසොන් හි Echo උපාංගයන් පෙළ මෙතැනින් එහාට කෙවැනි ආකාරයකට දියුණු වනු ඇතිද? ඒ සඳහා උපකල්පනයන් ගණනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එම වර්ධනය කිසිසේත්ම මන්දගාමී නොවනු ඇති බවටද මෙතෙක් දක්නට ලැබුණු Echo ස්මාට් ස්පීකර් උපාංග පෙළ සාක්ෂි දරන ඇත.

නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගන්න එපා
March 17, 2019
No comments
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ජංගම දුරකතන හා පරිගණක ආශ්‍රිත උපාං මගින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රී නින්දයට යාමට පෙර සිය නිදන කාමරයෙන් එබඳු උපකරණ ඉවත් කර හෝ ක්‍රියාවිරහිත කර තබන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වඩාත් පහසු කියැවීමක්
March 17, 2019
No comments
මේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන්ධයෙන් ගත් විට තවමත් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ පැරණි ක්‍රමයට මුද්‍රිත පොතක් කියැවීමට බව නොරහසකි. මුද්‍රිත පොතක් වෙනුවට ස්මාට්ෆෝන් හෝ ටැබ් එකක යෙදුමක් ඔස්සේ කියැවිය හැකි ඊ-පොතක් සාර්ථක නොවන බවට අප සැමදෙනාටම එකඟ වීමට හැක. එසේ වුවත් ඊ-පොත් කියැවීම සඳහාම නිර්මාණය වූ ඊ-බුක් රීඩරයන් වෙනුවට මුද්‍රිත පොත් තෝරාගන්නා බොහෝ දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කරනා කරුණු අතරට, පොතක නැවුම් සුවඳ නොදැනීම හෝ පොතක පිටු පෙරළන හැඟීම නැතිවීම හෝ වැනි සැබෑ පොතක් සමගින් පැමිණෙන රොමාන්තික කාරණාවන් අයත් වෙයි. කෙසේ වෙතත් බොහෝ ඊ-බුක් රීඩරයන් භාවිතා කරන්නන්ගේ අත්දැකීම වන්නේ, ඊ-බුක් රීඩරයක් භාවිතා කළත් මුද්‍රිත පොත් මිලදී ගැනීම හෝ කියැවීමද තමන්ගේ කියැවීමේ පුරුද්ද තුළ අභාවයට ගොස් නැති බවයි. මේ නිසාම සාපේක්ෂව සීමිත වෙළෙඳපොළක් ඔස්සේ වුවත් Amazon හෝ Kobo වැනි සන්නාමයන් ඔස්සේ ඊ-බුක් රීඩරයන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය වෙයි.
ඊ-බුක් රීඩරයන් ඔස්සේ පොත් කියැවීමේදී අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ වැසූ පොතක ආකාරයේ සිරස් අතට වූ රීඩරයන් වේ. සාමාන්‍යයෙන් පොතක පිටුවක් තිබෙන්නේද සිරස් අතට බැවින් මෙය එතරම් ගැටලුවක් නොවේ. නමුත් තිරස් අතටද කියැවිය හැකි ඊ-බුක් රීඩරයකින් ලැබෙන වාසිය වන්නේ වඩාත් විශාල පරාසයක් වඩාත් පහසුවෙන් කියැවිය හැකි වීම මෙන්ම, ඊ-බුක් රීඩරයේ තිරයේ ප්‍රමාණය අනුව ස්වයංක්‍රීයව සකස් නොවෙනා PDF වැනි ගොනු ආකාරයන් වුවත් වඩාත් පහසුවෙන් කියැවීමට හැකියාව ලැබීමයි. හඳුන්වා දෙන Kobo Forma ඊ-බුක් රීඩරය මගින් ලබාදෙන්නේ එම හැකියාවයි.
