2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

20 March 2019

WAMP server භාවිතයෙන් PHP ක්‍රමලේඛනය

WAMP server මෘදුකාංගය භාවිතයෙන් මෙය සඳහා ඔබට (Windows පාදක කරගත් මෙහෙයුම් පද්ධති මත) Wamp server මෘදුකාංගය භාගත කරගැනීම අවශ්‍ය වෙනවා. එය මෙම සබැදියෙන් භාගත කරගන්න. http://www.wampserver.com/en/#download-wrapper මම මෙය ඉදිරියට කරගෙන යාමට භාවිතා කරන්නේ WAMP 2.0 සංස්කරණයයි. එය සාමාන්‍ය මෘදුකාංගයක් ඇතුලත් කරගන්නා අයුරින් ඇතුලත් කරගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම එය සිදුකරගන්නා ආකාරය පහත සබැඳියෙන්  http://119sinhala.blogspot.com/2012/10/wamp-joomla-install.html එසේනම්...

PHP වල ඉතිහාසය

මුලින්ම මේ PHP කියන භාෂාව නිර්මාණය වෙන්නේ 1995 වර්ශයේදී. ඒ කියන්නේ මේ ආසන්න කාලවකවානුවකදී නිර්මාණය වූ භාෂාවක් විදියට අපිට PHP සලකන්න පුළුවන්. ඒ වගේම මෙහි පීතෘත්වය හිමිවෙන්නේ Rasmus Lerdorf නැමති පරිගණක ක්‍රමලේඛන ශිල්පියාට.ඔහු විසින් නිර්මාණය කර තිබූ තමන්ගේ පෞද්ගලික වෙබ් පිටුවකට පැමිණි නරඹන්නන් (Visitors) ගණන තමන්ට ලබා ගැනීමට හා එම අදාල පිටුවේ ප්‍රදර්ශණය කිරීමට ඔහු විසින් Perl/CGI පාදක කරගත් වැඩසටහනක් නිර්මාණය කරනු ලැබුවා.මේ වෙබ් යන දෙය ඉතාමත් ප්‍රාථමික අවධියක තිබූ කාලයක්. ඔහුගේ වෙබ් පිටුවේ තිබූ මේ හැකියාව දුටු බොහෝ දෙනෙක් ඔහුට විද්‍යුත් තැපැල්...

17 March 2019

Microsoft Surface පවුලේ නව බජට් සාමාජිකයා

    මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කළ Surface ස්පර්ෂ තිර ලැප්ටොප් උපාංග පෙළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එහි ඇති ඵලදායිතාව ඉහළ නංවන බහුවිධ නිපුණතාවන්, හොඳ බැටරි බලය සහ නිහඬ එහෙත් මනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. කෙසේ නමුත් මෙම Surface උපාංගයන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන ඉහළ මිල නම් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගැනීමට සමර්ථ නොවුණි. මෙහි ගැටලුව වූයේ මෙම උපාංගයන් අධික මිලකින් යුතු වීම නිසා ඉහළ පෙළේ වෘත්තිකයින් හැරෙන්නට වෙනත් අය හට,...

ස්මාට් ස්පීකර් ලෝකය තවත් පරම්පරාවකින් ඉදිරියට

ඇමසන් සමාගම මගින් නිර්මාණය කළ ස්මාට් ස්පීකරය වන Amazon Echo සමගින් ලෝකයේ ජනප්‍රිය වූ ස්මාට් ස්පීකර් සංකල්පය තවදුරටත් ලෝකයට ආගන්තුක නොවේ. එපමණක් නොව රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාට්ෆෝනයක් මෙන්ම ස්මාට් ස්පීකරයක්ද නිවසක සාමාන්‍යයෙන් තිබෙනා උපාංග බවට පත්වෙමින් පවතී. පසුගිය වසරේදී ඇමසන් සමාගම උත්සුක වූයේ හඬින් පමණක් සන්නිවේදනයේ යෙදෙන ස්මාට් ස්පීකර් උපාංගයට වීඩියෝ තිරයක්ද ලබාදීමටයි. පසුගිය වසරේදී Amazon Echo Show උපාංගය එළිදැක්වෙන්නේ ඒ අනුවයි. දැන් මෙම...

නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගන්න එපා

නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ජංගම දුරකතන හා පරිගණක ආශ්‍රිත උපාං මගින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රී...

වඩාත් පහසු කියැවීමක්

මේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන්ධයෙන් ගත් විට තවමත් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ පැරණි ක්‍රමයට මුද්‍රිත පොතක් කියැවීමට බව නොරහසකි. මුද්‍රිත පොතක් වෙනුවට ස්මාට්ෆෝන් හෝ ටැබ් එකක යෙදුමක් ඔස්සේ කියැවිය හැකි ඊ-පොතක් සාර්ථක නොවන බවට අප සැමදෙනාටම එකඟ වීමට හැක. එසේ වුවත් ඊ-පොත් කියැවීම සඳහාම නිර්මාණය වූ ඊ-බුක් රීඩරයන් වෙනුවට මුද්‍රිත පොත් ‍තෝරාගන්නා බොහෝ දෙනෙකු ඒ සඳහා ඉදිරිපත්...

ටැබිලට් හා නෝට්බුක් දෙමුහුම් උපාංග අතර නවතම තරගකරු

     2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත් බොහෝ දෙනෙකු එය භාවිත කළේ ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පුද්ගල පරිගණකයකට විකල්පයක් ලෙසින් නොවේ. පුද්ගල පරිගණකයකට වඩා ජංගම ගුණයෙන් යුතු වීම නිසාත්, වඩාත් හුරුබුහුටි වීම නිසාත් ටැබ්ලට් උපාංගයක් පරිගණකයකින් ඉ‍ටු කරගන්නා විනෝදාස්වාද කටයුතු හෝ අන්තර්ජාල සැරිසැරීම් හෝ ඊමේල් පරීක්ෂා කිරීම් වැනි කරුණු සඳහා බොහෝ දුරට...

Lexar JumpDrive Fingerprint F3

ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත ‍රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.  එම ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ, අප ඕනෑම අයෙකු අත ඇති සාමාන්‍ය දෙයක් බවට Pen Drive පත්වීම නිසාවෙනි.මෙම Pen Drive එකක ඔබ ‍රැගෙන යන දත්ත මුරපද...

අනාගත චිත්‍ර ශිල්පීන් සහ නිර්මාණකරුවන් වෙනුවෙන්

ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන වශයෙන් මෙම උපාංගයන් දෙක අතර ඇති වෙනස වන්නේ, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් යනු ස්පර්ෂ තිරයකින් යුතු සම්පූර්ණ පරිගණකයක් වීමත්, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු විශේෂිත ස්ටයිලස් පෑනක් යොදාගනිමින් චිත්‍ර හෝ වෙනත් ඇඳීම් කිරීමට හෝ ලිවීමට හැකි, වඩාත් සංවේදී ස්පර්ෂ තිරයක් සහිත ඩිජිටල් උපාංගයක් වීමත් වේ. කෙසේ වෙතත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක අඳිනා හෝ ලියනා දෑ සැකසීම්...

ස්මාට්ෆෝන් පරිණාමයේ නව නැම්මක්

ප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණක් බව විශ්වාස කළ හැකිද? සුඛෝපභෝගී උපාංගයක් ලෙසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබුණු ස්මාට්ෆෝන් උපාංගයන්, සෑම අයෙකුගේම අත ඇති උපාංගයක් බවට පත් කරන්නට පුරෝගාමියෙකු වූයේ සැම්සන්ග් සමාගමේ ගැලැක්සි උපාංග පෙළ බවට සනාථ කරන්නට අටුවා ටීකා අනවශ්‍යය. කෙසේ වෙතත් ප්‍රථම ගැලැක්සි උපාංගයෙන් ආරම්භ වූ ගමන, ස්මාට්ෆෝන් උපාංගයන්ගේ ශීඝ්‍ර පරිණාමය සමගින් අද Galaxy Fold දක්වා පැමිණ ඇත. පසුගිය වසර පුරාවටම...