NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

20 March 2019

PHP වල ඉතිහාසය

මුලින්ම මේ PHP කියන භාෂාව නිර්මාණය වෙන්නේ 1995 වර්ශයේදී. ඒ කියන්නේ මේ ආසන්න කාලවකවානුවකදී නිර්මාණය වූ භාෂාවක් විදියට අපිට PHP සලකන්න පුළුවන්. ඒ වගේම මෙහි පීතෘත්වය හිමිවෙන්නේ Rasmus Lerdorf නැමති පරිගණක ක්‍රමලේඛන ශිල්පියාට.

ඔහු විසින් නිර්මාණය කර තිබූ තමන්ගේ පෞද්ගලික වෙබ් පිටුවකට පැමිණි නරඹන්නන් (Visitors) ගණන තමන්ට ලබා ගැනීමට හා එම අදාල පිටුවේ ප්‍රදර්ශණය කිරීමට ඔහු විසින් Perl/CGI පාදක කරගත් වැඩසටහනක් නිර්මාණය කරනු ලැබුවා.

මේ වෙබ් යන දෙය ඉතාමත් ප්‍රාථමික අවධියක තිබූ කාලයක්. ඔහුගේ වෙබ් පිටුවේ තිබූ මේ හැකියාව දුටු බොහෝ දෙනෙක් ඔහුට විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කලා මේ හැකියාව ලබාදුන් ආකාරය ගැන විමසමින්.

ඒ සියල්ලටම නොමිලේ තමන් නිර්මාණය කල පරිගණක වැඩසටහන ලබාදෙන්නටත් එය Personal Home Page (PHP) යනුවෙන් නම් කරන්නටත් ඔහු පෙලඹුනා. එදින ඔහු විසින් නොමිලේ එය ලබා දුන් නිසා තමයි අද අපටත් PHP භාෂාව කිසිදු මුදලක් නොගෙවා භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ.

ඒ වගේම එම පුද්ගලයන්ගෙන් ලැබුණ පෙලැඹවීම මත තව දුරටත් මේ වැඩසටහන් දියුණු කිරීමටත් Perl පාදක කරගත් මෙම වැඩසටහන C භාෂාවෙන් නැවතත් සකස් කිරීමටත් ඔහු ක්‍රියා කල අතර වෙබ් අඩවියක ඇතුලත් HTML Form එකක් මඟින් ලබාගන්නා දත්තයන් පාදක කරගෙන ක්‍රියා කල හැකි ආකාරයෙන් නිපදවූ PHP 2.0 සංස්කරණය 1997 වසරේදී ඔහු විසින් PHP/FI (Personal Home Page/Form Interpreter) යනුවෙන් ඉදිරිපත් කලා.

එමෙන්ම මේ කාලය වන විට ඔහුත් සමඟ තවත් ක්‍රමලේඛකයන් පිරිසක් එකතු වෙමින් සිටියා PHP නම් වූ මේ නව පරිගණක භාෂාව වැඩි දියුණු කිරීමට ඔහුට උපකාරී කිරීමට. නමුත් ඔහුගේ මූලික අදහස වූ HTML හා අන්තර්ක්‍රියාකාරීත්වය මෙම භාෂාවෙන් ඔහු කිසිවිටකත් ඉවත් කලේ නැහැ. ඒ අනුව යමින් තමා අපට අද PHP හා HTML එකතු වී ක්‍රියාකරනා වෙබ් පිටු නිර්මාණය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ.

1998 වන විට PHP 3.0 වන සංස්කරණය නැවතත් ලියවූ හරයක් (core) සහිතව ඉදිරිපත් කිරීමට මෙම ක්‍රමලේඛකයන් කණ්ඩායමට හැකියාව ලැබුනා. ඒ වන විට ඔවුන් සතුව තිබූ දත්තයන් අනුව 50 000කටත් වඩා පිරිසක් තමන්ගේ වෙබ් අඩවි වලට මෙම නව පරිගණක භාෂාව යොදාගනිමින් තිබුනා. ඒ පන්නරයද එකතු කරගෙන තවත් වැඩි දියුණු කිරීම් වලට ලක් කල මෙම PHP භාෂාවට නව මංපෙතක් විවර කරදීමට Zend ක්‍රමලේඛනයන් (PHP extension ලිවීමට භාවිතා කරයි) Zeev Suraski හා Andi Gutmans විසින් නැවත ලියූ PHP 4.0 සංස්කරණයත් සමඟින් එලිදැකිවීමට කටයුතු කලා.

මෙම 4.0 සංස්කරණයත් සමඟ OOP එලිදැකීවීමත් සිදුවුනා. (PHP සඳහා) එමෙන්ම මයික්‍රොසොෆ්ට් මෘදුකංගයන් පාදක කරගත් සර්වර් පරිගණක සඳහා PHP භාවිතා කිරීමට හැකි වන ආකාරයේ ISAPI සහයද ලබා දුන්නා. ඊට අමතරව වඩාත් වැදගත් ඒවා ලෙසින් mCrypt හා Session handling සිදුකිරීමේ හැකියාවද 4.0 වන සංස්කරණයේ දක්නට ලැබුනා.

ඉන්පසුව PHP 5.0 සංස්කරණය එලි දැකීවීමට කටයුතු කල අතර, එය වඩාත් වැඩි දියුණු කිරීම් සමඟින් Error handling හැකියාව (දියුණු භාෂාවල දක්නට ලැබෙන) ලබා දුන්නා. security space ආයතනයේ සංඛ්‍යා ලේඛන අනුව Apache භාවිතා කරන ඒවායින් 54%කම අනිවාර්ය මොඩියුලයක් ලෙසින් PHP දක්නට ලැබෙනවා. එනම් වඩාත්ම වැඩි අගය හිමි වී තිබෙන්නේ PHP මොඩියුලය සඳහා.

PHP 6.0 සංස්කරණයෙන් එයට Unicode හැකියාව එක් කිරීම PHP වල භාවිතාව ඉහල යෑමට හේතු වූ කාරණයක් ලෙසින් සැලකිය හැකියි.

0 comments:

Post a Comment

Write your comment and submit as a massage