Kobo Forma ඊ-බුක් රීඩරය සාමාන්‍යයෙන් ඇත්තේ තිරස් අතට වන අතර, එහි පාදම මඳක් වක්‍ර වූ හැඩයක් ගනිමින් වඩාත් පුළුල්ව පිහිටා ඇත. එනිසා තිරය නොවැසෙන සේ පහසුවෙන් එය අල්වා ගැනීමට හැකියාව තිබේ. එසේම අවශ්‍ය නම් සාමාන්‍ය ලෙසින් සිරස් අතට අල්වා ගෙන පොතක් කියැවීමේදීද එම පාදම ඔස්සේ ඊ-බුක් රීඩරය අල්වා ගැනීමට හැකියාව තිබේ. මෙහි භෞතික පාලක බොත්තමක් තිබෙනා අතර, ඒ මගින් තිරය ස්පර්ෂ නොකරමින් පිටු පෙරැළීමට හැකියාව කියවන්නාට ලබා දේ.
මෙම ඊ-බුක් රීඩරයේ අඟල් 8 ක E-Ink Mobius Carta තිරයක් ඇති අතර, එහි 1440 X 1920 ක තිර විභේදනයක් තිබේ. එනම් සාමාන්‍ය පොතක් පමණක් නොව ඡායාරූපයන් ආදිය ඇති සඟරාවක් වුවත්, කොමික් පොතක් වුවත්, ග්‍රැෆික් නවකතාවක් වුවත් ඉහළ ගුණාත්මක මට්ටමකින් මෙම තිරය මත දිස්වනු ඇත. එසේම මෙම E-ink තිරය මතින් ආරක්ෂක ප්ලාස්ටික ලේයරයක්ද තිබෙනා බැවින්, තිරයට අමතර ආරක්ෂාවක් සැපයෙනු ඇත. ඔබට රාත්‍රී කාලයේදී කියැවීමට හැකි පරිද්දෙන් අවශ්‍ය ලෙසින් සකසා ගත හැකි තිර ආලෝකයන් සමගින් මෙය පැමිණෙන අතර, වඩාත් රාත්‍රියේ කියැවීමේදී ඇසට පහසු ආකාරයේ ඇම්බර් පැහැයෙන් තිරය ආලෝකවත් වන blue light auto-reduction හැකියාවද මෙහි ඇත.
මෙම ඊ-බුක් රීඩරය සාමාන්‍යයෙන් එදිනෙදා බහුලව භාවිතා වන ඊ-බුක් ගොනු ආකාර, ලිපි ගොනු ආකාර මෙන්ම ඡායාරූප ගොනු ආකාරද 14 ක් දක්වා කියැවීමට සහාය පළ කරයි. ඒවා නම් වශයෙන් සඳහන් කරන්නේ නම් EPUB, EPUB3, PDF, MOBI, TXT, HTML, RTF, CBZ, CBR, JPEG, GIF, PNG, BMP, TIFF වේ. එසේම එකිනෙකට වෙනස් විවිධ ෆොන්ට් වර්ග 11 ක් සහ ෆොන්ට් රටාවන් 50 ක් මෙන්ම කියවන්නාගේ අභිමතය අනුව සීරු මාරු කරගත හැකි ෆොන්ට් සැකසුම්ද මෙහි තිබේ. එසේම මෙහි Book borrowing ආකාරයක්ද ස්ථාපනය කොට තිබෙනා අතර, ඔබට අවශ්‍ය නම් මහජන පුස්තකාලයන්ගෙන් සෘජුවම ඊ-බුක් රීඩරයට පොත් ලබාගත හැක. එය ශ්‍රී ලංකාවේ කෙතරම් සාර්ථක වේදැයි කිව නොහැක්කේ, දැනට අප රටේ පුස්තකාලයන් තුළ ඊ-පොත් පුස්තකාලයන් එතරම් සාර්ථකව ක්‍රියාත්මක නොවන බැවිනි.
මෙහි 1200mAh ප්‍රමාණයේ බැටරියක් තිබෙනා අතර, එය ඔබට එක්වරක් ඊ-බුක් රීඩරය ආරෝපණය කළ පසුව සති කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි. එසේම මෙහි අභ්‍යන්තර ගිගාබයිට් 8 ක මතක ධාරිතාවක් තිබෙනා අතර, එය ඔබට ඊ-පොත් දහස් ගණනක් සුරක්ෂිත කොට තැබීමට අවකාශය ලබාදෙනු ඇත.
සාමාන්‍යයෙන් මුද්‍රිත පොතක් මඳ තෙතමනයකින් වුවත් ආරක්ෂා කිරීමට සිදුවන නිසා, ඉතාම හොඳ කාලගුණයක් තිබෙනා මොහොතක විනා ඔබට එළිමහනකදී මුද්‍රිත පොතක් කියැවීම සඳහා ලැබෙන ඉඩ ප්‍රස්තාව අවම වේ. එනමුත් වර්තමානයේ වෙළෙඳ පොළට පැමිණෙන ඊ-බුක් රීඩරයන් තෙතමනයෙන් හෝ ජල බිඳිති විසිරීමෙන් කිසිදු හානියක් නොවෙනා ආකාරයේ නිමාවකින් පැමිණේ. මෙම Kobo Forma ඊ-බුක් රීඩරයද IPX8 තත්ත්ව සහතිකය සමගින් පැමිණේ. එහි අදහස වන්නේ පොද වැස්සකට මෙය ඔරොත්තු දෙන බව පමණක් නොව, අඩි 66 ක් දක්වා ගැඹුරක ජලය තුළ මෙය ගිලී ගියත් කිසිදු හානියක් නොපැමිණෙන බවයි. එනම් ඔබට නාන තටාකයක පාවෙමින් වුවත් කිසිදු බියක් ඇති කර නොගනිමින් පොතක් කියැවීමට මෙයින් අවකාශය ලැබෙනු ඇත.
මෙම Kobo Forma ඊ-බුක් රීඩරය නිර්මාණය කිරීමේදී නිෂ්පාදකයින් දිගින් දිගටම රළු භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වී ඇති බව පෙනේ. මන්දයත්, මෙහි ජල ප්‍රතිරෝධී ආරක්ෂාව සහ තිරයට ලැබෙන අමතර ආරක්ෂාවට අමතරවත් කම්පනයන්ට සහ වැටීම් වලට ඔරොත්තු දෙන නිමාවකින් මෙය සැකසීමට ඔවුන් උත්සුක වී ඇති බැවිනි. නිෂ්පාදකයින් පවසනා ආකාරයට Kobo Forma ඊ-බුක් රීඩරය අඩි හයක උසක සිට වැටීමකින් කිසිදු ගැටලුවකින් තොරව ආරක්ෂා වනු ඇත. ඊට අමතරව එදිනෙදා රළු භාවිතයේදී බලාපොරොත්තු විය හැකි සීරීම්, ගැස්සීම්, පෙරළීම් යනාදියටද මෙය සාර්ථකව ඔරොත්තු දෙනු ඇත. පෙනෙනා ලෙසට මෙය කඳවුරු බඳින්නන් වැනි ක්‍රියාකාරකම් වල නියැෙළන්නවුන්ටද අමතර ආකර්ෂණයක් වන ලෙසින් නිර්මාණය කොට ඇත.
පැතුම් පුංචිහේවා
ටැබිලට් හා නෝට්බුක් දෙමුහුම් උපාංග අතර නවතම තරගකරු
March 17, 2019
No comments
2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත් බොහෝ දෙනෙකු එය භාවිත කළේ ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පුද්ගල පරිගණකයකට විකල්පයක් ලෙසින් නොවේ. පුද්ගල පරිගණකයකට වඩා ජංගම ගුණයෙන් යුතු වීම නිසාත්, වඩාත් හුරුබුහුටි වීම නිසාත් ටැබ්ලට් උපාංගයක් පරිගණකයකින් ඉටු කරගන්නා විනෝදාස්වාද කටයුතු හෝ අන්තර්ජාල සැරිසැරීම් හෝ ඊමේල් පරීක්ෂා කිරීම් වැනි කරුණු සඳහා බොහෝ දුරට භාවිත විණි. කෙසේ වෙතත් ලිපිලේඛන කටයුතු, නිර්මාණ කටයුතු වැනි දේ සඳහා බොහෝ දෙනෙකු ස්පර්ශ තිරයක් පමණක් ආදානය ලෙසින් ඇති ටැබ්ලට් උපාංගයක් හා කටයුතු කිරීමට මැලිවූ අතර, ඒ සඳහා පුරුදු පරිදිම ලැප්ටොප් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක් භාවිතා කිරීම සිදුවිණි. කෙසේ වෙතත් 2-in-1 උපාංගයන් සමගින් තවදුරටත් පුද්ගල පරිගණකයක් සමගින් ටැබ්ලට් උපාංගයක් භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත. පුද්ගල පරිගණකයකින් මෙන්ම ටැබ්ලට් උපාංගයකින්ද ඉෂ්ට විය යුතු කාරණා අපහසුවකින් තොරවම පරිශීලකයින්ට ලබාදීමට මෙම 2-in-1 උපාංග සමර්ථ වනු ඇත.
හඳුන්වා දෙන Google Pixel Slate යනුද නවීනතම ටැබ්ටොප් නැතිනම් ලැප්ලට් නැතිනම් 2-in-1 උපාංගයකට උදාහරණයකි.
වඩාත් මිලෙන් අධික, ඉහළ පන්තියක 2-in-1/ ටැබ්ලට් උපාංගයක් හඳුන්වා දීම සඳහා ගූග්ල් සමාගම විසින් ගත් වෑයමක් ලෙසින් බොහෝ දෙනා දකිනා මෙම Google Pixel Slate උපාංගයේ විශේෂත්වයක් ඇත. ඒ ගූග්ල් සමාගමේ නිෂ්පාදනයක් සමගින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වනු ඇති බව වූවත්, සැබවින්ම Google Pixel Slate උපාංගය ධාවනය වන්නේ Chrome OS මතින් වීමයි. ගූග්ල් සමාගම මගින් හඳුන්වා දුන් Chrome බ්‍රවුසරයට පසු, ඒ අනුසාරයෙන් උපත ලැබූ Chrome OS මෙහෙයුම් පද්ධතිය මේ වනවිට සැහැල්ලු නමුත් ප්‍රබල මෙහෙයුම් පද්ධතියක් ලෙසින් නමක් දිනාගෙන තිබේ.

අඟල් 12.3ක Molecular Display™ නමින් හඳුන්වා දෙන LCD තිර පැනලය අඟලකට පික්සල් 239ක විභේදනයකින් (3000x2000) හා පික්සල් මිලියන 6 කින් යුක්ත වේ. මේ ඔස්සේ පරිශීලකයාට තිර විභේදනයකින් සුපැහැදිලි දසුන් නැරඹීමට හැකියාව ලැබී ඇත. එයට Google Pixelbook Pen support සහායද ඇත.
ගූග්ල් මගින් Pixel Slate උපාංගය එකිනෙකට වෙනස් දෘඩාංග සැකසුම් වලින් යුතු සංස්කරණයන් හතරක් ලෙසින් එළිදක්වා ඇත. පළමුවැන්න Intel® Celeron® ප්‍රොසෙසරයකින් යුතු වන අතර, රැම් මතකය හා අභ්‍යන්තර මතකය පිළිවෙලින් 4GB හා 32GB, 8GB හා 64GB ලෙසින් වන අනු සංස්කරණයන් දෙකක් ලෙසින් ලබාගැනීමට ඇත. මෙය ඇමරිකානු ඩොලර් 599 කට මිල කෙරී ඇත. දෙවෙනි සංස්කරණයේ 8th Gen Intel® Core™ m3 ප්‍රොසෙසරයක්, 8GB රැම් මතකයක් හා 64GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 799ක් ලෙසින් සඳහන් වේ. තුන්වන සංස්කරණයේ 8th Gen Intel® Core™ i5 ප්‍රොසෙසරයක්, 8GB රැම් මතකයක් හා 128GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 999 ක් ලෙසින් සඳහන් වේ. අවසාන වශයෙන් හතරවන සංස්කරණයේ 8th Gen Intel® Core™ i7 ප්‍රොසෙසරයක්, 16GB රැම් මතකයක් හා 256GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 1599 ක් ලෙසින් සඳහන් වේ.
මෙහි තිරය සමගින් ස්ථාපනය කොට ඇති Front-firing ද්විත්ව ස්පීකරයන් තිබෙනා අතර වඩාත් වැඩිදියුණු කළ noise cancellation හැකියාව සමගින් වූ මයික්‍රෆෝනයන් දෙකක්ද තිබේ. ඉදිරිපස ස්ථාපනය කොට ඇති Duo Cam ලෙසින් හැඳින්වෙන ද්විතීයික කැමරාව මෙගාපික්සල් 8කින් හා
f/1.9 ක ඇපචරයකින් යුක්ත වන අතර පුළුල් දෘෂ්ටි පථයකින් සමන්විත වේ. පසුපස ප්‍රධාන කැමරාවද මෙගාපික්සල් 8 ක විභේදනයකින්, f/1.8 ක ඇපචරයකින් යුක්ත වන අතර Autofocus හැකියාව සහිත වේ. මෙම කැමරා දෙකටම තත්පරයට රාමු 30 ක ශීඝ්‍රතාවයෙන් 1080p HD වීඩියෝ ග්‍රහණය කරගැනීමට හැකියාව ඇත.

Wi-Fi: 802.11 සහ Bluetooth® 4.2 රැහැන් රහිත සම්බන්ධතා සහාය මෙහි ඇත. එසේම Pixel Slate යතුරු පුවරුව සඳහා වන කනෙක්ටරයට අමතරව 4K තිර ප්‍රතිදානය සඳහා, ශීඝ්‍ර දත්ත හුවමාරුව සඳහා සහ බැටරිය ආරෝපණය සඳහා USB-C පෝට් දෙකක්ද මෙහි තිබේ. සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක මෙන් 3-axis Gyroscope/Accelerometer, Ambient light sensor, Hall Effect Sensor යන සෙන්සරයන් මෙහි තිබේ.
මෙහි ආරක්ෂාව සඳහාද විශේෂ අවධානයක් යොමු කොට ඇති බව පෙනී යයි. Pixel Slate උපාංගයේ Pixel Imprint™ ඇඟිලි සළකුණු කියැවීමේ සෙන්සරයක් ඒ සඳහාම වෙන්වූ මයික්‍රෝ ප්‍රොසෙසර කොන්ට්‍රෝලරයක් සහිතව ස්ථාපනය කොට තිබේ. එසේම Titan™ ආරක්ෂක චිපයක් මෙහි ස්ථාපනය කොට ඇති අතර, ඒ මගින් ඔබේ සංවේදී තොරතුරු, මුරපද මෙන්ම සමස්ත මෙහෙයුම් පද්ධතියම සඳහා ආරක්ෂාව ලබාදේ.
ගූග්ල් සමාගම විසින් Pixel Slate උපාංගයේ බැටරි බලය සම්බන්ධයෙන්ද විශේෂයෙන්ම සඳහන් කරයි. මෙහි ඇති 48Wh බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට සාමාන්‍ය භාවිතය ඔස්සේ පැය 12 ක් පමණ බලය රැඳී පවතිනු ඇත. එසේම Fast recharge හැකියාව යටතේ ඔබට උපාංගය මිනිත්තු 15 ක් පමණ ආරෝපණය කොට, පැය දෙකක ක්‍රියාත්මක කාලයක් සඳහා බැටරි බලය ලබාගැනීමට හැකිවනු ඇත.
ශක්තිමත් ඇලුමිනියම් නිමාවකින් යුක්ත වන Pixel Slate උපාංගයේ බර ග්‍රෑම් 731ක් පමණ වන අතර, මෙය මිලිමීටර් 7ක් තරම් සිහින් නිමාවකින් යුක්ත වේ. මෙහි තිරයට Corning® Gorilla® Glass 5 පැනලයකින් අමතර ආරක්ෂාවක් සැපයී ඇත.

පරිශීලකයෙකුට Pixel Slate උපාංගය භාවිතා කිරීමේදී ආකාර දෙකක් ඔස්සේ එය හැසිරවීමේ විකල්පයන් Chrome OS මෙහෙයුම් පද්ධතිය වෙතින් ලබාදේ. ඒවා නම් මෙයට සම්බන්ධිත යතුරු පුවරුව සහ මවුසය සමගින් ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් ලෙසින් භාවිත කිරීම හෝ සම්පූර්ණ ටැබ්ලට් උපාංගයක් ලෙසින් ස්පර්ශ තිරය භාවිතයෙන් මෙය හැසිරවීම යන විකල්පයන් වේ. එසේම මේ සමගින් භාවිත කළ හැකි Pixelbook Pen ස්ටයිලස් උපාංගය සමගින් ඔබට මෙය ග්‍රැෆික් ටැබ්ලටයක් ලෙසින් භාවිත කළ හැකි අතර, තවත් බොහෝ කටයුතු ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සමස්තයක් ලෙසින් ගත් විට Pixel Slate යනු ආකර්ෂණීය, නවීන පෙනුමකින් සහ ප්‍රබල හැකියාවන්ගෙන් යුක්ත 2-in-1 උපාංගයකි. කෙසේ නමුත් දෘඩාංග බලය අතින් මෙන්ම Chrome OS මෙහෙයුම් පද්ධතියෙන් ලබාදෙන හැකියාවන් සමගින්ද බැලූ විට කිව හැක්කේ මෙයට තවත් දියුණු වීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවයි.

Lexar JumpDrive Fingerprint F3
March 17, 2019
No comments
ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.
එම ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ, අප ඕනෑම අයෙකු අත ඇති සාමාන්‍ය දෙයක් බවට Pen Drive පත්වීම නිසාවෙනි.
මෙම Pen Drive එකක ඔබ රැගෙන යන දත්ත මුරපද යොදා ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම තිබුණත්, ඒ එකකින් හෝ අතිශයින්ම සංවේදී දත්ත වෙත සැබෑ ආරක්ෂාවක් ලබා නොදෙයි. එය එසේ වුවත්, මෙම උපාංගය හඳුන්වා දී ඇත්තේ එම තත්ත්වය වෙනස් කිරීමටය. මෙය ඔබේ ඇඟිලි සලකුණ කියවිය හැකි fringe print සෙන්සරයකින් යුතු අතර, නිවැරදි ඇඟිලි සලකුණ නොමැතිව එහි දත්ත වෙත ප්‍රවේශ වීමට කිසිදු හැකියාවක් ලබානොදෙන නවීන Pen Drive එකක් ලෙසද ෙමය හැඳින්විය හැක.

මෙම Pen Drive උපාංගය භාවිත කිරීම සඳහා ඔබට කිසිදු අමතර මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම 256-bit AES විකේතන ආරක්ෂාව ඇති මෙහි 128GB ධාරිතාවය ඔබට අවශ්‍ය ඕනෑම ගොනුවක් සුරක්ෂිතව එහාමෙහා ගෙන යෑම සඳහා ප්‍රමාණවත් වනු ඇත. එසේම මෙහි නිෂ්පාදකයන්ට අනුව ඔබේ ඇඟිලි සලකුණ කියවා, එය නිවැරදි දැයි සනාථ කරගැනීමට මෙහි සෙන්සරයට ගතවන්නේ තත්පරයක කාලයකි. එසේම ඔබට අවශ්‍ය නම් මෙම Pen Drive එකේ දත්ත වෙත ප්‍රවේශ විය හැකි පරිශීලකයන් උපරිම දසදෙනෙකුගේ ජෛවමිතික දත්ත මෙහි සුරක්ෂිත කළ හැක. එසේම ජෛවමිතික දත්ත ඇතුළත් කිරීම සඳහාද මුරපද ආරක්ෂාව ලබාදිය හැක.